zoom වල ගිණුමක් හදාගැනීමට ලියාපදිංචි වෙන්නෙ කොහොමද?

 zoom වල ගිණුමක් හදාගැනීමට ලියාපදිංචි වෙන්නෙ කොහොමද?

මීට පෙර අප සාකච්ඡා කරපු විදිහට මේ වෙද්දි ඔබ සාර්ථක ලෙස zoom මෘදුකාංගය ස්ථාපනය කරගෙන ඇති. තවමත් ස්ථාපනය කරගෙන නැත්නම් මෙතනින් වැඩිදුර දැනගන්න. ඔන්ලයින් පන්තියක් පැවැත්වීමට ZOOM මෘදුකාංගය ස්ථාපනය කරන්නේ කෙසේද?

මීළඟට ඔන්ලයින් පන්තිය ආරම්භ කිරීමට කලින් අපට අවශ්‍ය වෙනවා zoom මෘදුකාංගය සමඟ ලියාපදිංචි වීමට. ලියාපදිංචි වෙන්න ඕනෙ එක වතාවක් පමණයි. මේ සඳහා ඔබ සතුව ඊමේල් ලිපිනයක් පැවතීම අත්‍යාවශ්‍යයි. අනිවාර්යයෙන් ම ඒකෙ මුරපදය මතක තියෙන්නත් ඕනෙ. නැත්නම් වැඩේ අසාර්ථක වෙනවා.

මෙහි උදාහරණ දැක්වීමේදී ජංගම දුරකථනයකින් zoom ඇප් එක ස්ථාපනය කරන ආකාරය දක්වා ඇති අතර ඔබගේ පරිගණකයෙන් ලියාපදිංචි වීමේදී ත් මෙවැනිම ආකාරයකට සිදු කළ හැකිය.zoom ඇප් එක තුළට පිවිසෙන ඔබට මුලින් ම මේ වගේ අතුරුමුහුණතක් ලැබේවි. එහි Sign Up යන්න මත ක්ලික් කරන්න.

zoom වල ගිණුමක් හදාගැනීමට ලියාපදිංචි වෙන්නෙ කොහොමද? WhatsApp Image 2021 05 23 at 3.15.12 PM

අනතුරුව ඔබට ලැබෙන්නේ ඔබගේ උපන්දිනය ඇතුළත් කිරීමටයි. එහි ඔබගේ නිවැරදි උපන්දිනය ඇතුළත් කරන්න.ඉන්පසුව Set ලෙස ඇති බොත්තම ඔබන්න.

zoom වල ගිණුමක් හදාගැනීමට ලියාපදිංචි වෙන්නෙ කොහොමද? WhatsApp Image 2021 05 23 at 4.37.44 PMzoom වල ගිණුමක් හදාගැනීමට ලියාපදිංචි වෙන්නෙ කොහොමද? WhatsApp Image 2021 05 23 at 4.37.44 PM 1

මීළඟ පිටුවේ දී ඔබගේ නම සහ විද්‍යුත් තැපැල් ලිපිනය විමසන අතර ඒවා නිවැරදි ව ඇතුළත් කර Sign Up බොත්තම ඔබන්න.zoom වල ගිණුමක් හදාගැනීමට ලියාපදිංචි වෙන්නෙ කොහොමද? WhatsApp Image 2021 05 23 at 4.48.29 PM 1

දැන් ඔබට පහත ආකාරයේ පිටුවක් දිස් වේවි. මෙහි කියවෙන්නේ ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය තහවුරු කරගැනීම සඳහා ඔවුන් විසින් විද්‍යුත් තැපැල් ලිපියක් යොමු කර ඇති බවයි. එවිට ඔබගේ විද්‍යුත් තැපැල් ගිණුමට ඇතුල් වී පරීක්ෂා කර බලන්න. zoom ආයතනයෙන් නව විද්‍යුත් තැපැල් ලිපියක් ලැබී නොමැති නම් පමණක් Resend another email මත ක්ලික් කරන්න.zoom වල ගිණුමක් හදාගැනීමට ලියාපදිංචි වෙන්නෙ කොහොමද? WhatsApp Image 2021 05 23 at 4.48.29 PM

ඔබගේ විද්‍යුත් තැපැල් ගිණුම විවෘත කර බැලූ විට මෙවැනි විද්‍යුත් තැපැල් ලිපියක් දැකගැනීමට ලැබේවි. එහි ඇති රතු පැහැ Activate Account බොත්තම ක්ලික් කරන්න.
zoom වල ගිණුමක් හදාගැනීමට ලියාපදිංචි වෙන්නෙ කොහොමද? WhatsApp Image 2021 05 23 at 4.37.44 PM 2

zoom වල ගිණුමක් හදාගැනීමට ලියාපදිංචි වෙන්නෙ කොහොමද? WhatsApp Image 2021 05 23 at 4.37.44 PM 3

දැන් ඔබේ ගිණුම බොහෝ දුරට සූදානම්. මීළඟට ඔබගේ නම සහ මුරපදය යොදා මීළඟ පිටුව සම්පූර්ණ කරන්න. මෙහිදී සැළකිලිමක් විය යුුතු ප්‍රධාන කරුණක් වන්නේ, ඔබ විසින් යොදනු ලබන මුරපදය ආරක්ෂිත එකක් වියු යුතුයි. ඒ සඳහා ඔබට උපදෙස් ලැබේවි. එහි අන්තර්ගත කරුණු පහත දැක්වේ. අවම වශයෙන් අක්ෂර 08 ක් වත් පැවතීම.

එක් අකුරක්වත් පැවතීම. (කැපිටල් සහ සිම්පල් ලෙස අක්ෂර කිහිපයක් පැවතීම වඩා හොඳයි)

එක් ඉලක්කමක්වත් තිබීම.
මීට අමතරව එම මුරපදය සඳහා ඔබේ උපන්දිනය/ ජාතික හැඳුනුම්පත් අංකය වැනි සංවේදී දත්ත භාවිතා නොකරන්න.

zoom වල ගිණුමක් හදාගැනීමට ලියාපදිංචි වෙන්නෙ කොහොමද? WhatsApp Image 2021 05 23 at 4.37.44 PM 4

ඔබ රොබෝවරයෙක් නොවන බව තහවුරු කිරීම සඳහා I’m not a robot ඉදිරියේ හරි ලකුණ යොදන්න. අනතුරුව විමසා ඇති Are you signing up on behalf of a primary of secondary (K-12) institution? යන ප්‍රශ්නයට No ලෙස තෝරන්න. අවසානයේ Continue බොත්තම ඔබන්න.

මීළඟට ඔබගේ zoom පන්තිය හෝ රැස්වීම සඳහා විද්‍යුත් තැපැල් මාර්ගයෙන් ආරාධනා කිරීමට හැකියි. එසේ විද්‍යුත් තැපැල් ලිපින නොදන්නේ නම්, Skip this step බොත්තම ඔබන්න.

zoom වල ගිණුමක් හදාගැනීමට ලියාපදිංචි වෙන්නෙ කොහොමද? WhatsApp Image 2021 05 23 at 4.37.45 PM

දැන් අන්තිම පියවර විදිහට meeting එකක් අත්හදා බැලීමට ඔබට හැකියි. ඒ සඳහා එහි දැක්වෙන ලිංකුව පිටපත් කරගෙන හිතවතෙකු වෙත යවන්න. මේ සඳහා වට්සැප් වැනි පණිවිඩ යැවිය හැකි ක්‍රමයක් යොදා ගන්න. ඔහුට/ ඇයට ආරාධනා කරන්න මිනිත්තු කිහිපයක් ඔබ සමඟ zoom ඔස්සේ සංවාදයේ යෙදීමට පැමිණෙන ලෙස. දැන් ඔබේ මිතුරා සූදානමින් සිටින බව දැන්වූ විට Start Meeting Now බොත්තම ඔබා සංවාදය ආරම්භ කරන්න.දැන් ඔබ සාර්ථක ලෙස zoom හි ලියාපදිංචි වී ඇති අතර පෙර ලිපියක ද විස්තර කර ඇති පරිදි zoom පන්තිය මෙහෙයවන ඔබ host ලෙස හැඳින්වේ. ඔබ විසින් සංවාදය/ පන්තිය සැලසුම් කළ පසු ලැබෙන ලින්ක් එක සිසුන්ට යැවීමෙන් ඔවුන් ඔබේ ඔන්ලයින් පන්තියට සහභාගී කර ගත හැකියි.

මීලඟ ලිපියකින් ඔබේ පළමු zoom ඔන්ලයින් පන්තිය ආරම්භ කරන අයුරු සාකච්ඡා කරමු. එතෙක් මේ ලිපිය තුළින් ඔබ ලබා ගත් දැනුම මිතුරන් සමඟ බෙදා ගනිමු.

ලක්මිණ ජයමාල්

https://edutalk.lk

එඩියුටෝක් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.