“යොන් මැරීම” හෙවත් ජාතිවාදීන් සමූලඝාතනය කිරීමේ ජන ක්‍රීඩාව

 “යොන් මැරීම” හෙවත් ජාතිවාදීන් සමූලඝාතනය කිරීමේ ජන ක්‍රීඩාව

දවස් කිහිපයකට කලින් ගමේ වැඩිහිටියෙක් මගෙන් කවි දෙපදයක් කියලා ඇහුවා ඒකට අදාළ පැරණි ක්‍රීඩාවක් දන්නවද කියලා. එතකොට තමයි මටත් මේක ආපහු මතක් උනේ. පුංචි කාලෙ අහල තිබ්බ සෙල්ලමක්. නමුත් ඔළිඳ කෙලිය, එළුවන් කෑම වගේ ජන ක්‍රීඩා ගැන අහලා, සෙල්ලම් කරලා තිබුණට මේ කියල දෙන්න යන ක්‍රීඩාව පාසල් වලදී නම් උගන්නන එකක් නෙවෙයි. ඒ නිසා එතරම් ප්‍රචලිත ක්‍රීඩාවකුත් නෙවෙයි. කෙටියෙන් හැඳින්වුවොත් මේක ක්‍රීඩාවක්, ගණිත ගැටලුවක් වගේම සාහිත්‍යමය වටිනාකමක් තියෙන දෙයක් විදිහට හඳුනාගන්න පුලුවනි.

"යොන් මැරීම" හෙවත් ජාතිවාදීන් සමූලඝාතනය කිරීමේ ජන ක්‍රීඩාව old muslims in sri lanka
අපේ රටේ පැරණි යෝනකවරු

එහෙනම් අපි දැන් මොකක්ද මේ “යොන් මැරීම” කියන්නෙ කියලා විමසා බලමු. යොන් කියලා හඳුන්වන්නේ “යෝනක” යැයි කියන මුස්ලිම් ජාතිකයින්ට කියලා බොහෝ දෙනෙක් කියනවා. ඊට අමතරව තවත් සමහරු යෝනක කියන්නේ ග්‍රීකයොන්ට කියලත් අදහස් කරනවා. කෙසේ නමුත් යොන් කියලා හඳුන්වන්නේ කිසියම් ජන කොට්ඨාසයක් බව මතක තියාගත්තම මේ ක්‍රීඩාව සඳහා ප්‍රමාණවත්. අනික් කාරණාව තමයි “යොන් මැරීම” කියලා කිව්වට මිනිස්සු මරණ භයානක සෙල්ලමක් එහෙම නෙවෙයි.

අමතර දෙයක් කියන්නම්. අපි එළුවන් කෑම ජන ක්‍රීඩාව කරද්දි ගායනා කරන කවි වලින් ඇඟවෙන්නෙත් අතීතයේ අපේ රට ආක්‍රමණය කරන්න ආපු සුද්දව උපහාසයට ලක් කිරීම අදහස් කරගෙන හදපු කවි කියලා මං අහලා තියෙනවා. ඒ අනුව තමයි එළුවන් කන්න ඉල්ලා සිටින සුද්දා හට එළු බෙටි කාපන් ලෙසින් උපහාසයට ලක් කරන්නෙ.

මේ සෙල්ලමට අදාළ පසුබිම් කතාවකුත් තියෙනවා. දැන් කියන්න හදන්නෙ ඒ කතාව.

ඔන්න එකමත් එක දවසක යෝනක මිනිස්සු පහළොස් දෙනෙකුයි සිංහල මිනිස්සු පහළොස් දෙනෙකුයි නැවක ගමන් කරමින් හිටියා. නැවේ කපිතාන් සිංහල මනුස්සයෙක්. ඉතින් මේ අයට ලොකු කුණාටුවකට මුහුණ දෙන්න සිද්ධ උනා. නැවේ තිබ්බ ආහාර, බඩු බාහිරාදිය සේරම මුහුදට දාලවත් නැව පාලනය කරගන්න බැරි උනා. මේ අතරේ යෝනක මිනිස්සු වෙනම කණ්ඩායමක් හැදිලා ජාතිවාදී විදිහට කටයුතු කරල ඒ අය විතරක් බේරෙන්න උත්සාහ කරන බවක් පෙනුනා. මේ බව දැක්ක තපිතාන් හැමෝටම එන්න කියලා කිව්වේ නැවේ ඉන්න පිරිසෙන් බාගයක් මුහුදට බිලි වෙලා නැව බේරගන්න කියලා. ඉතින් කවුද කැමති වෙන්නෙ මුහුදට බිලි වෙන්න? අවසානෙදි කපිතාන් විසින් මේ පිරිස රවුමට හිටගස්වනවා. ඊළඟට කරන්නෙ තමන් ඉන්න තැනින් පටන් අරගෙන එකයි, දෙකයි, තුනයි කියලා ගැනගෙන ගිහින් 09 වෙනියව මුහුදට දානවා. ඉතින් මේක අහඹු ලෙස සිද්ධ වෙන දෙයක් නිසා හැමෝම එකඟ වෙනවා.

නමුත් පහළොස් වතාවක් ගණන් කරලා අවසන් වෙලා බලද්දි ජාතිවාදී විදිහට කටයුතු කරපු යෝනකයො සියල්ල මුහුදට දාලා සිංහල පිරිස විතරක් නැවේ ඉතුරු උනාලු. ඒ කියන්නෙ නැව් කපිතාන් කට්ටිය පේළියට තිබ්බෙ හිතාමතා මයි. නමුත් බලන කෙනෙක්ට හිතෙන්නෙ අහඹු සිද්ධියක් විදිහටයි. මේ කතන්දරේ මූලික කරගෙන තමයි “යොන් මැරීම” කියන ක්‍රීඩාව බිහි වෙලා තියෙන්නෙ.

ක්‍රීඩාව සිදු කරන්නෙ මෙහෙමයි.

මේ සෙල්ලම කරන්න ක්‍රීඩකයින් දෙදෙනෙක් උවමනා කරනවා. එක් ක්‍රීඩකයෙකුට ඉත්තෝ 15 බැගින් හිමි වෙනවා. මේ සඳහා ඇට වර්ග, ගල් කැට වගේ පහසු දෙයක් සපයා ගන්න පුලුවනි. ඊට පස්සෙ අහඹු විදිහට දෙන්නගෙම ඉත්තෝ මාරුවෙන් මාරුවට, රටාවක් පිළිවෙලක් නැතිව තනි රවුමක තියනවා. ඊට පස්සෙ පළවෙනි ක්‍රීඩකයා එකේ සිට නමය දක්වා ගණන් කරලා එන ඉත්තාව රවුමෙන් ඉවත් කරනවා. ඒ කියන්නෙ මුහුදට දානවා. ඊට පස්සෙ කලින් කෙනා මුහුදට දාපු ඉත්තට පස්සෙ ඉන්න ඊළඟ ඉත්තගෙන් එකයි කියලා පටන් අරන් නම වෙනියා මුහුදට දානවා. ඔහොම කරගෙන ගියාම අවසානෙට වැඩිපුරම ඉත්තෝ ඉතිරි වෙන කෙනා තමයි ජයග්‍රහණය කරන්නෙ. ඔළිඳ පෙත වගේ ලෑල්ලක සිදුරු 30ක් රවුමට හදපු පුවරුවකුත් ඉස්සර මේ වෙනුවෙන් තිබිලා තියෙනවලු.

"යොන් මැරීම" හෙවත් ජාතිවාදීන් සමූලඝාතනය කිරීමේ ජන ක්‍රීඩාව yon merilla

සිංහලයෝ පහළොස් දෙනා බේරා ගනිමු.

හැබැයි මේ සෙල්ලම කරද්දි, නැව් කපිතාන් කට්ටියව පෝලිමට තිබ්බ විදිහ දන්නවනම් තමන්ගේ ඉත්තෝ 15 දෙනාවම බේරගන්න පුලුවනි. හැබැයි ඒකට අනික් තරඟකරුවා මේ කතාව දන්නෙ නැත්නම් හරිම පහසුයි. ඒ සඳහා මේ ක්‍රීඩාවෙදි ගණිතය භාවිතා වෙනවා. ඒ තමයි නමය දක්වා ගණන් කිරීමේ දී ප්‍රතිවාදියාගේ ඉත්තෙක් මුහුදට බිලි වෙන විදිහට මුලින් ම පෙළ ගැස්වීම සිදු කරන්න අවශ්‍යයි. අනික් කාරණාව තමයි මේ ක්‍රීඩාවට අදාළ රටාව දන්නෙ නැත්නම් මනස වෙහෙසලා ඉත්තො ඉන්න රටාව හරියට හදාගන්න වෙනවා.

ඒ සඳහා පහත රටාව අනුගමනය කරන්න පුලුවනි. මේ රටාවේ රතු පාටින් ඉන්නේ යෝනකයෝ.

5 2 1 3 1 1 2 2 3 1 2 2 1

මේ අංක ගොඩ මතක තියාගන්නවට වඩා පහසු සහ සාහිත්‍යමය වටිනාකමකින් යුතු කවි යුගලයක් තියෙනවා. හරියට එළුවන් කෑම සෙල්ලමේ තියෙන කවි වගේ. නමුත් ඊට වඩා මේ කවි වල රහස් තේරුමක් තියෙන නිසයි වටින්නේ.

සදාපන්න පළමුව ජය වෙන සතර
ඊලඟ සදන් පණයන පස් දෙන නිතර
යාළු දෙන්නා ගාවා මයි එක සතුර
දැනගන් මිතුරු තුන් දෙනකුය ඒ අතර

නොහොඳ කෙනෙකි කුසලින් වැඩි එක යාළු
හතුරු දෙන්නා ලඟ දෙන්නත් ගැලවේලු
අකුසල් තුනින් කුසලින් වැඩි එක යාළු
හතුරු දෙන්නා ලඟ දෙන්නට එක මර ලු

එහෙනම් යාලුවොත් එක්ක සෙල්ලම කරලා බලන්නකෝ. ඒ වගේ ම අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ සමහරු කොච්චර අපිට වැරදි කරත් අපි ඒ අයට පෙරළා පහර දෙන්න, බනින්න, මරණයට පත් කරන්න වගේ දේවල් කරලා පලි ගන්න නරකයි කියලා මතක කියාගන්නත් ඕනෙ.

ලක්මිණ ජයමාල්

https://edutalk.lk

එඩියුටෝක් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

2 අදහස්

  • අද තමයි ඉස්සෙල්ලාම ඇහුවේ

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.