කවදාහරි යන්න හිතෙන අමුතුම පාරවල් ටිකක්

 කවදාහරි යන්න හිතෙන අමුතුම පාරවල් ටිකක්

මේ ලිපියෙන් අද වෙනසකටත් එක්ක රට රටවල් වල අමුතු අමුතු පාරවල් ටිකක් ගැන තමයි ඔබට හඳුන්වා දෙන්නෙ. මේවා ලංකාවෙ තියන පාරවල් නම් නෙවෙයි. වෙනත් පිටරටවල් වල තියෙන පාරවල් ටිකක්. අමුතු පාරවල් ලෝකේ ගොඩක් තියෙනවා. සමහර පාරවල් අමුතු වෙන්නෙ දුෂ්කරත්වය නිසා. සමහර පාරවල් ලස්සන නිසා. කොහොම උනත් මෙතන තියෙන්නෙත් අමුතුම අමුතු පාරවල් ටිකක්.

#1 –  ලෝකයේ වැඩිම ආනතියක් සහිත මාර්ගය

කවදාහරි යන්න හිතෙන අමුතුම පාරවල් ටිකක් 200408105238 01 steepest street guiness

නවසීලන්තයේ ඩනේඩින් වල පිහිටා ඇති මෙම මාර්ගයේ ඔබ තිරස්ව ගමන් ගන්නා සෑම මීටර 5 කටම වරක් එක් මීටරයක් සිරස්ව ගමන් කරන ආකාරයෙන් නිමවී තිබෙනවා. මෙම මාර්ගයේ ඇති වැඩිම බෑවුම ලෙස සැලකෙන්නේ අංශක 19° ක් ලු. මෙය බොහෝ සංචාරකයන්ගේ සිත් ඇදගන්න ස්ථානයක්.

#2 – ලෝකයේ වැඩියෙන්ම වංගු සහිත පාර

කවදාහරි යන්න හිතෙන අමුතුම පාරවල් ටිකක් VC Lombard Street gty 1158272202 RF 1280x640

මේ පාරටනම් ලංකාවෙ දහඅට වංගුව පරාදයි වගේ. ඇමෙරිකාවේ San Francisco හි ලොම්බර්ඩ් විදිය එහි ඇති ආනතියට වගේම තියුණු වංගු 8 ත් නිසා ඉතාම ප්‍රසිද්ධයි. බොහෝ සංචාරකයින් මෙම වංගු සහිත මාර්ගයේ වාහනයක් ධාවනය කිරීමට හෝ ඇවිදගෙන යාමට කැමැත්තක් දක්වයි.

#3 – ලෝකයේ පළල්ම මාර්ගය

කවදාහරි යන්න හිතෙන අමුතුම පාරවල් ටිකක් 3ac4aef5cd6727e2f34fe58b6f878b25 wonderful places le monde

ආජන්ටිනාවේ බුවනොර්ස් අයර්ස් හි පිහිටා ඇති මෙම මාර්ගය ඔවුන්ගේ නිදහස් දිනය සිහි කිරීම වෙනුවෙන් සකස් කරන ලද්දක්. මෙම මාර්ගය කිලෝමීටරයක් පමණ දිග වන අතර මාර්ගයේ එක් පැත්තකට මංතීරු 7 බැගින් තියෙනවා. ඒ කියන්නෙ දෙපැත්තටම 14ක් නේ. ඊට අමතර මෙම මාර්ගය දෙපස මංතීරු දෙකකින් සමන්විත මාර්ග දෙකක් තිබේ.

#4 – ලෝකයේ පටුම මාර්ගය

කවදාහරි යන්න හිතෙන අමුතුම පාරවල් ටිකක් spreuerhofstrase 410

ඔව්. ඒකේ නම නං කියාගන්න ටිකක් අමාරුයි කියලා දැක්කම පේනවනේ. මොනව වුනත් මේක තියෙන්නේ ජර්මනියේ. 1727 දී තමයි හදල තියෙන්නේ. මාර්ගයේ පටුම තැන සෙන්ටිමීටර 31ක් පමණ වෙද්දී පළල්ම තැන වෙන්නේ සෙන්ටිමීටර 50යි. මහත එක්කෙනෙක්ට නං යන්න ටිකක් අමාරු වෙයි.

#5 – ලෝකයේ දිගම පාර

යෝන්ගේ වීදිය ඔන්ටාරියෝ විල් ඉවුරේ සිට සිමොස් විල දක්වා දිවෙයි. එය ලෝකයේ දිගම මාර්ගය ලෙස ගිනස් වාර්තා පොතට එක් වී තිබිණ. දිගින් කිලෝමීටර 1896ක්.නමුත් මෙම වාර්තාව ගිලිහී යන්නේ මෙම මාර්ගය අධිවේගී මාර්ගයේ (Highway 11) කොටසක් ලෙස සැලකිය නොහැකි බව පැවසුණ නිසාවෙනි. නවතම වාර්තා වලට අනුව ඇමෙරිකාවේ Pan-American අධිවේගී මාර්ගය වාහන ධාවනය කළහැකි දිගම මාර්ග ජාලය ලෙස සැලකේ. මාර්ග ජාලයේ දිග කිලෝමීටර 48000ක්. ඇලස්කාවේ Prudhoe බොක්කේ සිට ආර්ජන්ටිනාවේ Ushuaia දක්වා දිවෙයි.

#6 – මාර්ගයක පිහිටා ඇති දිගම උමග

මෙය කිලෝමීටර 24.5ක් දිගින් යුක්තයි. මෙම උමං මාර්ගය නොර්වේ හි Lærdal සහ Aurland යන නගර දෙක යා කරයි. මංතීරු දෙකකින් සමන්විතය.

#7 – ලෝකයේ භයානකම පාර

කවදාහරි යන්න හිතෙන අමුතුම පාරවල් ටිකක් 1577208851231

බොලිවියාවේ ඇති මරණයේ පාර තමයි ලෝකයේ ඇති භයානකම පාර ලෙස සැලකෙන්නේ. පේනවනේ පාර පිහිටලා තියන හැටි. මේ නම යෙදෙන්නේ නිකන් නෙමෙයි. මේ පාරේදී වසරකට ජීවිත 200ක් 300ක් පමණ අහිමි වෙනවා.

#8 – ලෝකයේ වැඩියෙන්ම හිම මිදෙන පාර

කවදාහරි යන්න හිතෙන අමුතුම පාරවල් ටිකක් sea ice road north snowmobile hr

ඇන්ටාර්ක්ටිකාවේ පිහිටා ඇති සැතපුම් 995ක් (1,601 km) ක් දිගැති මෙම මාර්ගයේ තමයි වැඩිපුරම හිම මිදෙන මාර්ගය වෙන්නෙ. මෙම පාර සලකුණු කරලා තියෙන්නේ කොඩි වල ආදාරයෙන්.

#9 – ලෝකයේ කම්මැලිම පාර

කවදාහරි යන්න හිතෙන අමුතුම පාරවල් ටිකක් nullarbor1

ඕස්ට්‍රේලියාවේ පිහිටා ඇති කිලෝමීටර 1664ක් දිග මෙම මාර්ගය බටහිර සහ දකුණු ඔස්ට්‍රේලියාව නලබෝර් තැන්න හරහා යා කරයි. නගර කිහිපයක් පමණක් මෙම මාර්ගය දෙපස පිහිටා ඇති අතර පරිසරයේ සැලකිය යුතු තරම් වෙනසක් අපිට දැකගන්නට ලැබෙන්නේ නෑ. වටේ පිටේ බලන්නවත් දෙයක් නැති හින්ද ලෝකේ තියන කම්මැලිම එහෙමත් නැත්නම් මෙලෝ රහක් නැති පාර කිව්වත් වරදක් නෑ.

#10 – ලෝකයේ වැඩිම උසකින් පිහිටා ඇති මාර්ගය

ලෝකයේ උසම පාර වැටි ඇත්තේ ලෝකයේ උසම පාලම මතින්. මෙම පාරේ උසම තැනට පොලොවේ ඉඳල උස මීටර 343ක්. නැත්තන් අඩි 1,125ක්.

ලක්මිණ ජයමාල්

https://edutalk.lk

එඩියුටෝක් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply