විශ්වවිද්‍යාල පාඨමාලා තෝරගන්න හරිම ලේසියි. මෙන්න අලුත් ම මෘදුකාංගය
උසස්පෙළ විභාගය සමත්වෙලා විශ්ව විද්‍යාල වරම් ලබන්න ආසාවෙන් ඉන්න දරු දැරියන් මුහුණ දෙන ලොකු ම ගැටලුව තමයි “කැම්පස් පොත” පුරවන්නෙ කොහොමද කියන එක. මේ අවස්ථාව කොච්චර වැදගත් ද කියනවනම් සමහරු තමන්ගෙ ජීවිතයට මේකෙන් වෙනස් කර ගන්නවා. සමහරවිට ඔබ දන්නා යම් කිසි විශ්වවිද්‍යාල පාඨමාලාවක් සඳහා සුදුසුකම් නොලැබුණු අවස්ථාවක උනත් ඔබේ ප්‍රතිඵලය අනුව වෙනත් විශ්වවිද්‍යාලයක ඉතා හොඳ පාඨමාලාවක් සඳහා සුදුසුකම් ලබන්න හැකියාව ලැබෙනවා. හැබැයි ඒකට ඉතා හොඳින් විශ්ව විද්‍යාල ප්‍රවේශ අත්පොත අධ්‍යයනය කිරීම ඉතා වැදගත්. ඒ අත්පොත සම්පූර්ණයෙන් ම කියවලා පාඨමාලා හොයනවා කියන්නෙ පිස්සු හැදෙන වැඩක් කියලා හැමෝම දන්න කාරණාවක්. නමුත් මේ ලිපිය ඔබේ විශ්වවිද්‍යාල සිහිනය යථාර්ථයක් කර ගැනීමට උපකාර වේවි.
ඉතින් මේ වැඩේ ලේසි කරන්න විශ්ව විද්‍යාල ප්‍රවේශ මෘදුකාංගය 2020/2021 නමින් අලුත් මෘදුකාංගයක් හඳුන්වාදීල තිබෙනවා. එය නිර්මාණය කරල තියෙන්නෙ අධ්‍යාපන ක්ෂේත්රයට අදාලව බොහෝ වටිනා මෘදුකාංග රාශියක් නිර්මාණය කරපු පාලිත බද්දේගම මහතා විසින්. එතුමා තමයි අපි හැමෝම දන්න digital School Bell මෘදුකාංගයේ නිර්මාතෘවරයා.
මෘදුකාංගයක් කිව්වම සල්ලි ගෙවන්නත් වේවි නේද? නැහැ. මෙය සම්පූර්ණයෙන් ම නොමිලේ ලැබෙන මෘදුකාංගයක්. ගොනුවේ ප්‍රමාණය මෙගාබයිට 13.5ක් පමණයි. වසර කිහිපයක පටන් සුවහසක් විශ්වවිද්‍යාල සිසුන් සඳහා උපකාරී වූ මෙම මෘදුකාංගයේ නවතම අනුවාදනය මේ වන විට නිකුත් වී තිබෙනවා.
විශ්වවිද්‍යාල තෝරා ගැනීමට කැම්පස් පොත මෘදුකාංගයක් ආධාරයෙන් පුරවමු.
1. මුලින් ම අපි මෘදුකාංගය බාගත කරගනිමු. ඒ සඳහා මෙතන ක්ලික් කරන්න.
2. දැන් මෘදුකාංගය ඔබේ පරිගණකයේ ස්ථාපනය කරගනිමු. සාමාන්‍ය ආකාරයට ම සොෆ්ට්වෙයා ෆයිල් එක උඩ Double Click කරලා ස්ථාපනය ආරම්භ කරන්න. Next විධානය ලබා දෙමින් ඉදිරියට යන්න. අවසානයේ දී ඔබට Finish බොත්තම ලැබේවි. එය ක්ලික් කිරීමෙන් මෘදුකාංගය ස්ථාපනය කිරීම අවසානයි.
3. දැන් ඔබේ ඩෙස්ක්ටොප් එකෙහි පහත ආකාරයට දිස්වේවි. එය Double Click කිරීමෙන් මෘදුකාංගය විවෘත කරගැනීමට හැකියි.
4. දැන් අපි මේ මෘදුකාංගයේ එක් එක් බොත්තම ක්ලික් කරලා මොනවගේ තොරතුරු සඳහන් වෙනවාද කියලා බලමු. එක් එක් පිටුවට පිවිසීමෙන් අනතුරුව Close බොත්තම එබීමෙන් නැවත ප්‍රධාන පිටුවට පිවිසෙන්න පුළුවනි.
- University Courses/ Faculty – මෙහි දී ඔබට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ඔබට ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබා දී ඇති ශ්‍රී ලංකාවේ ඇති සියලු ම විශ්වවිද්‍යාල, මණ්ඩප සහ අධ්‍යාපන ආයතන ලැයිස්තුව දැකගත හැකියි. ඒ වගේ ම ඒ එක් එක් ආයතනය තුළ ක්‍රියාත්මක වන අධ්‍යයන පීඨ සියල්ල දක්වා තිබෙනවා. ඒ අනුව ඔබට තෝරා ගැනීමට විශ්වවිද්‍යාල 14ක්, මණ්ඩප 03ක් සහ ආයතන 05 ක් පිළිබඳව මෙහි තොරතුරු දැක්වෙනවා.
- Uni Codes – මෙතන දි අපිට හැකියාව ලැබෙනවා සියලු ම විශ්ව විද්‍යාල සහ අධ්‍යාපන ආයතන වල දී අධ්‍යයනය කිරීමට ලැබෙන පාඨමාලා හඳුනා ගැනීමට. ඒ අනුව විශ්වවිද්‍යාල පාඨමාලා වර්ග 124 ක් මෙහි සඳහන් වෙනවා. ඒ අතරින් සමහර පාඨමාලා විශ්වවිද්‍යාල කිහිපයක අධ්‍යයනය කිරීමට ලැබෙනවා. ඒ ආකාරයට ගත්විට අවස්ථා 244ක් සඳහන් වෙනවා.
- මෙතනදි එක් එක් පාඨමාලාව පැවැත්වෙන විශ්වවිද්‍යාලය සහ එයට අදාළ Uni code එක ඔබට සොයා ගැනීමට පහසුකම් ලැබෙනවා. මේ කෝඩ් තෝරා ගැනීම ඉදිරි පියවර වලදී ඉතා පහසුවක් වෙනවා. ඒ වගේ ම විශ්වවිද්‍යාල ඉල්ලුම් කිරීමේ අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීමේදීත් ඉතා වැදගත්.
- මේ තිරයේ දෙවන පියවරේදී ඔබට අවස්ථාව ලැබෙනවා ඔබ කැමති ම විශ්වවිද්‍යාල පාඨමාලාව ඉගෙන ගන්න තියෙන සියලුම විශ්වවිද්‍යාල ලැයිස්තුව දැක ගැනීමට. උදාහරණයක් විදිහට Medicine කියලා තේරුවාම ඒ පාඨමාලාව හැදෑරීමට හැකි විශ්වවිද්‍යාල 11ක් සඳහන් කෙරෙනවා.
- මෙතනදි එක් එක් පාඨමාලාව පැවැත්වෙන විශ්වවිද්‍යාලය සහ එයට අදාළ Uni code එක ඔබට සොයා ගැනීමට පහසුකම් ලැබෙනවා. මේ කෝඩ් තෝරා ගැනීම ඉදිරි පියවර වලදී ඉතා පහසුවක් වෙනවා. ඒ වගේ ම විශ්වවිද්‍යාල ඉල්ලුම් කිරීමේ අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීමේදීත් ඉතා වැදගත්.
- Courses wise Stream – මේ තිරයට පිවිසීමෙන් ඔබට ලැබෙන පහසුකම වන්නේ, ඔබ උසස්පෙළ හදාරන ලද විෂය ධාරාවට අදාළ ව ඔබට තෝරාගත හැකි පාඨමාලා ලැයිස්තුවක් දිස් වීමයි. ඔන්න උදාහරණයක් විදිහට ජීව විද්‍යා අංශයෙන් උසස්පෙළ හදාරපු සිසුවෙක් ට තෝරාගැනීමට විවිධ පාඨමාලා 72ක් තියෙනවා. එයින් එක් පාඨමාලාවක් වශයෙන් Biological Science තෝරාගෙන බලමු. එම පාඨමාලාව විශ්වවිද්‍යාල 8 ක ක්‍රියාත්මක වන බව සඳහන් වෙනවා. ඒ වගේම තිරයේ යටින් පෙන්නුම් කරනවා අදාළ පාඨමාලාවට ඉල්ලුම් කිරීම සඳහා අවම වශයෙන් ඔබට තිබිය යුතු ප්‍රතිඵලය සහ සමහර පාඨමාලා සඳහා ඔබ විසින් යම් යම් විෂයයන් සඳහා ලබා තිබිය යුතු සාමාර්ථය යන කරුණු. ඒ වගේම ඔබ තෝ්රාගත් පාඨමාලාවට සුදුසුකම් ලැබීම සඳහා Aptitude Test එකකට පෙනී සිටිය යුතු නම්, ඒ බවත් මෙහි සඳහන් වෙනවා.
- Course with Qualification – මෙම තිරයේ දී ඔබට අවශ්‍ය පාඨමාලා සොයා ගැනීමට තව දුරටත් පහසු කරනවා. උදාහරණයක් විදිහට ඔබ වාණිජ්‍යය විෂය ධාරාව යටතේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයෙක් යැයි උපකල්පනය කරමු. ඒ අනුව ඔබ ඉහලින් Commerce ලෙස තෝරන්න. ඔබට තෝරා ගැනීමට පාඨමාලා 38 ක් ඇති බව සඳහන් වෙනවා. දැන් ඒ අතරින් ඔබ කැමති පාඨමාලාවක් තෝරන්න. උදාහරණයක් විදිහට Management පාඨමාලාව තෝරමු. දැන් ඊට පහලින් එම පාඨමාලාව පැවැත්වෙන විශ්වවිද්‍යාල ලැයිස්තුව සහ ඊට පහලින් ඔබ ලබා තිබිය යුතු සුදුසුකම් පිළිබඳව ඔබට දිස් වේවි. ඒ වගේ ම දකුණු පසින් කැම්පස් පොතේ අදාළ පිටුවේ ස්කෑන් කරන ලද ඡායාරූපයකුත් සිංහල භාෂාවෙන් දර්ශනය වෙනවා.
ඉතින් මේ විදිහට තමයි විශ්ව විද්‍යාල ප්‍රවේශ මෘදුකාංගය 2020/2021 මෘදුකාංගය අපට පහසුකම් සලසා දෙන්නේ.
හරිම පහසුයි නේද? පොත පෙරළමින් හෙව්වත් සමහර වෙලාවට අපි නොදන්න අලුත් පාඨමාලා මඟහැරෙන්න පුළුවනි. එහෙමත් නැත්නම් ඔබ කැමති පාඨමාලාව තියෙන විශ්වවිද්‍යාල මොනවද කියල හොයාගන්න අපහසුයි. මේ වගේ අනේක ගැටලු නිරාකරණය කරමින් විශ්වවිද්‍යාලයක් තෝරා ගැනීම සඳහා මෙම මෘදුකාංගය තුළින් සිසු දරු දැරියන්ට පහසුවක් ලබා දීමට හැකි වී තිබෙන බව මගේ හැඟීමයි.
විශ්වවිද්‍යාලයට යන්න බලාගෙන ඉන්න ඔයාගෙ යාලුවන්ටත් මේ ලිපිය ශෙයා කරලා පෙන්නන්න. ඔබ ගුරුතුමෙක්/ තුමියක් නම් ඔබේ ආදරණීය ශිෂ්‍යයාට/ ශිෂ්‍යයාවට අනාගතය ජය ගැනීමට උපකාර කිරීමට අවස්ථාවක් සළසා දෙන්න.