Diaspora – ඩයස්පෝරාව කියන්නෙ අපේ රටින් පැනල ගියපු දෙමළ කොටි ද?

 Diaspora – ඩයස්පෝරාව කියන්නෙ අපේ රටින් පැනල ගියපු දෙමළ කොටි ද?

“ඩයස්පෝරා” මේ වචනය ඇහුණ ගමන් ටිකක් හිත කලබල වෙනවා නේද? තිස් අවුරුදු යුද්ධයකින් බැට කාපු අපි තවමත් ඩයස්පෝරා කියන වචනයට යම් බියක් දක්වනවා. ඒකට හේතුව මේ වචනයට ලබා දී තිබෙන වැරදි අර්ථකථනය නිසා විය හැකියි.

ඩයස්පෝරා ගැන අපි හිතාගෙන ඉන්න විදිහ

එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ වී සිටි, අනතුරුව ශ්‍රී ලංකාවෙන් පැන ගොස් විදේශ රටවල සැඟවී සිටින සහ මුදල් වලින් පොහොසත් දෙමළ ප්‍රජාවක් විදිහට තමයි කාලයක් තිස්සේ අපේ හිත් වලට කාවැදිලා තියෙන්නෙ. මේ අතර කොටි සංවිධානයට උදවු කරන ජාත්‍යන්තර සංවිධානයක් හෝ පැනල ගියපු එල්ටීටීඊ සාමාජිකයින් සම්බන්ධීකරණය කරන සංවිධානයක් වගේ අදහසුත් තියෙනවා.

ඩයස්පෝරා වචනයේ ඉතිහාසය

ඩයස්පෝරා කියන වචනයේ ඉතිහාසය පිළිබඳව දැන සිටීම මේ වගේ වෙලාවක ප්‍රයෝජනවත් වේවියි කියා හිතුණ නිසා ඒ ගැන ටිකක් හොයා බැලූවා. Diaspora කියන වචනය ඉංග්‍රීසි භාෂාවට අයිති එකක් නම් නෙවෙයි. ඒකෙ ආරම්භය ක්‍රි.පූ. 6 වන සියවස තරම් දීර්ඝ ඉතිහාසයකට දිවයනවා. කතෝලික පූජනීය ග්‍රන්ථය වන බයිබලය සමඟත් මේ ඩයස්පෝරා වචනයේ සම්බන්ධකමක් තිබෙනවා.

Diaspora - ඩයස්පෝරාව කියන්නෙ අපේ රටින් පැනල ගියපු දෙමළ කොටි ද? Emigrants Leave Ireland by Henry Doyle 1868

බයිබලයේ දැක්වෙන ආකාරයට බැබිලෝනියන්වරුන් විසින් ඊශ්‍රායලයෙන් පිටුවහල් කරන ලද යුදෙව් ජනතාව හැඳින්වීමටයි ඉතිහාසයේ මුලින් ම මේ වචනය භාවිත කර තිබෙන්නේ. මහාචාර්ය මලලසේකර මහතාගේ ශබ්දකෝෂයේ දී Diaspora වදනට ලබා දෙන අර්ථය වන්නේ “යුදෙව්වන්ගේ විසිරයාම” යන්නයි.

Diaspora කියන්නේ ග්‍රීක භාෂාවේ වචනයක්. එහි තේරුම වන්නේ පොදු ජන්මයක් සහිතව කිසියම් භූමියක් පුරා විසිරුණු ජන කණ්ඩායමක් යන්නයි. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට අනුව Diaspora වචනය ඉංග්‍රීසි භාෂාවට එකතු වන්නේ 1876 වසරෙදි යි. ක්‍රිස්තියාණිකරණය අරබයා ප්‍රොතෙස්තන්ත දේවස්ථාන අතර ඇති වූ ගැටුම්වල ප්‍රතිඵලයක් වශයෙනුයි මේ වචනය ඉංග්‍රීසියට එකතු වන්නේ.

මේ ආකාරයට පසු කලෙක විවිධ රටවල් විවිධ අවස්ථාවල ඇති වූ මෙවැනි ජන විසිරයාම් හැඳින්වීම පිණිස Diaspora යෙදුම භාවිතා කර තිබෙනවා. කොන්ස්තන්තිනෝපලය බිඳවැටීමෙන් පසු සිදු වූ ග්‍රීකයන්ගේ පළායාම හා අත්ලාන්කිකය හරහා සිදු වූ අප්‍රිකානු වහල් වෙළෙඳාම හැඳින්වීම ආදි අවස්ථා මෙහිදී ඓතිහාසික උදාහරණ වශයෙන් දැක්විය හැකියි.

දෙමළ ඩයස්පෝරාව කියන්නෙ එල්ටීටීඊ සංවිධානයේ කොටි ද?

දෙමළ ඩයස්පෝරාව අපේ ශබ්දකෝෂයට එක් වෙන්නේ 1983 වර්ෂයෙන් පසුවයි. ඒ සමයේ හටගත් වර්ගවාදි ගැටුම්වල ප්‍රතිඵලයක් හැටියට ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගෙන් විශාල පිරිසක් සරණාගතයන් හැටියට බටහිර රටවලට පලා ගියා. මේ අය අතරින් යම් පිරිසක් සිංහල අන්තවාදීන්ට බියෙනුත්, තවත් කොටසක් දෙමළ අන්තවාදීන්ට බියෙනුත් ලංකාව අතහැර ගිය බව අපි අමතක කරන්න නරකයි. ඉතිහාසයේ වෙනත් රටවල සිදු වූ මෙවැනි අර්බුදවලදී ජීවිතාරක්ෂාව පතා විදෙස්ගත වූ ස්වදේශිකයන් හැඳින්වීමට භාවිත කළ ඩයස්පෝරා යෙදුම ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් හැඳින්වීමටත් වලංගු වෙනවා නේද? මේ අනුව ශ්‍රී ලංකාවේ ජන්මය ලබා මේ වන විට විවිධ හේතු මත විදේශයන්හි රැඳී සිටින අපේ ම ඥාතීන්/ හිතමිතුරන් ශ්‍රි ලංකා ඩයස්පෝරාව ලෙස හැඳීන්විය හැකියි.

Diaspora - ඩයස්පෝරාව කියන්නෙ අපේ රටින් පැනල ගියපු දෙමළ කොටි ද? UK demo by hardline Singala people
http://telo.org/telooldnews/?p=174514

ශ්‍රී ලාංකික ඩයස්පෝරාව රටේ සමස්ත ජනගහනයට සාපේක්ෂව සාපේක්ෂව විශාලය. බටහිර යුරෝපය, අරාබි ගල්ෆ් රාජ්‍යයන් සහ උතුරු ඇමරිකාව ප්‍රධාන ජනගහන මධ්‍යස්ථාන වන ශ්‍රී ලාංකිකයන් මිලියන 3 ක් පමණ විදේශයන්හි ජීවත් වෙති. සෞදි අරාබියේ විශාලතම ජනගහනය 600,000 ක් වන අතර, පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය (300,000), කුවේට් (300,000), ඉන්දියාව (200,000), ප්‍රංශය (150,000), කටාර් (145,000), කැනඩාව (139,000), එක්සත් රාජධානිය (132,000) , ඉතාලිය (110,000), ඕස්ට්‍රේලියාව (110,000) සහ ලෙබනනය (100,000). බටහිර යුරෝපයේ දශක කිහිපයක් තිස්සේ පවතින විශාල ශ්‍රී ලාංකික ප්‍රජාවක් සිටී. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යය සමඟ ඇති යටත් විජිත සබඳතාවය සහ 1980 දශකයේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය ආරම්භ වීමට පෙර, හොඳින් උගත්, ඉහළ පන්තිවල ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් එක්සත් රාජධානියට සංක්‍රමණය වී පදිංචි වීමයි. සිවිල් යුද්ධයෙන් පසුව, බටහිරට පලා ගිය පීඩිත ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ සංක්‍රමණවල වැඩිවීමක් ඇති විය.

අනෙකුත් දකුණු ආසියානු රටවල මෙන්ම, අරාබි ගල්ෆ් රාජ්‍යයන් මෑත වසරවල ප්‍රධාන සංක්‍රමණ ගමනාන්තයක් වී ඇත. මෙම හේතු සම්පූර්ණයෙන්ම පාහේ ආර්ථිකමය වේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය සහ කුවේටයේ විදේශ ශ්‍රම බලකාය වැනි රටවල විශාල ප්‍රතිශතයක් ශ්‍රී ලාංකිකයන් වේ. 

Diaspora - ඩයස්පෝරාව කියන්නෙ අපේ රටින් පැනල ගියපු දෙමළ කොටි ද? tamilprotest080409

මේ අතර එල්ටීටීඊ සංවිධානයේ විදෙස්ගත කොටි සාමාජිකයින් විසින් ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය මත, විශේෂයෙන් ම මැතිවරණයක් ආසන්න වන විට “කොටි නැගිටිනවෝ” ලෙසින් යම් යම් අවස්ථාවල ඉස්මතු වීමත් පෙන්නුම් කෙරෙනවා. කෙසේ නමුත් මේ වෙලාවේ නැවත මවු බිමට පැමිණ රට ගොඩනැඟීමට දායක වීමට කැමති කුමන හේතුවක් මත හෝ විදෙස්ගතව සිටින සිංහල – දෙමළ ප්‍රමුඛ සියලූම ශ්‍රී ලාංකිකයන්ට මිතුදමේ දෑත් දිගුකිරීම සියලු අව්‍යාජ දේශප්‍රේමින්ගේ වගකීමකි.

ලක්මිණ ජයමාල්

https://edutalk.lk

එඩියුටෝක් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply