මේ දේවල් කලොත්, සමහර රටවල් වලදි හිරේ යන්න වේවි

 මේ දේවල් කලොත්, සමහර රටවල් වලදි හිරේ යන්න වේවි

cropped image of prison officer wearing handcuffs on prisoner

ඔබ සමහර රටවල් වලට සංචාරය සඳහා හෝ වෙනත් කිසියම් කරුණක් සඳහා ගමන් කළ විට අප එදිනෙදා සිදු කරන සමහර ක්‍රියාකාරකම් ඒ රටවල් වල පවතින නීතියට අනුව ඔබ සිරගත කළ හැකි මට්ටමේ වරදක් විය හැකියි. පහත දැක්වෙන්නේ එවැනි අවස්ථාවන් සඳහා උදාහරණ කිහිපයක්.

#1 – චොකලට් බිත්තර

මේ දේවල් කලොත්, සමහර රටවල් වලදි හිරේ යන්න වේවි 111470721 whatsubject

රට – ඇමෙරිකා එක්සත් ජනපදය

කුඩා ළමුන් වගේම වැඩිහිටියොත් රසකැවිලි කන්න එක වගේ ආසයි. ඔයාලත් මේ පින්තූරයෙ තියෙනව වගේ ආහාරයක් දැකල ඇති. සමහරවිට කාලත් ඇති. නමුත් මේ වගේ රස කෑමක් කන එක තහනම් කළොත් එහෙම?

කෙසේ නමුත් ඇමෙරිකා එක්සත් ජනපදයේදී කිසියම් රසකැවිල්ලක් සමඟ පුංචි සෙල්ලම් බඩුවක් නොමිලේ ලබා දෙනවානම් ඒවා විකුණන්න තහනම්. අඩු තරමේ ඇමෙරිකාව තුළට ගෙන ඒමත් තහනම්.

2011 දී ඇමෙරිකානු රේගුව විසින් මේ වගේ චොකලට් බිත්තර 60,000 ක් අත් අඩංගුවට ගත්තා සංචාරකයින්ගේ බෑග් මළු වල තිබිලා. මේ බොහෝ දෙනෙක් ඒවා රැගෙන පැමිණ තිබෙන්නෙ නොදැනුවත්කම නිසා. කෙසේ වෙතත් එයාලගෙන් එක බිත්තරයක් සඳහා ඩොලර් 2,500 ගාණෙ දඩ ගහල නම් තියෙනවා.

#2 – කූරු කොණ්ඩය

රට : ඉරානය

ඉරානයේදී කුඩා අත්පොතක් බෙදා හරිනවා ඔබට කළ හැකි සහ කළ නොහැකි දේවල් පිළිබඳව. ඒකට අනුව නම් කොණ්ඩය ඉහළට කූරු ලෙස සකසා ගැනීම වරදක්.

 #3 – වීඩියෝ ගේම්

මේ දේවල් කලොත්, සමහර රටවල් වලදි හිරේ යන්න වේවි shutterstock 278969585 1

රට : ග්‍රීසිය

චීනය පමණක් නොවෙයි වීඩියෝ ගේම් තහනම් කරපු එකම රට. ග්‍රීසියෙත් තහනම්. හැබැයි චීනයට වඩා වෙනස් හේතු සාධක කිහිපයක් නිසයි. 2002 දී, ග්‍රීසියේ ආණ්ඩුව සූදු යන්ත්‍ර පිළිබඳව විමසිලිමත් වීමට උත්සාහ කරන නමුත් ඔවුන්ගේ නීති සම්පාදකයන් සිදු කළේ පුළුල් වශයෙන් සූදු යන්ත්‍ර සමඟින්ම විඩීයෝ ක්‍රීඩා,  ඉලෙක්ට්‍රොනික සූදු යන්ත්‍ර සියල්ල තහනම් කිරීම සඳහා නීති කෙටුම්පත් සකස් කලා.  පුදුම සහගත කරුණ වන්නේ කවුරුන් හෝ කෙනෙකු ඉන්ටර්නෙට් කැෆේ එකකදී වීඩියෝ ගේම් සෙල්ලම් කළොත් නීතිය උල්ලංඝනය කිරීමක් සේ සළකා පොලිසිය විසින් අත්අඩංගුවට ගත හැකියි. ඔවුන් ඇත්තටම වීඩියෝ ක්‍රීඩා කරන්නන් සිර ගත කළ හැකි තරමේ නීති රීති සකස් කර තිබෙනවා. එහෙත් වාසනාවකට මෙන්, යුරෝපා සංගමය හා සෑම තැනකම වීඩියෝ ක්‍රීඩා කරන්නන් විසින් එල්ල කරන ලද බලපෑමෙන් පසු, ඉහත නීතිය සංශෝධනය සඳහා අවධානය යොමු වී තිබෙනවා.

#4 – වැලන්ටයින් දිනය

රට : සවුදි අරාබිය

සෞදි අරාබිය, මුස්ලිම් විශ්වාසයන් උල්ලංඝනය සිදු කරන වැලන්ටයින් දිනය භාණ්ඩ විකුණන දිනයක් බව වටහා ගෙන තිබෙනවා. එහි පදිංචිකරුවන් රහසිගතව හෝ තමන්ගේ ආදරණියයන්ට තෑගි යවන්න බැහැ. රජය විසින් සියලු මල් සැරසිලි හා තෑගි සාප්පු වලට වැලන්ටයින් දිනයට පෙර ආදර සංකේතයක් ලෙස සලකනු ලබන රතු හෝ වෙනත් ආකාරයේ ආදර ත්‍යාග සියල්ල ඉවත් කිරීමට නියෝග කරනු ලබනවා. නමුත් පෙනෙන විදිහට නම් වැලන්ටයින් නිවාඩු මත පනවා තිබූ තහනම මුළුමනින්ම සාර්ථක නොවන අතර පෙම්වතුන් විසින් කළු වෙළදපළ වලින් රතු රෝස මල් හා වෙනත් ටෝකන් පත් ඉතාම රහසිගතව මිළදී ගනු ලබනවා. හැබැයි කළු කඩවල් වලින් සාමාන්‍ය මිල මෙන් හය ගුණයක් විතර වැඩි මිළකටයි.

#5 – චුවින්ගම්

මේ දේවල් කලොත්, සමහර රටවල් වලදි හිරේ යන්න වේවි maxresdefault

රට : සිංගප්පූරුව

90 දශකයේ මුල් භාගයේ පටන්ම සිංගප්පූරුවට චුවින්ගම් ආනයනය කිරීම නීති විරෝධී කර ඇත. සිංගප්පූරු රජයට අනුව, මෙම චුවින්ගම් භාවිතයේ ප්‍රතිඵල වන්නේ මිනිසුන් පොදු ස්ථාන වල, පදික වේදිකා, ගොඩනැගිලි, කුඩා දරුවන්ගේ මුහුණු ආදිය පුරා අලවා දමනවා.

වර්තමාන නීතිය වන්නේ ‘ඖෂධීය අරමුණු’ සඳහා චුවින්ගම් භාවිතය සිදු කළ හැකි ඉඩ කඩ පැවතියත්, සාමාන්‍ය මිගල ඩොලර් 500 සහ ඩොලර් 1000 අතර වෙනවා. ඖෂධවේදීන් එම චුවින්ගම් මිලදී ගත් පුද්ගලයාගේ හැඳුනුම්පත ලබා ගත යුතු අතර, අදාල කාලයකට පසු චෝදනා නොමැති නම් එය නැවත ලබා දෙනවා. ඒ සියල්ල ඉතාම කර්කෂ කටයුතු කියලා පෙනෙනවා. නමුත් අවම වශයෙන් එය කිසිදු සිංගප්පූරු පාසල් ශීෂ්‍ය බංකුවක් යට වියළී ගිය චුවින්ගම් කැබලි රැඳී ඇත්තේ නම් නැහැ.

#6 – ඩොනල්ඩ් ඩක් 

මේ දේවල් කලොත්, සමහර රටවල් වලදි හිරේ යන්න වේවි donald duck

රට : ෆින්ලන්තය

නාගරික සමාජයේ මිත්‍යා වලට අනුව ඩොනල්ඩ් ඩක් නම් කාටූන් චරිතය කලිසම් හෝ යට ඇඳුම් ඇඳීම සිදු නොකරන බවයි සැළකෙන්නෙ. නමුත් වැඩිදුර සොයා බැලීමේදී වෙනත් සාධාරණ හේතුවක් ලෙස හෙළි වන්නේ, ෆින්ලන්තයේ තරුණ පිරිස් මෙම ඇමරිකානු කාටූන් නැරඹීමට දායකත්ව ලබා ගැනීම වශයෙන් තම මුදල් නාස්ති කරන නිසා දේශපාලනඥයින් එය තහනම් බව ප්‍රකාශ කර ඇති  බවයි.

#7 – පිරිමි වොලිබෝල් ක්‍රීඩා කිරීමේදී කාන්තාවන් විසින් නැරඹීම

රට : ඉරානය

ඔබ කාන්තාවක් එහෙම නම් ඉරානය තුළ පිරිිමින් වොලිබෝල් ගසන අයුරු නැරඹීමට සුදුසු ස්ථානයක් නොවෙයි. ඔබ ඉතා ආශාවෙන් වොලිබෝල් නැරඹුවොත් සිදු වන්නේ ඔබගේ වටිනා ජීවිතයෙන් වසර දෙකක සිර දඬුවමකට යටත් වීමටයි.

#8 – මුත්‍රා කිරීම

රට : පෘතුගාලය

පෘතුගාලයේදී මුහුදට මූත්‍රා කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.

#9 – දහස් ගණන් බබාලගේ නම්

රට : ඩෙන්මාර්කය

ඩෙන්මාර්කයේදී ඔබට කැමති තැමති විදිහට බබාලට නමක් තියන්න බැහැ. අලුත් දෙමාපියන් වශයෙන් රජය විසින් අනුමත කරන ලද බබාලගේ නම් 7,000 ක ලැයිස්තුව පාවිච්චි කරමින් එම නම් තැබීම සිදු කළ යුතුයි. එයින් පිට නමක් තබනවානම් ඒ සඳහා විශේෂ අවසරයක් ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරිය යුතු වෙනවා.

#10 – වැසිකිලියට වතුර ගැසීම

මේ දේවල් කලොත්, සමහර රටවල් වලදි හිරේ යන්න වේවි

රට : ස්විට්සර්ලන්තය

ඔබ ස්විට්සර්ලන්තයට චාරිකාවක් යනවානම් ඉතාම ප්‍රවේශම් වන්න. කිසියම් ගොඩනැගිල්ලක හෝ නිවාස සංකීර්ණයක රෑ 10න් පස්සෙ වැසිකිලියට වතුර ගැසීම නීති විරෝධී කටයුත්තක්. මෙහිදී රජය විසින් වැඩි සමාජ විරෝධී කටයුත්ත ලෙස සලකා බලා තිබෙන්නේ සුවඳ දූෂණය වීමට වඩා ශබ්ද දූෂණය වීම පිළිබඳවයි. අපිට ඒ සම්බන්ධව එකඟ වෙන්න අමාරු උණත් හදිසියක් ඇති වුණෝතින් එහෙම උදේ වෙනකන් ඉවසගෙන ඉන්න නම් අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා.

ලක්මිණ ජයමාල්

https://edutalk.lk

එඩියුටෝක් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply