පළමු zoom ඔන්ලයින් පන්තිය ආරම්භ කරමු.

     පළමු zoom ඔන්ලයින් පන්තිය ආරම්භ කරමු.

    මේ වන විට ඔබ zoom හි ගිණුමක් සාර්ථක ලෙස ලියාපදිංචි කරගෙන සිටින බව විශ්වාසයි. ගිණුම ලියාපදිංචි වූ සැණින් මිතුරෙකු සමඟ අත්හදා බැලීමක් විදිහට zoom ඔන්ලයින් සංවාදයක් සිදු කරන්නත් ඇති. ඉතින් දැන් ඔබට අවශ්‍යයි අලුතෙන් zoom meeting එකක් ආරම්භ කරන්න.

    මීට පෙර ලිපි ඔබට මඟහැරුණා නම් මෙතනින් ගිහින් බලලා එන්න.

    1. ඔන්ලයින් අධ්‍යාපන කටයුතු සඳහා හොඳ ම සහ වාසිදායක ම ඩේටා පැකේජ මොනවාද?
    2. ඔන්ලයින් පන්තියක් පැවැත්වීමට ZOOM මෘදුකාංගය ස්ථාපනය කරන්නේ කෙසේද?
    3. zoom වල ගිණුමක් හදාගැනීමට ලියාපදිංචි වෙන්නෙ කොහොමද?
    1. පළමුවෙන් ම zoom ඇප් එක විවෘත කරගන්න. දැන් මේ අවස්ථාවේ ඔබ සූදානම් වන්නේ host කෙනෙකු වශයෙන් zoom හි meeting එකක් ආරම්භ කිරීමටයි. ඒ සඳහා sign in බොත්තම භාවිතා කරන්න. එවිට ලැබෙන තිරයේ ඔබ ලියාපදිංචි වූ විද්‍යුත් තැපැල් ලිපිනය සහ මුරපදය ඇතුළත් කර පිවිසෙන්න.

      පළමු zoom ඔන්ලයින් පන්තිය ආරම්භ කරමු. WhatsApp Image 2021 05 23 at 3.15.12 PM 1
      මෙම ක්‍රමයට අමතරව ඔබගේ ගූගල් හෝ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් ද zoom වෙත පිවිසීමට හැකියාව ඇත.
    2. මීළඟට ඔබට අලුත් තිරයක් ලැබේවි. එහි ඇති New Meeting බොත්තම ක්ලික් කරන්න.
      පළමු zoom ඔන්ලයින් පන්තිය ආරම්භ කරමු. Capture zoom
    3. දැන් ඔබ අලුත් ම zoom meeting එකක් සඳහා ඇතුල් වන අතර දැනට එහි පෙනී සිටින්නේ ඔබ පමණයි. එයට හේතුව ඔබ එහි host වන අතර තවම කිසිවෙකුත් සම්බන්ධ වී නොමැති බැවිනි. එහි තිරයේ ඉහල මේ ආකාරයට දර්ශනය වේවි. ඔබට පෙනෙනවා නේද එහි වම්පස ඉහළ කෙළවරේ කොල පැහැ සළකුණක් තිබෙනවා. දැන් ඒ සළකුණ මත ක්ලික් කරන්න.

      පළමු zoom ඔන්ලයින් පන්තිය ආරම්භ කරමු. Capture zoom 2
    4. එවිට ඔබට මේ ආකාරයේ තිරයක් දිස් වේවි. එහි තිබෙන්නේ ඔබගේ zoom meeting එකට අදාළව එයට සම්බන්ධ විය හැකි ආකාරය පිළිබඳ තොරතුරුයි.

      පළමු zoom ඔන්ලයින් පන්තිය ආරම්භ කරමු. WhatsApp Image 2021 05 23 at 3.15.12 PM2
    5. ඔබට ලැබෙන ඉහත ආකාරයේ සටහනෙහි ඇති කරුණු තේරුම් ගනිමු.
      • Meeting ID – මෙය ඔබගේ meeting එක සම්බන්ධව zoom වෙතින් ලැබෙන හඳුනාගැනීමේ කේතයකි.
      • Host – මෙහි ඔබේ නම සඳහන් වී තිබෙනු ඇත.
      • Passcode – ඇතුළත් වීම සඳහා ආරාධිත සිසුන් විසින් ඇතුළත් කළ යුතු මුරපදය
      • Invite Link – මෙම ලිංක් එක පිටපත් කරගෙන ආරාධනා කිරීමට හැකියි.

    zoom ඔන්ලයින් පන්තිය සඳහා සිසුන්ට ආරාධනා කරමු.
    මේ සඳහා ක්‍රම දෙකකට සිදු කළ හැකියි. පළමු ක්‍රමය නම් Meeting ID සහ Passcode ඔබේ සිසුන් වෙත යවන්න. එවිට සම්බන්ධ වීම සඳහා එම තොරතුරු භාවිතා කළ හැකියි. එසේ නොමැති නම් Invite Link  යොමු කරන්න. එය ක්ලික් කරන සිසුවාට කෙලින් ම සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙන නිසා වඩා පහසු බව මාගේ හැඟීමයි.

    පළමු zoom ඔන්ලයින් පන්තිය ආරම්භ කරමු. participants

    මෙම තොරතුරු ඔබේ සිසුන්ට යැවීම සඳහා වට්සැප් හෝ වෙනත් සුදුසු ක්‍රමවේදයක් භාවිතා කළ හැකියි.
    මොකක්ද Waiting Room කියන්නෙ?
    ඉහත තොරතුරු හෝ Invite Link ලැබුණු පමණින් ඔබේ ඔන්ලයින් පන්තියට ඕනෑම කෙනෙකුට සම්බන්ධ වීමට නොහැකියි. එලෙස පැමිණෙන අය Waiting Room තුල රැඳී සිටිය යුතුයි. Host වශයෙන් ඔබ කැමති නම් පමණක් ඔවුන් සම්බන්ධ කරගත හැකියි. ඔබගේ zoom meeting එක සමඟ සම්බන්ධ වී සිටින අය දැක ගැනීමට තිරයේ පහළ කෙළවරේ ඇති Participants බොත්තම ක්ලික් කරන්න.

    එවිට ඔබට සම්බන්ධ වී සිටින සියලු දෙනා දිස් වේවි. එහි කණ්ඩායම් දෙකක් වශයෙන් එම පිරිස පෙන්නුම් කරනවා. In the meeting සහ Waiting Room වශයෙන්. එහි waiting Room හි දැක්වෙන නමක් වෙත යොමු වන විට Admit ලෙස නිල් පැහැ බොත්තමක් දිස් වේවි. එය එබීමෙන් ඔහු/ ඇය meeting එක සමඟ සම්බන්ධ කරගත හැකියි.

    පළමු zoom ඔන්ලයින් පන්තිය ආරම්භ කරමු. admit


    මතක තබා ගන්න.

    1. ඔබේ zoom පන්තිය මිනිත්තු 40කට පමණක් සීමා වනු ඇත. එයට හේතුව අප විසින් භාවිතා කරනුයේ නොමිලේ ලබා දෙන පහසුකමක් බැවින් යම් යම් සීමා පනවා ඇති බැවිනි. එම සීමා ඉවත් කර ගැනීමට නම් zoom ආයතනය වෙත යම් ගෙවීමක් සිදු කළ යුතු වේ.
    2. යම් හෙයකින් waiting room හි සිටින අයෙක් Admit කිරීමට අමතක වුවහොත් ඔහු/ඇය ට ඔබ සමඟ කිසිසේත් ම සම්බන්ධ විය නොහැක.

    අමතක නොකර හිතවතුන් සමඟ මේ ලිපිය බෙදාගන්න අමතක කරන්න එපා. පහතින් සඳහන් කෙරෙන ඔබේ අදහස් ද ඉතා වටිනා බව සිහිපත් කරනවා.

    ලක්මිණ ජයමාල්

    https://edutalk.lk

    එඩියුටෝක් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

    මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

    Leave a Reply