කිසිම අවුලක් නැතිව සිංහල යතුරුලියනය කරමු.

සිංහලෙන් ටයිප්සෙටිං, එහෙමත් නැත්නම් පරිගණකයේ යතුරුලියනය කිරීම කියන කාර්යය ඔබේ ජීවිතයේ කිසියම් හෝ අවස්ථාවක අවශ්‍ය වෙන දෙයක් බවට කිසිම සැකයක් නැහැ. ඒ වගේ ම මේ වෙද්දිත් ඔබ සිංහලෙන් ටයිප් කරගන්න උත්සාහ දරමින් ඉන්නවා වෙන්නත් පුළුවන්.
ඉතින් සිංහලෙන් යතුරුලියනය කරන එක මේ තරමට ම ගොඩක් අමාරු දෙයක් ද? මට නම් හිතෙන්නෙ ටිකක් පුරුදු උනා ම සිංහලෙන් ටයිප් කරන එක ගොඩක් ලේසි වැඩක්. නමුත් අපි ඒ සඳහා නිවැරදි සහ ගැලපෙන මෘදුකාංග යොදා ගන්නවානම් තමයි මේ පහසුව අපිට ලැබෙන්නේ. එහෙම නොවුනොත් සිද්ධ වෙන්නෙ ඉස්පිලි-පාපිලි නැති විකෘති වචන යතුරු ලියනය වීම පමණයි.
සිංහල යතුරුලියනය කිරීමේ ප්‍රධාන ක්‍රම දෙකක් තිබෙනවා. මෙයින් පළමු එක තමයි සාමාන්‍ය ෆොනුරූ (Font) භාවිතයෙන් ඔබේ පරිගණකයේ යතුරු ලියනය කිරීමයි. මේ ෆොනුරූ භාවිතයෙන් ජංගම දුරකථනයේ හෝ අන්තර්ජාලයේ සිංහල භාෂාවෙන් පරිහරණය කිරීම සිදු කරන්න අවස්ථාව නැහැ. නමුත් Ms Word වැනි වදන් සැකසුම් මෘදුකාංග වල ටයිප් කිරීමට හැකියාව තිබෙනවා. ඒ වගේ ම තමයි මේ ක්රමයේ දී සමහර අකුරු වල ඉස්පිලි පාපිලි එහෙම යොදන්න ගියාම විකෘති හැඩතල ඇති වෙනවා. මේ නිසා ම අපිට සිද්ධ වෙනවා තුන්වෙනි පාර්ශවයක මෘදුකාංගයක සහාය ලබාගන්න. (මේ සම්බන්ධ මෘදුකාංගයක් ගැන මෙම ලිපියේ ඉදිරියේ දී දැනුවත් කරන්න සූදානම්). දෙවෙනි ෆොන්ට් වර්ගය තමයි යුනිකේත භාවිතයෙන් සකස් කරන ලද සිංහල ෆොනුරූ භාවිතා කරලා සිංහල ටයිප් කරන එක. ඇත්තටම යුනිකේත භාවිතයෙන් යතුරුලියනය කරන්න පුරුදු උනාම හරිම පහසුයි කියලා ඔයාලටත් හිතේවි. හේතුව තමයි පළමු වර්ගයේ තියෙන, ඉහතින් සඳහන් කරපු ගැටලු කිසිවක් මෙහි දී ඇති නොවීම.
නිවැරදි ආකාරයට සිංහල යුනිකේත භාවිතයෙන් පරිගණක යතුරුලියනය කිරීම සඳහා නොමිලේ ඔන්ලයින් පාඨමාලාවක් හැදෑරීමට ඔබත් කැමති ද? ඒ සඳහා ඉහතින් අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී “සිංහල යුනිකේත යතුරුලියන රහස්” පාඨමාලාව සමඟින් සම්බන්ධ වන්න.
සිංහල යතුරුලියනය කිරීම සඳහා භාවිතා කෙරෙන මෘදුකාංග
FM, FN, ආදී කාණ්ඩ වල විවිධ අකුරු හැඩ යතුරු ලියනය කිරීම සඳහා උපකාරී වන මෘදුකාංග කිහිපයක්ම මේ වන විට භාවිතයේ පවතිනවා. ඒවා කිහිපයක් ගැන සළකා බලමු.
- Keyman – මේ මෘදුකාංගය බොහෝ දෙනෙක් භාවිතා කරනවා. නමුත් නොමිලේ ලැබෙන මෘදුකාංගයක් නම් නෙවෙයි. කෙසේ නමුත් ව්‍යාජ ලෙස සකසන ලද මෘදුකාංගයේ පිටපත් බොහෝ විට මේ අයුරින් භාවිතා කෙරෙන්නේ. ඒ නිසා මෘදුකාංගයේ සම්පූර්ණ පහසුකම් නොලැබීම හෝ වෛරස සඳහා පරිගණකය නිරාවරණය වීම සිදු විය හැකියි.
- KeyRep – පසුගිය සමයේ ජනප්‍රිය වූ නොමිලේ බාගත කරගෙන භාවිතා කළ හැකි පහසු මෘදුකාංගයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවනි. නමුත් මෑතක දී ප්‍රතිවෛරස මෘදුකාංග විසින් අනතුරුදායක මෘදුකාංගයක් ලෙස හඳුන්වමින් ඉවත් කිරීම සිදු කරන බැවින් මා හට කීරෙප් මෘදුකාංගය භාවිතය අතහැර වෙනත් ආදේශකයක් වෙත යොමු වීමට සිදුවූවා.
- Sinhala Key Help – මෙම මෘදුකාංගයත් නොමිලේ බාගත කරගැනීමට හැකියාව පවතින මෘදුකාංගයක්. එමෙන්ම සිංහල යතුරුලියනය කිරීමේ සියලුම පහසුකම් වලින් සමන්විතයි. ප්‍රතිවෛරස මෘදුකාංග වලින් බලපෑමක් සිදු වන්නේත් නැහැ. ඒ නිසා සිංහල කී හෙල්ප් මෘදුකාංගය නිර්දේශ කිරීමට කැමතියි.

පළමුවෙන් ම Sinhala Key Help මෘදුකාංගය මෙතනින් බාගත කරගන්න. Google Drive 813kB
01. බාගත කරගන්නා ලද මෘදුකාංගය මත Right Click කිරීමෙන් පසු Run as Administrator ලෙස ලබා දෙන්න. ඉන් පසු Next විධානය දෙමින් ඉදිරියට යන්න.

02. මීළඟට ලැබෙන තිරයෙහි පහල ඇති I accept the agreement මත ක්ලික් කර ඉදිරියට යන්න.






03. මේ වන විට ඔබ මෘදුකාංගය පරිගණකයේ ස්ථාපනය කරගෙන අවසන්. මීළඟට ඔබේ පරිගණක තිරයේ පහළින් ඇති Task Bar එක වෙත යන්න. එහි “සි” යනුවෙන් සඳහන් අයිකනයක් දිස් වේවි. එය මත එක් වරක් ක්ලික් කිරීමෙන් අනතුරුව Enable යන්න තෝරන්න. මේ අවස්ථාවේ දී “සි” ලකුණ ලා නිල් පැහැයක් බවට වෙනස් වේවි. එවිට ඔබට සිංහල යතුරු ලියනය කිරීමේ පහසුකම ලැබෙනු ඇත.
ඔබට මෙම පහසුකම අවශ්‍ය නොවන විට Disable යන්න තෝරන්න.
