අපි වගේම අය ජීවත් වෙන සමාන්තර ලෝක /විශ්ව – Part 02

 අපි වගේම අය ජීවත් වෙන සමාන්තර ලෝක /විශ්ව – Part 02

සමාන්තර විශ්වයක් යනු සමාන්තර මානයක්, විකල්ප විශ්වයක් හෝ විකල්ප යථාර්ථයක් ලෙසද හැඳින්වෙන අතර එය තමන්ගේම සමකාලීන පැවැත්මේ උපකල්පිත ස්වයං අන්තර්ගත පැවැත්මකි. යථාර්ථය වන සියලු විභව සමාන්තර විශ්වයන්ගේ එකතුව බොහෝ විට හැඳින්වෙන්නේ “Multiple” යනුවෙනි. මෙම පද තුන සාමාන්‍යයෙන් සමාන වන අතර බොහෝ අවස්ථා වලදී ඒවා එකිනෙකට වෙනස් ලෙස භාවිතා කළ හැකි නමුත් සමහර විට “Alternative Universe /Reality” යන යෙදුමෙන් අතිරේක අර්ථකථනයක් ඇති අතර එයින් ඇඟවෙන්නේ යථාර්ථය අපේම ප්‍රභේදයක් වන අතර සමහරක් ඒ හා සමාන ය. විකල්ප ඉතිහාසය ලෙස නම් කර ඇත. අපේම විශ්වය සමඟ සම්බන්ධතාවක් හෝ සම්බන්ධතාවක් නොමැතිකමකින් තොරව “සමාන්තර විශ්වය” යන යෙදුම වඩාත් පොදු ය. *සොබාදහමේ නියමයන්ම වෙනස් විශ්වයක්* – උදාහරණයක් ලෙස චලිතයේ නියමයන් නැති එකක් – සමාන්තර විශ්වයක් ලෙස සලකන නමුත් විකල්ප යථාර්ථයක් සහ ෆැන්ටසි ලෝකය සහ පෘථිවිය අතර සංකල්පයක් නොවේ. මෙය තමා  සමාන්තර ලෝක සංකල්පයෙ ටිකක්  සංකීර්ණ සහ යම්තාක් දුරට අදහසක් ගත හැකි සමාන්තර ලෝක නිර්වචනය ඒත් මන් හිතුවා මීටත් වඩා සරලව ඔබට පැහැදිලි කර මේ පිලිබද අදහසක් ලබා දීමට.

මෙම ලිපියේ පළමු කොටස – අපි වගේම අය ජීවත් වෙන සමාන්තර ලෝක /විශ්ව – Part 01

මේ කතාවෙ විශ්වාස කරන්න බැරි දේවල් ගොඩක් තියෙනවා. ඒ නිසා පිළිගන්න එක නොපිළිගන්න එක අපේ වැඩක්. මේක සංකල්පයක් විතරක්ම වෙන්නත් බැරි කමක් නෑ. හැබැයි අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මෙච්චරයි. විද්‍යාවට ළඟා වෙන්න බැරි විදියෙ හුඟාක් ඒවා තවම තිබෙන බවයි. ඒක නිසා මන් උදාහරණ එක්ක මෙය පැහැදිලි කරන්නම්

ලෝකය කියන්නෙ අපි ඉන්ද්‍රියන් ඇසුරෙන් ලබා ගන්නා දැනුම තුලින් ගොඩනගා ගත්තාවු ලෝකයක් මෙම ඉන්ද්‍රියන්ට හසු නොවන බොහෝ දේ මෙහි අන්තර් ගත වීමට පුලුවන්. උදාහරණයක් වශයෙන් අන්ධ පුද්ගලයන්ගෙ ලොකයේ පාට කියල දෙයක් තිබීමට පුලුවන්ද? ඇත්තටම එහෙම දෙයක් නෑ. අන්ධයන්ගෙ ලෝකයේ ජීවත් වන ඇස් පේන කෙනෙක් අන්ධ පුද්ගලයන්ට පවසනවා පාට කියලා දෙයක් තියෙනවා කියලා. ඉතින් ඔවුන් ඒක විශ්වාස කරයිද? කීයටවත් ඔවුන් ඒක විශ්වාස කරන්නෙ නැහැ. ඉතින් අපි තවමත් නියම ලෝකය සහ විශ්වය දැකලා නැහැ. මොකද අපෙ ඉන්ද්‍රියන්ට හසු නොවන ඕනෑ තරම් දේවල් විශ්වයෙ තිබෙන්න පුලුවන්. නමුත් අපෙ ඉන්ද්‍රියන්ට හසු නොවුනත් එය හසු කරගන්න හොඳ මෙවලමක් අපි සතුව තිබෙනවා. එය තමා *ගණිතය සහ විද්‍යාව* ඉතින් මේ ගණිතය සහ විද්‍යාව ආශ්‍රයෙන් දැනට විද්‍යාඥයන් විසින් හෙලි කරපු අලුත් සංකල්පයක් තිබෙනවා. එය තමා සමාන්තර ලෝක සංකල්පය.

අතීතයෙදී  මායා බන්ධන පොත් සහ චිත්‍රපට බලපු අයට නම් මෙය අලුත් සංකල්පයක් නොවෙයි. [Kill Switch, Another Earth,The One වගෙ Films] නමුත් අනිත් අයටනම් මෙක අලුත් සංකල්පයක්. ඉතින් ඇත්තටම සමාන්තර ලෝක තිබෙනවද? මෑත කාලයෙදි සමාන්තර ලෝක ගැන කතාවෙන්න පටන් ගත්තෙ 2027 වර්ෂයෙ ඉදන්  වීඩියො දාන පුද්ගලයෙක් පිලිබඳ ( ජිනි ආවා යුනිකෝස් නැමැති පුද්ගලයා)  සමාජ මාධ්‍ය ජාලා මගින් ඉතාම ප්‍රසිද්ධියට පත් වීම නිසා. නමුත් මෙම කතාව බොරුවක් වීමේ සම්භාවිතාව ඉතා වැඩි නිසා මේකට කාලය නාස්ති කිරීම අපරාධයක්. නමුත් ඒ වෙනුවට ගොඩනැගිලි විනාශ නොවී ජීවින් පමණක් විනාශ කරන්න පුලුවන් ආයුධ ලෝකයෙ තිබෙනවා. (ජෛව රසායනික අවි වගෙ) ඒත් එම ආයුධ පිපිරිලා ගියොත් ඔබගෙ එක සෛලයක් වත් සොයා ගැනීමට හම්බෙන්නෙ නැහැ. නමුත් ඔබගෙ ඇදුමෙ එක නූල් පොටක් වත් විනාශ නොවි ඒ විදියටම තිබේවි ඉතින් අන්න ඒ වගෙ ආයුධ පිලිබද Article එකක් මන් ලගදිම අරන් එන්නම්. කොහොම නමුත් අවසානෙදි  2027 වර්ශයෙ ඉඳන් එවපු වීඩියෝව බොරුවක් කියලා ඔප්පු වෙමින් තිබෙනවා. නමුත් මිනිසුන් තුල මොකද්ද මේ සමාන්තර ලෝකයක් කියන්නෙ කියලා හොයලා බලන්න තියෙන කුතුහලය මේ සිද්ධිය නිසා තව තවත් වැඩි උනා. ඉතින් මේක නිසාම ඔවුන් හිතන්න පුලුවන් සමාන්තර ලෝක කියන සංකල්පයත් බොරු කියලා. නමුත් ඒක ඇත්තක් ඒක ගැන කතා කරන්න තමයි මෙම සමාන්තර ලෝක Part 2 Article මන් ලියන්න හිතුවෙ. ඒවගේම සමාන්තර ලෝක ගණිතමය වශයෙන් ඔප්පු කරන්න පුලුවන් ක්‍රම රාශියක් විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ අතරින් සරල ගණිතමය ඔප්පු කිරීමක් පමණක් ගෙන ඒමට මන් සූදානම්.

විශ්වය ලෙස දුරේක්ෂ ඇසට හසුවන දුරෙහි ඇති ප්‍රදේශය *නිරීක්ෂ්‍ය විශ්වය* ලෙස හදුන්වනවා ඉතින් ගොඩක් වෙලාවට අපි පිටසක්වල ජීවින් හොයන්නෙ මේ නිරික්ෂ්‍ය විශ්වයෙන්. හැබැයි අමතක කරන්න එපා අපිට නිරික්ෂණය කරන්න බැරි කොටසකුත් තිබෙනවා. ඉතින් අපිට ඒ නිරික්ශය කරන්න බැරි කොටසේ පිටසක්වල ජීවීන් ජිවත් වෙනවා. ඒ කියන්නෙ ඒ ග්‍රහලෝකයේ දී ඔබෙ නම තිබෙන ඔබේ රුව ගුණ තිබෙන ඔබ වැනිම කෙනෙක් සිටිනවා. නමුත් යම් යම් කාරණා මත ඔබයි එයයි පොඩ්ඩක් වෙනස් වෙන්න පුලුවන්. ඒකියන්නෙ ඔයා ගොඩක් කැමති පොත් කියවීමට නම් සමාන්තර ලොකෙ ඉන්න එයා කැමති සින්දු කියන්න වෙන්න පුලුවන්. ඒ වගේම ඔයා කැමති අඹ වලට වුනාට එයා කැමති ඇපල් වලට වෙන්න පුලුවන්. භෞතික විද්‍යාවේ දැනට සමාන්තර හෝ බහු විශ්ව තිබෙනවනම් එය පවතින ආකාර කිහිපයක් දක්වනවා. නමුත් අපි කතාකරන්නෙ ඉන් ප්‍රධාන මතයන් විතරයි. ප්‍රධානම මතය තමයි කිසියම් සිදුවීමක් සිදුවීමෙ සම්භාවිතාවක් කොතරම් තියෙනවද ඒ තරමටම සමාන්තර ලෝක තිබෙනවා කියනවා එක. උදාහරණයක් විදියට අපි නිකමට හිතමු ඔයාගෙ නම කසුන් කියලා. ඔයා අපේ විශ්වයෙ ඉදගෙන කාසියක් උඩ දානවා ඔයාට කාසියෙ සිරස ලැබෙනවා. ඒ වගේම තවත් විශ්වයක් තිබෙනවා ඒ ග්‍රහලෝකෙත් ඔයා වගේම කෙනෙක් ඉන්නවා. එයාගෙ නමත් කසුන් එයත් ඔයා වගේමයි. ඉතින් එයත් කාසියක් උඩ දානවා. හැබැයි එයාට ලැබෙන්නෙ අගය. ඉතින් මේක නිකන් පිස්සු අදහසක්  කියලා ඔබට හිතෙනවා ඇති. නමුත් අපිට මේක ගණිතමය වශයෙන් පැහැදිලි කරන්න පුලුවන්.

ඉතින් මම මේක පැහැදිලි කරන්නෙ ඉතාමත් සරලව නිසා සහ සමාන්තර ලෝක තිබෙනවා කියලා ඔප්පු කරන්න පුලුවන් සරලම ක්‍රමයෙන්. ඉතින් මම මේක ලියන්නෙ ඕනම කෙනෙක්ට තෙරුම් ගන්න පුලුවන් විදිහට. ඒක නිසා මේක ගැන හොදටම දන්න අය මට සමාවන්න. ඒක මන් ගණිතමය වශයෙන් ඔප්පු කරන්නෙ අනන්තය කියන දෙයෙන්, ඇතැම් විද්‍යාඥයන් ට අනුව මෙ විශ්වය අනන්ත දිශාවකට පැතිරෙමින් තිබෙනවා මේක ඉවර වෙන්නෙ නැතිව අනන්තය දක්වා පැතිරෙන නිසාම අනන්ත සිදුවීම් රාශියක් සිදුවෙන්න පුලුවන්. ඉතින් මේ අනන්ත සිදුවීම් අතරෙ අපෙ වගේම ග්‍රහලෝකයෙක අපි වගේම කෙනෙක් සිටීමේ කුඩා හෝ සම්භාවිතාවක් ලැබෙනවා. ඒක කෙතරම් කුඩා සම්භාවිතාවයක් උනත් අනන්ත දුරකින් හරි මේ වගෙ ග්‍රහලෝකයක් තිබිමේ සම්භාවිතාවයක් තිබෙනවා. නමුත් මේ සංකල්පයට අනුව මේ ග්‍රහලෝකය තිබෙන්නෙ අනන්ත දුරකින් නිසා ඔබට මේ ග්‍රහලෝකයට ගමන් කිරීම කවදාවත් හැකියාවක් ලැබෙන එකක් නැහැ. ඉතින් සමාන්තර ලෝකයක් තිබෙන්න පුලුවන් අපේ ලෝකයෙ මේ ගෙවීයන්නෙ 2021 වර්යෂ වුනාට ඒ ග්‍රහලෝකයේ 2002 ගෙවීයන ඒ ග්‍රහලෝකයෙ දැනට ගත වෙන්නෙ අපේ ග්‍රහලෝකයේ අතීතයයි. තවත් ග්‍රහලෝකයක් තිබෙන්න පුලුවන් ඒ ග්‍රහලෝකයේ ගත වෙන්නෙ අපේ පෘථිවියෙ අනාගතය වෙන්න පුලුවන්. උදාහරණයක් විදියට 2050 වර්ෂය, ඉතින් හොඳට මතක තියා ගන්න මේක මේ විදිහට ගත වෙලා ගියාට මේ යන කාල රේඛාව ඕන විදිහකට වෙනස් වෙන්න පුලුවන්. ඉතින් සමහර වෙලාවන් වලට මනස දියුනු කරගත් පුද්ගලයන් මේ රහස හොදින් දැන ගෙන ඉන්න පුලුවන්. ඒකට හේතුව දැඩි ලෙස මනසින් බැදී සිටින දෙදෙනෙක් කෙතරම් දුර සිටියත් එක් අයෙකුට කරදරයක් වනවිට අනෙක් කෙනාට ඒක දැනීම. මෙය තාමත් විද්‍යාත්මකව තහවුරු කර නැති නමුත් තවමත් පරීක්ෂණ කරනවා. සමහර විද්‍යාඥයන් “ක්වන්ටම් භෞතිකය”  [Quantam Physics ] ඇසුරෙන් පහදන්න උත්සාහ කරත් තවමත් එවා විද්‍යාත්මකව පිලිගෙන නැහැ. නමුත් මේ උපකල්පනයන් සත්‍ය නම් සමහර විට අපේ ලෝකයේ සහ ඒ ලෝකයේ වෙන දේවල් සහ කම්පන සංඛ්‍යාතයන් සමාන නිසාම තරමක් මනස දියුණු කරගත් පුද්ගලයන්ට මෙය දකින්න දැන ගන්න පුලුවන්. සමහර නිවැරැදි අනාවැකි පවසන අය අනාගතය ගැන කියන්නෙ සමහර විට අනාගතය ගලා යන සමාන්තර ලෝකයක ටයිම් ලයින්/කාල රේඛාව [ Time Line ] එකක් මනසට හසු වීම නිසා වෙන්න පුලුවන්.

ඒකයි අනාවැකි කියන අය හිටපු ගමන් අනාවැකි හොඳටම වරද්ද ගන්නෙ මොකද ඒ ගෙවී යන්නෙ අපේ ග්‍රහලෝකය නෙමේ. අපේ කොපියක් විතරයි. ඕනෑම වෙලාවක යම් සිදුවීමක් නිසා එ මුළු ග්‍රහලෝකයෙම Time Line එක වෙනස් වෙලා ගමන් කරන්න පුලුවන්. ඉතින් ඒ Time Line  එක දිහා බලාගෙන අනාවැකි කියන තරමක් මනස දියුණු අයට අබ සරණ තමයි. ඉතින් අපිට කවදහරි මේ සමාන්තර ලෝකවලට ගමන් කරන්න පුලුවන් ක්‍රමයක් හොයා ගත්තොත් ඒ ක්‍රමය හරහා අපිට කාලය හරහා ගමන් කරන්න පුලුවන්. ඒ විතරක් නෙමේ මේ නිසා අපිට කාල පරස්පරතා (Time Paradox ) වලින් බේරෙන්නත් පුලුවන්. තවත් මතයක් තිබෙනවා. ඒ මතයට අනුව කාලය හා අවකාශය පවතින්නෙ බුබුලු ආකාරයට මෙම බුබුලු පවතින්නෙ ප්‍රසාරණය හා සංකෝචනය වෙමින්.

අපේ විශ්වයත් තිබෙන්නෙ අන්න ඒ එක බුබුලක් ඇතුලෙ ඉතින් ඒ මතයට අනුව ඒ හැම විශ්වයකම ජීවය කියන එක නැහැ. මොකද එක එක විශ්වයන් තුළ ක්‍රියාත්මක වන්නෙ ඊට අනන්‍ය වුනු භෞතික නීති. සමහර විශ්වයන් තිබෙනවා ආලෝකයෙ වේගය අපේ විශ්වයට වඩා වැඩි. ඒ වගේම තවත් විශ්වයන් තිබෙන්න පුලුවන් අපෙ විශ්වයට වඩා ආලෝකයෙ වේගය අඩු. ඉතින් මේ වෙනස් භෞතික නීති නිසා හැම විශ්වයකම ජීවය පවතින්නෙ නැහැ. අපගේ විශ්වය මත ජීවයක් පවතින්නෙ වඩාත්ම උචිත භෞතික විද්‍යාත්මක තත්වයක් මෙහි තිබෙන නිසා. ඒ වගේම මේ බුබුලු රාශියක් තිබෙන නිසාම අපි වගෙ භෞතික නීති රීති තිබෙන විශ්වයක ඔබ වගේම කෙනෙක් මේ වගෙ Article එකක් කියවමින් ඉන්නවා වෙන්නත් පුලුවන්. මොකද ඉස්සර වෙලා කිවුවා වගෙම අනන්ත සිදුවීම් අතරෙ සම්භාවිතාව ඉතාම කුඩා උනත් එහෙම දෙයක් වෙන්න පුලුවන් තවත් මතයක් තිබෙනවා එක්තරා ආකාරයකට විශ්ව කිහිපයක් තිබිමේ හැකියාවක් තියෙනවා කියලා. ඒ කියන්නෙ අපේ විශ්වය මතම තවත් විශ්වයක්. ඉතින් මේ ක්‍රමයට අනුව සමාන්තර විශ්වය තිබෙන්නෙ ගොඩක් ඈතින් නෙමේ ගොඩක් ම ලඟින්. මෙම කල්පිතය හරහා අපට ලැබෙනවා පෘථිවිය මත ඉඳලම වෙනත් සමාන්තර ග්‍රහලෝකයකට ගමන් කරන්න. ඉතින් මේ කල්පිතය විශ්වාස කරන විද්‍යාඥයන් පෘථිවියේ ඉදලම වෙනත් ග්‍රහලෝකයකට යාමට සමාන්තර දොරටු නිර්මාණය කිරීමට උත්සහ කරනවා. ඉතින් මේක මෙහෙම කියලා හරියන්නෙ නැහැ. මේක විද්‍යාත්මකව කියන කොට තමයි පොඩි ගතියක් තියෙන්නෙ. 

ඉතින් මන් හිතනවා ඔගොල්ලන්ට සමාන්තර ලෝක සංකල්පය පිලිබඳ අදහසක් ඇති කියලා දැන් Part 01 වඩා ගොඩක් විස්තරාත්මකව මන් Part 02 ලිව්වා කියලා මන් හිතනවා. ඔයාලගෙ අදහස් එහෙමත් මට කියන්න අමතක කරන්න එපා.

දැනුම බෙදා හදා ගනිමු.
Ashan Ranaweera

Ashan Ranaweera

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *