ලැප්ටොප් එකක් සහිත ඉපැරණි ග්‍රීක කැටයමක් හමුවෙයි.

 ලැප්ටොප් එකක් සහිත ඉපැරණි ග්‍රීක කැටයමක් හමුවෙයි.

හරිම පුදුම දෙයක් තමයි අපිට දැකගන්න ලැබිලා තියෙන්නෙ. ඒ තමයි ඉපැරණි ග්‍රීක කැටයමක ලැප්ටොප් පරිගණකයක් අතින් ගත් කාන්තාවකගේ රුවක් දක්නට ලැබීම. මේ ලැප්ටොප් එකේ USB ports පවා පැහැදිලිව දර්ශනය වෙනවා.

ඔව්. ලැප්ටොප් එකක් තමයි. සමහර විට මේක කාලය හරහා ගමන් කිරීම ගැන සාක්ෂියක් වෙන්නත් පුළුවනි.

මාබල් වලින් නිර්මිත මේ කැටයම තියෙන්නෙ කොහෙද කියලා හොයලා බලමුකෝ මුලින්ම.  මේ කැටයම හඳුන්වන නම තමයි “Grave Naiskos of an Enthroned Woman with an Attendant” දැනට තැන්පත් කරලා තියෙන්නේ කැලිෆෝනියාවේ  J. Paul Getty කියන කෞතුකාගාරෙ.  ඒක ක්‍රි.පූ. 100 දි විතර කාලෙදි අවමංගල්‍ය කටයුතු සිදු කරපු තැනක්ලු.

මෙම මූර්තිය අඟල් 37ක් පමණ උස වන කුඩා ප්‍රමාණයේ එකක්. සිංහාසනයක් වැනි ආසනයක හිඳගත් කාන්තාවක් වෙත තුනී පෙට්ටියක් වැනි යමක් ඉදිරිපත් කරන සේවකයෙක් වැනි රුවක් මෙමඟින් දිස් වෙනවා.

ඩේලි මේල් පුවත්පත 2014 දී  යූටියුබයෙහි වඩියෝවක් දක්වමින් මෙම කැටයම කාලය හරහා ගමන් කිරීම සම්බන්ධව නිරූපණය කරන්නක් බව පවසනවා.

එම වීඩියෝවේ දැක්වෙන කරුණු වලට අනුව එම පිරිස පවසන්නේ ආභරණ පෙට්ටියකට වඩා දිගැති එම වස්තුව ලැප්ටොප් යන්ත්‍රයකට සමාන බවත්, එහි තිරය දෙස කාන්තාව බලා සිටින බවත්ය.

එම වීඩියෝවේ මෙසේ සඳහන් වෙනවා. “[The statue] depicts an astonishing object that bears a striking resemblance to a modern laptop or some handheld device,”

නමුත් මෙය කෙරෙහි ඇතිවී තිබෙන උනන්දුවත් සමඟ සමාජ මාධ්‍ය වල පිරිස් විවිධ මත සහ අදහස් දක්වමින් සිටිනවා.

සමහරු නම් කියන්නේ මෙම කැටයමේ දැක්වෙන වස්තුව පීසා එකක්, ආභරණ පෙට්ටියක්, විලවුන් රඳවනයක් වැනි ඕනැම එකක් විය හැකි බවයි.

Kristina Killgrove නමැති ජීවපුරාවිද්‍යාඥවරිය Forbes සඟරාවට දක්වා ඇති අදහස් අනුව එම වස්තුව ඉටි වලින් නිර්මිත තැටියකි. එය ග්‍රීක්වරුන් විසින් ලිවීම සඳහා භාවිතා කර ඇත.

කෙසේ නමුත් මෙම කැටයමේ දැක්වෙන වස්තුවෙහි එක් පසෙකින් ලැප්ටොප් යන්ත්‍රයක USB Ports සඳහා සිදුරු පවතින ලෙසින් සිදුරු දෙකක් විශේෂයෙන්ම සකස් කර ඇත්තේ ඇයි දැයි සැමගේ සිත් තුළ පවතින පුදුමයයි.

ලක්මිණ ජයමාල්

ලක්මිණ ජයමාල්

https://edutalk.lk

එඩියුටෝක් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.