පාසලෙන් පන්නා දැමූ චිත්‍ර ශිල්පියා – සැල්වදෝර් ඩාලි

 පාසලෙන් පන්නා දැමූ චිත්‍ර ශිල්පියා – සැල්වදෝර් ඩාලි

1904 වසරේ මැයි මස 14 වැනි දින උපත ලද සැල්වදෝර් ඩාලි ගැන දෙමව්පියන් දෙදෙනා මහත් ආදරයක් සහ ආරක්ෂාවක් සහිතව ඇති දැඩි කළහ. ඩාලිට පෙරාතුව උපන් වැඩිමහල් දරුවා හදිසියේ මියගියෙන් පියා කුසී සහ මව ෆෙලිපා ඩාලි රැක බලා ගත්තේ ඇසටත් වඩා ආරක්ෂාවෙන්ය.

පාසලෙන් පන්නා දැමූ චිත්‍ර ශිල්පියා – සැල්වදෝර් ඩාලි 1364 116909 dali

මවගේ සහ පියාගේ අසීමිත ආදරය හා ආරක්ෂාව ඔහුට මානසික වධයක් විය.

“මොන කරදරයක්ද මන්දා. මට හැරෙන්නවත් නිදහසක් නැහැ.” වරක් ඔහු චෝදනා කළේය.

“එහෙම තමයි පුතේ. අපි ඔයාට ආදරෙයිනේ.” මව පුතුගේ හිත සැනසු‍වාය.

“ආදරේ තමයි කෑදරේ වෙන්නේ.” ඩාලිගේ හිතේ තිබුන ආවේගය මව ඉදිරියේ පවසා සිටියේය. මේ කාලය වෙන විට ඩාලිට නැගණියක්ද සිටියෙන් ඇය සමග හැර නිවසෙන් අඩියක්වත් එපිටට තබන්නට අවසරයක් නොවීය.

හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනේ කියන්නා සේ ඩාලි බාල කාලයේ පටන් චිත්‍ර ශිල්පියට මහත් දක්ෂතාවයක් පෙන්නුම් කළේය. මේ දරුවා හොඳ චිත්‍ර ශිල්පියෙක් වෙයි. ගුරුවරු අනාවැකි පළ කළහ. බොහෝ විට ඩාලි මේ අන්දමින් හැකියාව ප්‍රකට කරන්නට වූයේ ඔහු හුදෙකලාව සිටින විට නොදැනීම චිත්‍ර අඳින්නට යොමු වීම නිසාය. මේ අතර පියා ඩාලිව සැන් ෆර්නැන්ඩෝහි පිහිටි ප්‍රසංගික (school of fine arts) කලායතනයට ඇතුලත් කිරීමට තීරණය කළේය. මෙතෙක් දවසක් තමා පිළිබඳව වෙනසක් නොදෙන මව පියාට දෝෂාරෝපණය කරමින් සිටි ඩාලිට ගම හැර යෑම එතරම් පහසු කටයුත්තක් නොවීය.

පාසලෙන් පන්නා දැමූ චිත්‍ර ශිල්පියා – සැල්වදෝර් ඩාලි The Persistence of Memory canvas collection Salvador 1931
The-Persistence-of-Memory

“නංඟී, මං හෙට සැන් ෆර්නැන්ඩෝ යනවා”

“ඉතිං ඇයි අයියා දුකින් වගේ”

“මට ඔය‍ෙගාල්ලන් දාලා යන්න වෙනවානේ.”

“ඉතිං අයියා චිත්‍ර ඉගෙනගෙන එනවානේ.” නගා බොහොම තර්කානුකූල ලෙසින් කියා සිටියාය. කලායතනයට ඇතුලත් වුන ඩාලි එහි නේවාසිකාගාරයේ නැවතී ඉගෙනුම් කටයුතු ආරම්භ කරන්නට වූයේය. මේ අතර ඔහුට නව මිතුරන් ඇසුරට අවස්ථාව ලැබුණි. මේ අවධියේදී මෙම විදුහලේ අධ්‍යාපනය ලත් ලුවිස් බුක්එල් පසු කලෙක ඩාලිගේ හොඳම මිතුරා බවට පත් විය. මහා සිනමාවේදියෙක් ලෙසින් ඔහු සුවිශේෂී චරිතයක් විය.

ගාර්ෂියා ලෝකෝ, පෙන් බෙයිසෝ, අෆායල් අල් බෙර්ගී යන කලාකරුවන් ඩාලිගේ සමකාලීන මිතුරන් වූවා පමණක් නොව පසුකාලීනව කලා ලෝකයේ දැවැන්තයන් වූහ.

පාසලෙන් පන්නා දැමූ චිත්‍ර ශිල්පියා – සැල්වදෝර් ඩාලි 7567008
Galatea of the Spheres (1952)

ඩාලි බෙහෙවින් තර්කානුකූලව කතා කරන ශිෂ්‍යයෙක් විය. එහෙත්, ගුරුවරුන්ට මෙම තත්වය නොරිසි වන නිසා දිනක් බුක්දුල් ඩාලිට කියා සිටියේ ගුරුවරුන් සමග තර්ක විතර්ක කිරීම එතරම් හොඳ නැති බවත් , ගුරුවරුන් විදිහට ඔවුන් එයට අකමැති බවත්ය. ඔහුගේ පූර්ව අවවාදය ඩාලි එතරම් තැකුවේ නැත.

1924 වසරේ දිනක ඩාලි සැල්වදෝර් ඉතා දුක්මුසු ස්වරූපයෙන් නොව කෝපයට පත්ව විදුහල්පතිවරයාගේ කාමරයෙන් එළියට ආවේය.

“ඩාලි මොකද, අමුතු වෙලා, සර් බැන්නද?”

“නැහැ. මාව ඉස්කෝලෙන් අයින් කරලා. “

“මොනවා! ඇයි ඒ?” බුක්දුල් විමසුවේය.

“මම ගුරුවරුන් එක්ක තර්ක කරන නිසා.” ඩාලි කීවේය.

“හරිම අසාධාරණයි” බුක්දුල්ද ඩාලිගේ පැත්තට කරුණු කීවේය.

“බුක්දුල් මම ගෙදර යනවා. මේක චිත්‍ර කලාව උගන්වන එක ආයතනයක් විතරයි. තව ඕනෑ තරම් තැන් නැතෑ.” ඩාලි දෙවරක් නොසිතාම විදුහලෙන් නික්ම ගියේය.

නිවසට පැමිණි තම පුතු ගැන පියා මහත් සේ උරණ වුයේ තමාගේ නීතිඥ වෘත්තියටත් ඔහු නිගරු කළ බව සඳහන් කරමින්ය.

“මට සමාවෙන්න තාත්තේ….”

“සමාව? මොන විකාරයක්ද? ඕනෑම නොහොබිනා වැඩක් කරල සමාව…” තාත්තාගේ කෝපය ඉවසුම් නැත.

“මං විරුද්ධ වුනේ අයුක්තියට.” ඩාලි කීවේය.

“උඹ අයුක්තියට විරුද්ධ වුණා. මට රටට ලෝකයට මුහුණ දෙන්න බැරි වුණා.”

“හරි තාත්තා එහෙම හිතනවා නම්, මං හින්දා තාත්තාට අවමානයක් නම් මං යන්නම්.” ඒත් ඉතිං කටට ආවාට දොඩවනවා වගේ දැන් කොහේ යන්නද? කියා ඩාලි සිතුවේය.

නිවසින් පිටව ඔහු ගියේ පූබෝල් ගම්මානයටයි. මෙහිදී ඉතා අහඹු ලෙසින් ඔහුට ධීවරයෙක් මුණ ගැසුණේය. සිද්ධිය ඩාලි ධීවරයාට කියා සිටියේය.

පාසලෙන් පන්නා දැමූ චිත්‍ර ශිල්පියා – සැල්වදෝර් ඩාලි 7567002
The Temptation of Saint Anthony (1946)

“පුදුම තාත්තෙක්, මට ඔබට රැකවරණය දෙන්න පුලුවන්. හැබැයි මට මාලිගාවක් නැහැ. පුංචි පැල්පතක්. කැමැති නම් අපිත් එක්ක ඉමු.”

“මට මාළිගා අවශ්‍ය නැහැ. අවංක මනුස්සයෙකුගේ ඇසුර තිබුනොත් ඒ හොඳටෝම ඇති”. ඩාලි කීවේය.

ධීවරයාගේ නිවසේ සිට චිත්‍ර අඳිමින් සිටි ඩාලිට පැබ්ලෝ පිකාසා් මුණ ගැසුණි. සැල්වදෝර්ගේ කලාව බොහොම යථාර්ථවාදියි. මේ කාලය වෙන විට ප්‍රොයිඩ්ගේ ඉගෙනුම් පදනම් කර ගෙන අධි යථාර්ථවාදී ශෛලිය ආදේශ කරන ලදී. ඒ අතරම වෙළඳ ආයතන වෙනුවෙන් ලාංඡන නිර්මානයටද යොමු වූයේය. 1929 වස‍ර වෙන විට ඔහු අලුත් කලාවක් වෙනුවෙන් යොමු විය. ඒ තමා නරඹන ලද චිත්‍රපට ජවනිකා සිතුවමට නැගීමයි.

මේ අතර බුක්දුල්ගේ දෙවැනි චිත්‍රපටය  වූ ස්වර්ණ යුගය (laedad de oro) චිත්‍රපටය වෙනුවෙන් ඩාලි තිර නාටකය රචනා කළත් බුක්දුල්ගේ අධ්‍යක්ෂණයේ දෝෂ නිසා සමාජ විරෝධතාවයන් එල්ල විය. බොහෝ දෙනා නිර්දය ලෙසින් පහර දෙන්නට වූහ. මේ නිසා ඔහු කාටුන් කලාව දෙසට යොමු විය. ජීන් ගබින්ගේ මූන්සයිඩ්  (Moon side) චිත්‍රපටය වෙනුවෙන්ද ඔහු සහභාගි විය.

පාසලෙන් පන්නා දැමූ චිත්‍ර ශිල්පියා – සැල්වදෝර් ඩාලි 7566994
The Great Masturbator (1929)

“දැන් කල වයස හරි විවාහයක් ගැන හිතන්න.” මිතුරු සමාගම මතක් කරන්නට වූයේය. 1934 වසරේදී ඔහු විවාහ වූයේ ය. නැවතත් ලුවිස් ලුක්විල්ගේ අධි යථාර්ථවාදී චිත්‍රපටය වෙනුවෙන් තිර රචනය කළේය.

ඇල්ප්‍රඩ් හිච්කොක්ගේ ස්පෙල් බවුන්ඩ් චිත්‍රපටයට තිර රචනය කරමින් හොලිවුඩ් සිනමාවට සම්බන්ධ වූයේය. වෝල්ට් ඩිස්නිගේ ඩෙස්ටිනෝ චිත්‍රපටය ඔස්සේ නිෂ්පාදනයටද සම්බන්ධ විය.

වයස අවුරුදු 75 ක් වෙත්ම හදිසියේ ඔහු අසනීප වුයේය. බේත් බිව්වද සුව අතට හැරෙන්නට විදිහක් නැත. අත අප්‍රාණික වීමට බේත් ගත්තද එයට හේතුව වූයෙ ඖෂධ විෂ වීමකි. අත වෙව්ලන නිසා චිත්‍ර ඇඳීම සම්පූර්ණයෙන් ම නැවතී ගියේය. මේ අතර ජුවාන් කාලෝස් ස්පාඤ්ඤ රජතුමා විසින් ”පුගොල් පෙදෙසේ වංශාධිපති (Marquts de pubol)” යන නම්බු නාමයෙන් ඩාලිට උපහාර දක්වන ලදී. රජතුමාට කෘතගුණ දක්වනු පිණිස වෙව්ලන දෑතින් පින්සල අතට ගෙන චිත්‍රයක් නිර්මාණය කළ අතර ස්පාඤ්ඤ රජය විසින් කලාකරුවෙකුට ප්‍රධානය කරන grand cross of queen Isebela සම්මානයෙන් ඔහු පුදන ලදී.

පාසලෙන් පන්නා දැමූ චිත්‍ර ශිල්පියා – සැල්වදෝර් ඩාලි 7567011
Soft Construction with Boiled Beans (Premonition of Civil War) (1936)

බිරිඳගේ වියෝව ඔහුට දරා ගැනීම ඉතා අපහසු විය. එහෙත් ඔහු කෙසේ හෝ ජීවත් වීමට උත්සාහ ගත්තේය. එහෙත් තමාගේම චිත්‍රපටයක් (Tristana) නරඹමින් සිටි ඔහු සයනයේදීම මිය ගොස් සිටියේ කිසිදු කෙනෙකුට නොදන්නවාමය.

පුන්‍යා චාන්දනී ද සිල්වා

පුවත්පතක නම පළ කර ගැනීමේ සිහිනයක් කුඩා කාලයේ පටන්ම පැවැතුණි. වෘත්තියෙන් පුස්තකාලයාධිපති ලෙසින් වෘත්තිමය ජීවිතය ඊට තවත් උපකාරී විය. පොත් පත් අතරේ සිටින විට කියවන ලියන උනන්දුව තව තවත් වැඩි වීය. මේ පරිසරය නිසාම විවිධ පුවත්පත් සඟරා සහ වෙබ් පිටු වෙත විහේෂාංග ලේඛිකාවක ලෙසින් කටයුතු කිරීමට ලැබීම සැබෑම වාසනාවක් සේ සලකමි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply