ගංජාකාරයොත් නොදන්න “රස්තා” හෙවත් රස්තාෆාරියානුවාදය

 ගංජාකාරයොත් නොදන්න “රස්තා” හෙවත් රස්තාෆාරියානුවාදය

අපි දන්න විදිහට ‘රස්තා’ කියලා හඳුන්වන්නෙ ගංජා දුම උරන රස්තියාදුකාරයො වගේ පිරිසක්. ඉතින් සමහර පිරිමි ළමයි තමන් රස්තා බව හැඳින්වීමට විවිධ ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. සමහරවිට ඔවුන්ගේ ඇඳුම් වල තොප්පි වල ලේන්සු වල ගංජා කොළයේ ලකුණක් තිබෙනවා. එහෙමත් නැත්නම් කොළ, කහ, කළු වර්ණ වලින් යුක්ත වෙනවා. රස්තා කියන්නෙ එච්චරමද? ඇත්තටම නැහැ. රස්තා හෙවත් රස්තෆාරියානුවාදය කියන්නෙ ලෝකයේ තියෙන වෙනස්ම සංස්කෘතියක්. අන්න ඒ රස්තා සංස්කෘතිය ගැන තමයි අද ලිපිය දිගහැරෙන්නේ.

එහෙත් බොහෝ දෙනෙක් රස්තා කියන වචනේ ඇහුණම ලෝක ප්‍රසිද්ධ ගායක ‘බොබ් මාලේ’ මතකයට නගා ගන්නවා. ගංජා ගහන කැරලි සහිත දිගු හිසකෙස් කළඹක් සහිත කහ, කොළ, කළු වර්ණ සහිත ඇඳුම් ඇඟලා සිටින කෙනෙක් තමයි මතක් වෙන්නෙ.

රස්තා කියන්නෙ කාටද?

රස්තා සමස්තයක් ලෙස ගතහොත් ඇතමුන්ගේ මතය අනුව එය ආගමකට වඩා ජීවන මාර්ගයකි. ජීවන ශෛලියකි. (බොබ් මාර්ලී ද මෙම අදහස දරයි.) ඊට හේතු වශයෙන් එම පිරිස් දක්වන්නේ රස්තා ආගමික නොවූ දුප්පත්කම, පීඩනය, දුෂ්ට පාලනයට විරුද්ධ වීම හා නිදහස වැනි ලෝක ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කරන නිසා බවය. එහෙත් රස්තලාට හැම මග පෙන්වීමක්ම බයිබලය තුළින් සිදු කරයි. එහෙයින් එය ආගමකින් සම්පූර්ණයෙන් ම මිදුනක් බව ද කිව නොහැක.

රස්තා ව්‍යාපාරය ජැමෙයිකාවේ කිංග්ස්ටනයේ කාඩ්බෝඩ් හා ටකරන් වලින් තැනූ පුංචි මඩු ඇති කුණු බක්කි වැනි ප්‍රදේශ වල ජරාජීර්ණ ජීවිත ගත කළ කළු වහල් ජනතාව තුළින් ගොඩනැගුනකි. (ඩන්ගල්, ටේ‍රන්ච් ටවුන් මෙවැනි ප්‍රධාන ස්ථාන දෙකකි. මේවා “ගෙටෝ” හෙවත් මුඩුක්කු ප්‍රදේශයන් ය.) මෙලෙස ආරම්භ වී මේ වනවිට රස්තා ජැමෙයිකානු ජනතාවම වෙලා ගත් දර්ශනයක් බවට පත්වී තිබේ. රස්තා දර්ශනය තුළ රස්තා මිනිසුන් අවසානයේ දී විශේෂයෙන් ඇතිවන “කළු ජාතික ආධිපත්‍යයක්” ගැන විශ්වාස තැබූහ. දුක, අන්ත අසරණභාවය තුළින් උපද්දවන බැවින් රස්තා දර්ශනය නිර්මල හා වෛරයෙන් තොර වූත් සටන්කාමී එකක් විය. සම්පූර්ණයෙන් ආදර්ශයෙන් පිරුණු එකක් ද විය. ආත්මීය නිදහස, වහල්භාවයෙන් නිදහස හා අප්‍රිකානු නිදහස රස්තා හි ඉහළින් ම තිබුණු ඉල්ලීම් ය……..

…….. රස්තෆාරියානුවාදය දෙස බලන විට එහි පදනමට මුල් වී ඇත්තේ අතීතයේ අප්‍රිකානු, කැරිබියානු ස්වදේශීය ආගමික හා ජාතිකත්වයන් හා චාරිත්‍ර වාරිත්‍රයන් ය. එම කාලයේදී මෙම රටවල්වල “නියබින්ගි රණකාමීන්” නම් සටන්කාමීන් පිරිසක් වූහ. ඔවුන් “ඩේ‍රඩ්ලොක්ස් රස්තලා” නමින් හැඳින් වූහ. …. රස්තා වෙත ඉන්දියානු හින්දු දහමේ ආභාෂය ද ලැබී ඇති බව ඇතැම් විද්වතුන්ගේ මතය වී තිබේ. ඊට හේතු සාධක ලෙසින් දක්වන්නේ 19 හා 20 වැනි සියවස අතර කාලයේ දී හින්දු බැතිමතුන් හා ආගමික පූජකයින් දහස් ගණන් කැරිබියානු දූපත්වලට සංක්‍රමණය වීමයි. මොවුන් අතර ලණුමෙන් දිගු කරල් ද සහිත කොණ්ඩ වවාගත් (රස්තා තුළ ඩේ‍රඩ්ලොක්ස් ලෙස හඳුන්වන) ගංජා බොමින් භාවනාගතව තම ආගමික කටයුතු කළ තාපසයන් හා පූජකයින් විශාල වශයෙන් හිඳ තිබේ…….

මූලාශ්‍රය – රස්තා හෙවත් රස්තෆාරියානුවාදය – බූන්දි.එල්කේ

රස්තාෆාරි ආරම්භ කලේ බොබ් මාලේ නොවේ.

රස්තාෆාරි ව්‍යාපාරය සමඟ බොබ් මාලේ නම් ගායකයා සම්බන්ධ කළ හැකි නමුත් ඔහු එය ආරම්භ කළේ නැත! කෙසේ වෙතත්, ඔහුගේ සංගීතයේ උමතු ජනප්‍රියතාවය රස්තෆාරි ජීවන රටාව ව්‍යාප්ත කිරීමට උපකාරී වූ බව ප්‍රතික්ෂේප කළ නොහැකිය.

ගංජාකාරයොත් නොදන්න "රස්තා" හෙවත් රස්තාෆාරියානුවාදය Faces of resistance article

රස්තාෆාරි වර්ණ

රතු, කොළ, කළු සහ කහ යන වර්ණ ඔවුන්ගේ ප්‍රසිද්ධම වර්ණ ලෙස හඳුන්වන්න පුළුවනි. කහ වර්ණයෙන් අප්‍රිකාවේ පවතින සශ්‍රිකත්වය නිරූපණය කරනවා. රතු වර්ණයෙන් කියවෙන්නෙ රුධිරය සහ අනුන් වෙනුවෙන් පණ දෙන්න උනත් සූදානම් බව හැඟවෙනවා. එතකොට කළු වර්ණයෙන් කියන්නෙ එහි වෙසෙන ජනතාව සහ කොළ වර්ණයෙන් අප්‍රිකාවේ ගහකොළ පිළිබඳව දක්වනවා.

ගංජා භාවිතා කරන එක අනිවාර්ය දෙයක් නෙවෙයි.

ගංජාකාරයොත් නොදන්න "රස්තා" හෙවත් රස්තාෆාරියානුවාදය 3629293232 797b39cb01 b

සමහර දෙනෙක් මේ රස්තෆාරියානු සංස්කෘතියට ආකර්ශනය වෙන්නෙ වෙන මොකවත් නිසා නෙවෙයි. ගංජා දුම උරන්න තිබෙන එකම අවසරය කියලා හිතන නිසයි. කෙසේ නමුත් ඔවුන්ගේ විශ්වාස සහ ක්‍රියාකාරකම් අනුව ගංජා භාවිතය අනිවාර්ය අංගයක් නම් නොවෙයි.

විශේෂ ආහාර වට්ටෝරු

රස්තා කෑම වට්ටෝරු සෑම විටම ඔබේ ශරීර සෞඛ්‍යයට හිතකර ස්වභාවික ආහාර වලින් සමන්විත වෙනවා. මෙහිදී සකස් කරන ලද ආහාර සහ රතු මස් භාවිතයක් නැහැ. එළවළු, පළතුරු තමයි ප්‍රධානතම ආහාර වෙලා තිබෙන්නෙ. 

“රස්තෆාරියානුවෝ” කියලා එහෙම එයාලට කියන්න එපා

රස්තාෆාරි කට්ටිය තමන්ට රස්තෆාරියානුවො කියල හඳුන්වනවට එයාල එච්චර කැමැත්තක් දක්වන්නෙ නැහැලු. ඒක නම් එයාලගේ විශ්වාස මත පදනම් වෙච්ච දෙයක්.

ඔබේ සිරුර ඔබේ පූජනීය ස්ථානයයි.

රස්තෆාරි සංස්කෘතියට අනුව ඔබේ ශරීරය සැළකෙන්නෙ පූජනීය ස්ථානයක් එහෙමත් නැත්නම් පන්සලක් හැටියටයි. ඒ නිසා ඔබ ඔබව රැක බලා ගන්න ඕනෙ. මේ නිසා තමයි එයාලා තමන්ගෙ හිසකෙස් දිගට වවන්නෙ. ඒ වගේම ස්වභාවික නොවන කිසිම දෙයක් හිසේ ගල්වන්නෙත් නැහැ.

බැබිලෝනියානු ව්‍යාපාරය

රස්තෆාරි ව්‍යාපාරය ආරම්භ වී තිබෙන්නෙ ජැමෙයිකාවේදී යි. බොහෝ කළු ජාතිකයින් මෙහිදී සුද්දා විසින් වහල් සේවයට යොදවාගෙන තිබෙනවා. මෙන්න මේ හේතුව නිසා ඔවුන් බටහිර ගැති භාවය සහ බටහිර චින්තනය ප්‍රතික්‍ෂේප කරනවා.

අප්‍රිකාව ඔවුන්ගේ පාරාදීසයයි.

ගංජාකාරයොත් නොදන්න "රස්තා" හෙවත් රස්තාෆාරියානුවාදය imageedit 1 7894709050

ඔවුන් තදින් ම විශ්වාස කරනවා ඔවුන්ගේ ආගමික විශ්වාස සඳහා මූලිකවම බයිබලය දායක වී තිබෙනවා කියා. ඒ නිසා ඔවුන් සුවිශේෂී පාරාදීසයක් ගැන විශ්වාස කරනවා. අප්‍රිකාව තමයි ඔවුන් ඒ විශ්වාස කරන ඔවුන්ගේ වාසස්ථානය සහ පාරාදීසය කියා හඳුන්වන්නේ.

ඔවුන්ටම ආවේණික උප භාෂාවක් තිබෙනවා.

මෙය ජැමෙයිකානු භාෂාවක් වන ක්‍රියෝල් බසෙහි අතු රිකිල්ලක් ලෙස හඳුන්වන්න පුළුවන්. එහි නාමය වෙන්නෙ ලයරික් (Lyaric). නමුත් මෙයාලා ඉංග්‍රීසි භාෂාවත් පාවිච්චි කරනවා. හැබැයි ජැමෙයිකාවේ සිට රැගෙන එන ලද අප්‍රිකානු වහලුන් විසින් ඉගෙනගෙන සංවර්ධනය කරගෙන සහ වෙනස් කිරීම් සිදු කිරීමෙන් පසු සකස් වුණු භාෂාවක් ලෙස මෙය හැඳින්විය හැකියි.

ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන ආගමනය

ඔවුන්ගේ විශ්වාස වල මූලික හරය ලෙස 1900 ගණන් වල මුල් භාගයේෙ Marcus Garvey නම් පුද්ගලයා අනාගත අනාවැකියක් පවසනවා අලුත් කළු ජාතික රජෙක් අප්‍රිකාවට ඉක්මණින්ම පහළ වෙන බව. ඉතින් ටික කාලෙකින්ම ඉතියෝපියානු රජ කෙනක් කිරුළු පළඳිනවා. බොහෝ දෙනෙක්ට ඔහුගේ පෙනුම හරියට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වගේ කියලා හිතුණා. ඒ නිසා රස්තා සංස්කෘතියේදී ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන ආගමනය කියා හඳුන්වනවා.

වැඩිදුර කියවීමට – රස්තාගැන දැනගමු

ලක්මිණ ජයමාල්

https://edutalk.lk

එඩියුටෝක් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply