රාම දෙවියන් විත්ති කූඩුවට කැඳවමුද?

රාම සීතා පෙම් පුවත සැබෑම ආදරවන්තයන්ගේ අනන්‍යතාවයයි. ලෝකය පුරා හින්දු බැතිමතුන් රාම දෙවියන් මහත් භක්තියෙන් අදහන අතර රාමායනය නම් සාහිත්‍ය කෘතිය මගින් මෙම චරිතය විශිෂ්ට චරිතයක් ලෙසින් ඉස්මතු කොට ඇත.

එහෙත්… ඉන්දියානුවන් රාවණ රජතුමාව සලකනු ලබන්නේ ගැහැණුන් සොරකමේ ගිය රජකෙනෙක් ලෙසින් ය. රාම රජතුමා විසින් රාවණ රජ්ජුරුවන්ගේ නැගණියගේ කණ සහ නාසය කපා දැමීමට උරණව සීතාව පැහැරගෙන පැමිණියත්, ඇය වෙනුවෙන් උපරිම සැප පහසුකම් සලසා දෙන ලදි. රාවණ රජතුමාගේ යහපත් ගති පැවතුම් නිසා සීතා කුමරියගේ පතිවත රැක ගැනීමට හැකි වුනත් රාම රජතුමාට එහි සැකයක් ඇති වීම මඟින් පැහැදිලිව පෙනෙන්නේ ඇය මුල්කර ගත් විශ්වාසයක් රාම වෙත නොතිබුණ බවයි.
නමුත් ඇත්තටම රාම සැබෑ වීරයෙක් නොවන බව ඉන්දියාවේ නීතිඥයෙකු වූ චන්දන් සිං සඳහන් කර සිටී. ලංකාපුරයේ රාවණ රජතුමාගේ පැහැරගැනීමට ලක්ව සිටි සීතා දේවියගේ පතිවත මුල්කරගෙන ඇතිවුන සැකය නිසා තම බිරිඳ පිළිබඳව ගොඩනගා ගත් සැකය තුළ රාම දෙවියන් තම බිරිඳ පිළිබඳව ගරුත්වයෙන් නොසැළකූ බව මෙම නීතිඥවරයා පෙන්වා දෙනවා. ඇත්තටම මෙය විහිළුවක් විය හැකි බව ඔහු පෙන්වා සිටින අතර තමාට අවශ්‍යව ඇත්තේ අනාදිමත් කාලයක් පටන් කාන්තාව වෙනුවෙන් සමාජයේ ගරුත්වයක් නොතිබුණ බව ලෝකයා ඉදිරියේ පෙන්වා සිටීම බැව් ඔහු ප්‍රකාශ කර සිටියි.

මේ නිසා නැගෙනහිර බිහාරයේ අධිකරණය වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති නමුත් අධිකරණය විහිලුවක් සේ සළකා ඇත. රාම දෙවියන් පිළිබඳව දේවත්වයෙන් සලකන හින්දු බැතිමතුන් සාහිත්‍යය පවා අදහන්නේ දේවභාෂිතයක් ලෙසින්ය. මේ නිසා නීතිඥයන් පවා තම කණ්ඩායම් හැඟීමෙන් මිදී චන්දන් සිං දෝෂ දර්ශනයට ලක් කොට ඇත. මෙම නීතිඥයන් කියා සිටින්නේ මෙම සිද්ධිය චන්දන් සිං අනවශ්‍ය ලෙසින් කැපී පෙනෙන්නට දරන උත්සාහයක් බවයි. ඔහුගේ ඉතිහාසය හුවා දක්වමින් නීතිඥ රන්ජන් කුමාර් සඳහන් කරන්නේ සමාජයේ කැපී පෙනෙන නඩු ඉදිරිපත් කිරීමේ “උණක්” මෙම නීතිඥයාට ඇති බවයි. එහෙත් හින්දු ආගමික සංකල්ප වෙනුවෙන් විවේචනාත්මක දෘෂ්ටියකින් කතා කිරීම නිසා චන්දන් සිං ට එරෙහිව මෙම නීතිඥ කණ්ඩායම නඩු මගට පිවිසෙන්නට අදහස් කරන අතර ඒ සමඟම ඔවුන් සඳහන් කරන්නේ හින්දු සාහිත්‍යය උපහාසයට ලක් කිරීම නිසා නීතිඥ වෘත්තියෙන් පවා චන්දන් පහ කළ යුතු බවයි.
නීතිඥ චන්දන් සිං කියා සිටින්නේ ඔහු පවා රාම දෙවියන් අදහන හින්දු භක්තිකයෙක් නිසා දෙවියන් පිළිබඳ උපහාසයක් ගොඩනැඟීමට කිසිසේත්ම උත්සාහ නොකළ බවයි. කාන්තාවන් වෙනුවෙන් යුක්තිය පිළිබඳ කතා කිරීම වැරැද්දක් ලෙස තමා නොසිතන බව ඔහු අවධාරනයෙන්ම සඳහන් කරයි.
මෙයින් පෙනී යන්නේ අනාදිමත් කාලයක පටන් ඉන්දියානු කාන්තාවට සමාජය තුළ වූ නොපිළිගැනීම අලලා වූ මෙම නඩුව විභාගය සිදු වූයේ නම් කාන්තාවන්ට ගෞරව කළ යුතු වූ සුබවාදී පණිවිඩය මිනිසුන් අතරට එක් වීමට අවස්ථාවක් සැළසෙන බවයි.

රාවණ රජතුමා සීතා කුමරිය වෙනුවෙන් දැඩි රැකවල් යොදා තිබුණ අතර සීතා කුමරියට නිදහස් ජීවිතයක් ගත කිරීමට අවසර තිබුණේ නැති බව පුරාවෘත මඟින් පෙනී යන කරුණකි. රාවණ රජතුමා ගමන් බිමන් යෑම වෙනුවෙන් භාවිතා කරනු ලැබූ උමං මාර්ගයට ඇතුළු වෙන තැන යක්ෂ සෙනෙවියන් දෙදෙනෙකු විසින් ආරක්ෂා කරන ලදි. සීතා කුමරිය ස්නානය කරන තෙක් රාවණ රජතුමාගේ සෙන්පතියන් විසින් රැකවල් ලා සිටි බවත් සඳහන් වීමෙන් පෙනී යන්නේ සීතා කුමරිය මුල් කරගත් දැඩි ආරක්ෂාවයි.

අවසානයේදී රාම කුමරු විසින් රාවණා පරාජය කොට සීතා කුමරිය බේරා ගත් බව සඳහන්. නමුත් සීතා කුමරිය රාම සහ රාවණ යන දෙදෙනාගෙන්ම අපහසුතාවයට පත් වුණ බව නම් නොඅනුමානයි. ආහාර පාන සහ වෙනත් පහසුකම් අතින් උපරිම ලැබුණත් ඇය වෙනුවෙන් නිදහස නොමැති වුනා නම් ඉන් එපිටට කතා කළ යුතු දෙයක් නැත.
එසේම තම පෙම්වතා වූ රාම කුමරුද “අවසර කල් රහස් තැන – ගැහැණු කවුරුද වරදෙ නොබැඳෙන” ලෙසින් පතිවත වෙනුවෙන් පරීක්ෂාකාරී වූයේ නම් මේ හැම දෙයින්ම සීතා කුමරිය පීඩාවට පත් වුණ බව නම් සක්සුදක් සේ පැහැදිලිය.

මේ අතර හනුමන් දෙවියන් වෙනුවෙන් කැප කරන ලද දේවාලයක් වෙනුවෙන්ද නැගෙනහිර බිහාර් ප්‍රාන්තයේ අධිකරණයක් මඟින් නියෝගයක් නිකුත් කර ඇත. මෙම දේවාලය බිහාරයේ මහා මාර්ගය වෙනුවෙන් තදබදයක් ඇති කරන නිසා එය එම ස්ථානයෙන් ඉවත් කළ යුතු බව “රොහ්ටාස්” වැඩ දෙපාර්තමේන්තුව මඟින් අධිකරණයට පෙන්වා දී ඇත. මේ නිසා හනුමන් දෙවියන්ට අධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගය හනුමන් දේවාලයේ ප්‍රතිමාවක අලවා ඇත. මේ ගැන අප්‍රසාදයෙන් කතා බහ ගොඩ නඟන භාරතීය ජනතා පක්ෂයේ ක්‍රියාකාරීන් සහ බජ්රන් ඩාල් හින්දු සටන්කාමීන් මෙම නියෝගය ඉවත්කර ගන්නා ලෙසට අධිකරණයට කියා සිටී.