භයානක සියදිවි නසා ගැනීමකට තෝරාගත හැකි ලස්සන තැන් ටිකක්

තමන්ගෙ ජීවිතය අවසන් කර ගැනීමට තීරණයක් ගැනීම තමයි මේ ලෝකෙ තියන අමාරුම වැඩේ. සමහර අවාසනාවන්ත මිනිස්සු කොහොමද මෙහෙම එයාලගේ ජීවිත නැති කරගන්නෙ කියලා හිතනකොටත් මගේ හදවත සියුම් ලෙස වේදනාවක් ගෙන දෙනවා. ඒත් අපි මේ ජීවත් වෙන ලෝකය හරිම පුදුම තැනක්නේ. ඉතින් ලෝකයේ තියන ගොඩක් ලස්සන ස්ථාන කිහිපයක් වැඩි දෙනෙකුගේ සියදිවි නසා ගැනීම සඳහා තෝරා ගන්නා ප්‍රසිද්ධම ස්ථාන බවට පත් වෙලා තියෙනවලු. ඉතින් මේ ස්ථාන වල දහස් ගණනකගේ ජීවිත බිලි අරගෙනත් තමන්ගේ සුන්දරත්වය ලෝකයට දායාද කරමින් තිබෙනවා.
Aokigahara වනාන්තරය

“සියදිවි නසා ගැනීමේ වනය“ කියන අන්වර්ථ නාමයෙන් මේ වනාන්තරය හඳුන්වනවා. Aokigahara වනාන්තරය තියෙන්නෙ ජපානයේ. ඒත තමයි සියදිවි නසා ගැනීම් සඳහා ජනප්‍රියම වනාන්තරය වෙන්නේ. ඇස්තමේන්තුගත ගණනය කිරීම් වලට අනුව වර්ෂයකට 100 දෙනෙකු පමණ මෙහිදී සියදිවි නසා ගන්නවා. ඉතින් මේ වනාන්තරයේ ගොඩක් තැන්වල සියදිවි නසාගත්ත අයගේ මලසිරුරු දකින්න පුළුවන්.
Nanjing Yangtze ගංඟාවේ පාලම

චීනය දිගින් දිගටම නවීකරණය වෙනවා. නමුත් ඇස්තමේන්තු වලට අනුව නම්, පසුගිය වර්ෂයේ අවසාන කාර්තුවේදී 2,000 කට වඩා වැඩි පිරිසක් සියදිවි නසාගෙන තිබෙනවා. මේ ස්ථානය තමයි චීනයේ Nanjing ප්‍රදේශයේ තිබෙන Yangtze නමැති ගංඟාවේ තිබෙන පාලම. ඉතින් සියදිවි හානි කරගන්න අවශ්‍ය අය පාලම උඩට ගිහින් පල්ලෙහාට පනිනවා.
Mihara කන්ද

මේ කන්දත් එක්ක බැඳුණු කතන්දරේකුත් තියෙනවා. ඒ තමයි 1933දී විතර Kiyoko Matsumoto කියලා 21 හැවිරිදි ශිෂ්‍යෙයක් ජපානයේ දූපතක් වන Izu Oshima හි පිහිටි Mihara කන්දේ තියෙන ගිණිකඳු ආවාටයකට පැනලා සියදිවි නසා ගන්න හැදුවලු. මේ කාලයේදී තරුණ කාන්තාවක් තමන්ගේ ශිෂ්‍යාවක් සමඟ සම්බන්ධතාවයක් ඇති කරගෙන ඉන්නවලු. හැබැයි දැන් වගේ නෙවෙයි. ඒ කාලේ නම් සම ලිංගික සේවනය විෂමාචාරයක් ලෙස සළකපු කාලෙ. ඉතින් මේ දෙන්නත් තීරණය කළා මේ ගිණිකන්ද පැත්තේ සංචාරයේ යෙදෙන්න. එහෙම යනකොට කලින් කියපු පිරිමි ළමයා සියදිවි නසාගන්න උත්සාහ කරනවලු. ඉතින් මේ ගෑණු ළමයි දෙන්නත් එතනට පැනලා. පුදුමයක් කියන්නේ එතකොට එක දිගට 1,000 ක විතර පිරිසක් ගිණිකඳු ආවාටයට පනිමින් සියදිවි නසා ගත්තලු.
මේ ස්ථානයේ සියදිවි නසා ගැනීම් සංඛ්‍යාව එන්න එන්නම වැඩි වෙන නිසා ආරක්ෂාව තර කරලයි තියෙන්නෙ. ඒ වගේම මෙතනට යන්නයි එන්නයි දෙකටම ටිකට් ගන්න ඕනෙ. යන්න විතරක් ටිකට් ගත්තොත් ලොකු අපරාධයක් කරපු හැටියට සළකා දඬුවම් කරන්නත් පුළුවනි.
Golden Gate Bridge

අඩි 220ක් පමණ උසින් තිබෙන මෙම පාලමෙන් පහළට මිනිස්සු පැනලා සියදිවි නසා ගන්නවා. ගිය අවුරුද්දෙ 1,400 පමණ පිරිසක් මේ විදිහට කරගත්තු නිසා පාලමේ ආරක්ෂාව තර කරන්න වානේ කේබල් යෙදීමටත් මේ වෙනකොට සැළසුම් සකස් වෙලා තියෙනවා.
Beachy Head

මේ ප්‍රදේශයේත් සියදිවි නසාගැනීම් බහුලයි. මේ ස්ථානය තියෙන්නෙ එක්සත් ජනපදයේ Eastbourne නම් පළාතෙ. ඒ නිසාම එහේ පොලීසිය සහ ජීවිතාරක්ෂක කණ්ඩායම් පැය 24 ම සතියෙ දවස් 7 ම, මේ ස්ථානයේ මුර සංචාරයේ යෙදෙමින් තම ජීවිතය අවසන් කර ගැනීමට තීරණය කළ අවාසනාවන්තයින් බේරා ගැනීම සිදු කරනවා.
London Underground

සම්පූර්ණ යුරෝපීය දුම්රිය මාර්ග වල සිදුවන සියදිවි නසා ගැනීම් වලින් 9%ක ප්‍රතිශතයක් සිදුවන ස්ථානයක් තිබෙනවා. ඒ තමයි ලන්ඩන් භූගත උමං දුම්රිය මාර්ගය. මෙතනදිත් බොහෝ දෙනෙක් තම සියදිවි නසා ගැනීම සිදු කරගන්නවා.
Lawyers Head

මේ ස්ථානය තියෙන්නෙ නවසීලන්තයේ. මෙතෙන්දි සතියක් ඇතුළත 13 දෙනෙක් සියදිවි නසාගෙන තිබෙනවාලු. මේ නිසා රජය විසින් තීරණය කරලා තියෙනවා මේ ලස්සන ස්ථානයට යන්න තියෙන පාර වහලා දාලා විවිධ ඉදිකිරීම් සඳහා මේ ස්ථානය යොදාගන්න තීරණය කරලා. එතකොට නම් මේ තීරණය නිසා ගොඩක් ජීවිත සුරක්ෂිත වෙලා.
Erskine පාලම

මේ පාලමත් කොච්චර ලස්සන තැනක තිබුණත් අවුරුද්දට 15 දෙනෙක් පමණ තම සියදිවි නසා ගැනීම සඳහා තෝරාගනු ලබන ස්ථානයක්. එක්තරා පුණ්‍ය ආයතනයක් විසින් මේ පාලමේ ආරක්ෂාකාරී සළකුණු සවි කරා. ඒ වගේම පොදු දුරකථන කුටි 4කුත් ඉදිකරලා තිබෙනවා. ඒ නිසා හදිසි අවස්ථාවකදී ඉක්මණින්ම සියදිවි නාසාගන්නා පුද්ගලයින් බේරා ගැනීමට හැකි වී තිබෙනවා.
ඉතින් ඔයාලත් දවසක මේ තැන් වලට ගියාට කමක් නැහැ. හැබැයි ලස්සන බලන්නයි. එහෙම නැතුව ඔයාගෙ ලස්සන ජීවිතේ විනාශ කරගන්න එහෙම නෙවෙයි.