පිිරිමි සිංහයින්ට කේශර තිබෙන්නේ ඇයි?

     පිිරිමි සිංහයින්ට කේශර තිබෙන්නේ ඇයි?

    බොහෝ අය සතුන් සතුව පවතින විවිධ ලක්ෂණ හෝ විශේෂාංග මත ඔවුන් වර්ගීකරණයට ලක් කරනවා. මේ අතරින් විශේෂයෙන්ම සිංහයෙකුගේ කේශර පැවතීම ගැහැණු සතුන් ආකර්ශණය කර ගැනීමට බවයි පැවසෙන්නේ.

    සියවසකට හෝ දෙකක් පමණ පෙර, චාල්ස් ඩාවින් වැනි ජීව විද්‍යාඥයින් පවසා සිටියේ ඔවුන්ගේ ගෙල වටා මෙලෙස ඝණ කේශර කලාපයක් වැඩී ඇත්තේ වෙනත් සිංහයන් විසින් ප්‍රහාරයක් එල්ල කරන අවස්ථාවක අවයව සඳහා ආරක්ෂාව ලබා ගැනීමට බවයි. නමුත් කාලයක් ගත වෙත්දී, සිංහයින්ගේ හැසිරීම නිරීක්ෂණය කළ ක්‍ෂේත්‍ර ජීව විද්‍යාඥයින් පවසන්නේ සිංහයින් එකිනෙකා සටන් කරන විට කලාතුරකින් පමණක් ගෙල පෙදෙසේ කේශර පවතින කලාපයට ප්‍රහාරයන් එල්ල වී ඇති බවයි. ඒ වෙනුවට ඔවුන් නිතරම ඉලක්කයට පසුපස සිට ප්‍රහාරයක් එල්ල කර ඇත.

    පිිරිමි සිංහයින්ට කේශර තිබෙන්නේ ඇයි? lions fight artistic artwork wallpaper preview

    මෙම කේශර ආරක්ෂාව සඳහා විශේෂයෙන්ම නිර්මාණය කර ඇති නොවේ නම්, එහි අරමුණ කුමක් ද? ඇයි, ඇත්තෙන්ම සිංහ එක්රැස් වන ප්රදේශවල පවතින ගිනියම් තාපය මඟින් ආරක්ෂා වීමට, මුහුණ හා ගෙල වටා පවතින දිගු කෙස් සහිත විශාල කේශර වළල්ල ශරීරය සිසිල් උදව් කිරීමට කිසිවක් කර නැහැ. එමෙන්ම එම කේශර කලාපය පරපෝෂිතයන් හට නිවහනක් ද වෙනවා. එසේත් නොමැති නම් සිංහයා හට සැඟවී දඩයම් කිරීම සඳහා එතරම් උචිත නොවන විලාසිතා ගති ලක්ෂණයක් බව පැහැදිලියි.

    පිිරිමි සිංහයින්ට කේශර තිබෙන්නේ ඇයි? lion dark mane mana5280 SIiOz7lVRSc unsplash 1024x866 1

    මෙම සියළු සෘණාත්මක ලක්ෂණ සමඟ ගෙල වටා පවතින කේශර සතු එකම ධනාත්මක ලක්ෂණය නම්, යම් යම් අධ්‍යයන වලට අනුව එය ඔවුන්ට දිගු සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීමට උපකාරී වන බවයි. සියවස් ගණනාවක් පුරා, සිංහයින් සතුව විශාල, සශ්‍රීක, ඝණකම්, ආකර්ෂණීය කේශර සහිත හිස උගේ පැටවුන් ආරක්ෂා කිරීමට පමණක් නොව, දැඩි ලෙස අභිමානය ප්‍රදර්ශනය කිරීමටත් උපකාරී වී ඇත.

    පිිරිමි සිංහයින්ට කේශර තිබෙන්නේ ඇයි? 3

    ලක්මිණ ජයමාල්

    https://edutalk.lk

    එඩියුටෝක් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

    මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

    2 අදහස්

    Leave a Reply