මකුළුවන් දැල් සඳහා සේද සාදා ගන්නේ කෙසේද?

 මකුළුවන් දැල් සඳහා සේද සාදා ගන්නේ කෙසේද?

අප බොහෝ විට බියට පත් වුවද, බොහෝ මකුළුවන් හානිකර නොවන අතර ඇත්ත වශයෙන්ම ඔවුන් විසින් නිර්මාණය කර ඇති දැල්වල ශක්තිය සහ කල්පැවැත්ම සැලකිල්ලට ගත් විට ඉතා ආකර්ෂණීය වේ. මකුළුවන් නිපදවන සේද බර අනුව ඉහළ ශ්‍රේණියේ වානේවලට වඩා පස් හය ගුණයකින් ශක්තිමත් වන අතර පෘථිවියේ දන්නා ඕනෑම ස්වාභාවික හෝ කෘත්‍රිම තන්තු වර්ගයකට වඩා ශක්තිමත් වේ.

මකුළු සේද, වෙඩි නොවදින කබාය පිරවීම සඳහා භාවිතා කරන, මිනිසා විසින් සාදන ලද ශක්තිමත් කෙව්ලර් තන්තු වලට වඩා කල් පවතින හා ප්‍රත්‍යාස්ථ බව ඩෙන්මාර්කයේ ආර්හස් විශ්ව විද්‍යාලයේ පරිණාමීය සත්ව විද්‍යාඥයෙකු සහ මකුළු සේද පිළිබඳ විශේෂඥයෙකු වන ෆ්‍රිට්ස් වොල්රාත් ඩිස්කවරි සඟරාව සමඟ සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

හූස්ටන් විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ජෝන් ලීන්හාර්ඩ් පවසන පරිදි, එය අතිශයින්ම නම්‍යශීලී වන අතර, මකුළු සේදයට එහි දිගෙන් සියයට 140 ක් දක්වා නොබිඳී සිටීමට හැකි වේ.

මකුළුවන් විසින් නිකුත් කරනු ලබන සියුම් gossamer නම් ප්‍රෝටීන් තන්තු බොහෝ අරමුණු ඉටු කරයි. මකුළු පැටවෙකු බිත්තරයකින් ප්‍රථමයෙන් බිහි වූ විට, එය හුදකලා සේදයක් නිකුත් කරයි, ඉන්පසු ඌ ඉවසිලිවන්තව බලා සිටින්නේ සුළඟ විසින් එය ඉවතට ගෙන යන තුරු ය. එය “බැලූන් කිරීම” ලෙස හැඳින්වේ.

මකුළුවෙකු ආහාර සඳහා වෙනත් කෘමීන් අල්ලා ගැනීම සඳහා දැල් සෑදීමට සේද ස්‍රාවය කරයි. සමහර මකුළු විශේෂයන් තම පාද අතර කුඩා දැල් සෑදීමට කැමැත්තක් දක්වන අතර පසුව ඔවුන් තම රාත්‍රී ආහාරය ගැනීමට බලාපොරොත්තු වන කෘමියා මතට ​​පැන එය ජය ගැනීම සඳහා ගොදුර වටා දැල ඔතා ගනී. Cornell විශ්වවිද්‍යාලයේ කීට විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය Linda Rayor පවසන පරිදි මෙහි දී, විශාල සහ විස්තීර්ණ ජාලයක් තැනීමට වඩා මකුළුවාට වැය වන කාලය හා ශක්තිය බෙහෙවින් අඩුය.

මකුළුවන් විසින් නිකුත් කරන සියුම් සේද කෙඳි gossamer ලෙස හඳුන්වයි. බිත්තර වලින් එළියට පැමිණෙන කුඩා මකුළු පැටව් විසින් නිකුත් කරන සිල්ක් කෙඳි මත රැදී සිටින අතර, එමඟින් ඔවුන්ට සුළඟ භාවිතයෙන් අවම වශයෙන් අඩි කිහිපයක් දුරක් ගමන් කළ හැකිය. එය ඔවුන්ගේ ව්‍යාප්තියටද දායකත්වයක් සපයයි. එමෙන්ම සමහරුන් තමන්ගේම දැල එහි අරමුණ ඉටු කළ පසු එය ප්‍රතිචක්‍රීකරණය කරයි.

මකුළුවන් තම සේද සෑදීම සඳහා භාවිතා කරන යාන්ත්‍රණයන් තේරුම් ගැනීමට විද්‍යාඥයින් දිගු කලක් තිස්සේ උත්සාහ කර ඇති අතර, රසායනාගාරවල සේද ප්‍රතිනිර්මාණය කිරීමේ උත්සාහයන් මෙතෙක් අසාර්ථක වී ඇත. සේද කෘත්‍රිමව ප්‍රතිනිර්මාණය කිරීම එතරම් අපහසු වන්නේ එහි ඇති සංකීර්ණ ප්‍රෝටීන් අණු සහ පුනරාවර්තන DNA අනුපිළිවෙලයි.

කෙසේ වෙතත්, මකුළුවන් තුළ සේද දැඩි වී ඇති ආකාරය විද්යාඥයින් තේරුම් ගැනීමට උත්සාහ කරමින් සිටියි. නයිලෝන් වැනි කාර්මික තන්තු නිෂ්පාදනයේදී භාවිතා කරන ක්‍රියාවලියට සමාන ක්‍රමයක් ලෙසින් ම මකුළුවන් ඔවුන්ගේ සේද ආම්ලික කිරීම මගින් දැඩි කරන බව Vollrath සොයා ගත්තේය.

මකුළුවාගෙන් පිටවීමට පෙර සේද ගලා යන මකුළුවන් තුළ ඇති නාලිකා පරීක්ෂා කිරීමෙන් වොල්රාත් තීරණය කළේ නාලිකාවට ඇතුළු වීමට පෙර සේද ද්‍රව ප්‍රෝටීන වලින් සමන්විත බවයි. නේචර් සඟරාවේ හි ප්‍රකාශයට පත් කරන ලද වොල්රාත්ගේ පත්‍රිකාවට අනුව එම ද්‍රවය නාලිකාවට ඇතුළු වූ විට, සෛල විසින් සිල්ක් ප්‍රෝටීන වලින් ජලය ඉවතට ගන්නා අතර නාලයේ වෙනත් කොටසකට හයිඩ්‍රිජන් පොම්ප කර ආම්ලික භාවයක් ඇති කරයි.

මේ ආකාරයෙන්, ස්පිනරෙට් ග්‍රන්ථි (spinneret glands) ලෙස හැඳින්වෙන මකුළුවාගේ ආම්ලික සේද ග්‍රන්ථි හරහා නිකුත් කරන විට, නොකැඩූ සේද ජෙල් එකක සිට අවසාන ඝන තන්තු බවට පරිවර්තනය වේ. මකුළුවන්ගේ විශේෂ අනුව සාමාන්‍යයෙන් මෙම ග්‍රන්ථි යුගල වශයෙන් දෙකේ සිට අට දක්වා තිබිය හැක. එසේ ම මෙම ග්‍රන්ථි මඟින් නිකුත් කරනු ලබන සේද වර්ග විවිධ විය හැකියි. ඒවා ඇලෙනසුළු, නොඇලෙනසුළු, අමතර ඝනකම් ආදී වශයෙන් එම අවස්ථාවේ දී මකුළුවාගේ අවශ්‍යතාවය මත පදනම් වේ.

ලක්මිණ ජයමාල්

ලක්මිණ ජයමාල්

https://edutalk.lk

එඩියුටෝක් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.