තාරකා විද්‍යාව තම ජීවිතයම කරගත් ටයිකෝ බ්‍රාහේ

 තාරකා විද්‍යාව තම ජීවිතයම කරගත් ටයිකෝ බ්‍රාහේ

1546 වසරේ දෙසැම්බර් 14 වැනි දින ඩෙන්මාර්කයේ ස්විඩනයට අයත් ”ස්කේන්” ප්‍රදේශයේ ට්‍රයිකේ හෙවත් ටයිකෝ බ්‍රාහේ වංශවත් පවුලක කුළුඳුල් පිරිමි දරුවා ලෙසින් උපත ලැබුවේය. පියාට වඩා බාප්පා ට්‍රයිකේට ලෙන්ගතු වුයෙන් ඔහු තම දේපලද ට්‍රයිකේට පවරා දරු තනතුරේ හදා වඩා ගනිමින් අධ්‍යාපනය වෙනුවෙන් අවශ්‍ය සියළු ප්‍රතිපාදන සලසා දුන්නේය. කෝලන්හේගන් සහ ලෙයිප්සින් විශ්ව විද්‍යාලයන්හි අධ්‍යාපනය ලබා එයින් පසුව ජර්මනියේ විටන්බර්ග්, රෝස්ටොක් සහ බසාල් යන විශ්වවිද්‍යාලයන්හි අධ්‍යාපනය ලැබුවේය.

ඔහු නිරන්තරවම තාරකාවන් ගැන අවදියෙන් සිටියේය. තර්ක විතර්ක අනුව සිය න්‍යායන් ගොඩ නගන ලදී. විවිධ මතභේද තුලින් තමාගේ අනාවරණයන් ඉදිරියට ගෙන ගියේය. 1566 වසරේ විටන්බර්ග්හිදී ශිෂ්‍යයෙකු සමග අරගලයක් ඇති කර ගත් බ්‍රාහේගේ නාසයෙන් කොටසක් අහිමි විය. එයින් පසු නාසයට ආදේශකය වූයේ ලෝහ කැබැල්ලකි. 1560 වසරේ ඔහු ‍නැවත ඩෙන්මාර්කයට පැමිණියේය.

ඔහුගේ විශේෂ ලැදියාවක් තාරකා විද්‍යාව වෙනුවෙන් විය. ග්‍රහලෝක සහ තාරකා නිරීක්ෂණය ඔහුගේ ජීවිතය වූයේය. කොම්පාසුව පමණක් නොව ෂඩ්භාග යන්ත්‍රයෙන් සිදු කරන ලද නිරීක්ෂණ අනුව තාරකාවන් දහසක් පමණ සිතුවම් ගත කරන ලදී. වල්ගා තාරකාවන් යනු පෘථිවි වායුගෝලයේ සංඝටකයන් නොවුනත්, අභ්‍යවකාශය හරහා ගමන්  ගන්නා වස්තුන් බව ඔහු පෙන්වා දුන්නේය.

සෙනසුරු ග්‍රහයාගේ චලිතය පිළිබඳ ට්‍රයිකෝ බ්‍රාහේ ගේ යන්ත්‍රය

බ්‍රාහේ විසින් ට්‍රයිකෝනියන් ක්වාරඩ්රන්ට් යන්ත්‍රය නිපදවන ලද අතර එය සංවර්ධනය කරමින් තාරකා නිරීක්ෂණය කරන ලදී. ඔහු තම සහායකයා ලෙසින් ජොහැන්නස් කෙප්ලර් පත් කර ගත් අතර පසුකාලීනව නව මතවාදයන් ඉදිරිපත් කිරීමට කෙප්ලර්ට බොහෝ සෙයින් බ්‍රාහේගේ අනාවරණයන් පාදක විය.

1582 වසරේ ඔහු කැසිපෙයෝපිහිදී අධ්‍යනය කරන ලද නව තාරකාව ප්‍රසිද්ධියට පත් කළ අතර ඒ පිලිබඳ දේශනයක් 1574 වසරේ කෝපන්හේගන් විශ්ව විද්‍යාලයේදී පවත්වන ලදී. ජර්මනියේ සංචාරය කරන අතරවාරයේ දෙවැනි ප්‍රෙඩ්රික් රජතුමා විසින් තාරකා ගවේශණය වෙනුවන් ලබා දෙන ලද මුල්‍ය ප්‍රතිපාදන ඔහු ප්‍රතික්‍ෂේප කළේ නැත. රජතුමා විසින් අසල දූපතක් බ්‍රාහේට ලබා දුන් හෙයින් ඔහු තම ගවේශණ කටයුතු ඉදිරියට ගෙන යන ලදී. මේ නිසාම යුරාබර්ග් දූපතේ පිහිටි මෙම තාරකා විද්‍යා නිරීක්ෂණාගාරය යුරෝපයේ විශිෂ්ට සලකුණක් බවට පත් විය.

එහෙත් බ්‍රාහේට තාරකාවන්ගෙන් ආලෝකය ලබන්නට නොහැකි විය. වයස 54 ක් වෙත්ම එක්තරා රාත්‍රියක ආහාර ගනිද්දී ඔහු රෝගාතුර වූයේය. වකුගඩු ආසාදනයක් හෝ මුත්‍රාශයේ පුපුරා යෑමක් නිසා සිදු වූ ස්වභාවික මරණයක් යැයි තීන්දුව පිට එදා ඔහුගේ දේහය භුමදාන කළත් මෙහි සැකයට තුඩු දෙන කරුණු පෙනෙන්නට වූයේ 1901 වසරේ ඔහුගේ සොහොන් ගැබ පරික්ෂාවේදීය. එහිදී පෙනී ගියේ ඔහුගේ හිසකෙස් සාම්පලයන්හි ඉහල රසදිය මට්ටමක් පැවැතීමයි. එහෙත් සැකයට තුඩු දෙන කරුණු අනුව අවසානයේදී තීරණය වූයේ අධික ලෙසින් භාවිතා කළ වේදනා නාශක බ්‍රාහේගේ මරණයට හේතු වෙන්නට ඇති බවයි.

පුන්‍යා චාන්දනී ද සිල්වා

පුන්‍යා චාන්දනී ද සිල්වා

පුවත්පතක නම පළ කර ගැනීමේ සිහිනයක් කුඩා කාලයේ පටන්ම පැවැතුණි. වෘත්තියෙන් පුස්තකාලයාධිපති ලෙසින් වෘත්තිමය ජීවිතය ඊට තවත් උපකාරී විය. පොත් පත් අතරේ සිටින විට කියවන ලියන උනන්දුව තව තවත් වැඩි වීය. මේ පරිසරය නිසාම විවිධ පුවත්පත් සඟරා සහ වෙබ් පිටු වෙත විහේෂාංග ලේඛිකාවක ලෙසින් කටයුතු කිරීමට ලැබීම සැබෑම වාසනාවක් සේ සලකමි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.