විප්ලවයෙන් උපන් දරුවෙක් – නැපෝලියන් බොනපාට්

 විප්ලවයෙන් උපන් දරුවෙක් – නැපෝලියන් බොනපාට්

නැපෝලියන් බොනපාට් පිලිබඳව ලෝකයා කථා කරන්නේ යුරෝපා සිතියම සහ ප්‍රජා පාලනයේ හැඩතල වෙනස් කරන ලද විප්ලවයෙන් උපන් දරුවෙක් ලෙසයි.

ඔහු ඉතාලි සම්භවය සහිත පවුලක තවත් එක් පුරුකක් විය. අට දෙනෙකුගෙන් යුක්ත පවුලේ දෙවැනි දරුවා වූයේ නැපෝලියන්ය. දීප්තිමත් වූ ආකර්ශණීය දෙනෙත් යුගල නිසාම නැපෝලියන් මහත් කැපී පෙනන රූ සපුවකින් හෙබියේය. ඔහු හැදී වැඩුනේ අජැසියෝ නගරයේ සුවිසල් නිවසකය. පැරිසියේ හමුදා පාසලක අකුරු උගන්නා කාලයේ පටන්ම ප්‍රංශයේ ප්‍රභූ පවුල්වල දරුවන්ගේ මහත් තාඩන පීඩන ඉදිරියේ නැපෝලියන් නොසැලී ජීවිතයට මුහුණ දුන්නේය. ඔහුගේ පියා කාලෝ ප්‍රංශයේ 14 වැනි ලුවී රජතුමාගේ කෝසිකානු නියෝජිතයා වූයේය. වෘත්තියෙන් නීතිඥයෙකු වූ ඔහු නැපෝලියන් මිලිටරි ඇකඩමියට ඇතුලත් කළ අතර මෙහිදි නැපෝලියන් ඉතිහාසය, ගණිතය වැනි විෂයන් හොඳින් හදාරා  ඒ වෙන විට ප්‍රංශයේ ප්‍රභූ පිරිස් වෙනුවෙන් වූ එකොල් මිලිටරි හමුදා පාසලට ඇතුලත් වූයේය. පියාගේ හදිසි අභාවයෙන් සිය අධ්‍යාපනය දෙවසරක කාලයෙන් අවසාන කළ ඔහු විශිෂ්ට විද්‍යාඥයෙක් වූ පියරේ ලප්ලාසේ වෙතින් අධ්‍යාපනය ලබන්නට වාසනාව ලැබුවේ අහඹු ලෙසින්ය.

ප්‍රංශ රජයෙන් ලත් ආධාර මුදලද ලබමින් යුධ පුහුණුව ලත් නැපෝලියන් 1792 වසරේ කාලතුවක්කු හමුදාවේ කපිතාන් ධූරයට පත් වුන අතර  1793 වසරේ ඉංග්‍රිසින්ට එරෙහි ටූලෝන් සංග්‍රාමයේදී දක්වන ලද විශිෂ්ටත්වය නිසාම ජෙනරාල් බොනපාට් යන තනතුරෙන් පිදුම් ලැබුවේය. මෙම ජනප්‍රියත්වය නිසාම ඉතාලියේ ප්‍රංශ හමුදාවන්ට අණදෙන නිළධාරි තනතුරෙන් පිදුම් ලත් බොනපාට්ගේ ජීවිතයට ඩිසර් ක්ලරිස් සමීප වූයේ මෙම අවධියේදීය. ධනවත් වෙළඳ පවුලක දියණියක් වූ ඩිසරි සමග විවාහ ගිවිස ගත්තේය.

පල ඇති රුකට ගල් මුල් වදින්නා සේම අද්විතීය යුධ හැකියාව නිසාම නැපෝලියන්ට එරෙහි පසමිතුරන් බිහිවන්නට විය. 1794-1795 අතර කාලය පුරාවටම ඔහු පැවැති සමූහාන්ඩුවේ අප්‍රසාදයට පත් චරිතයක් විය. මේ අතරකාලයේ නැපෝලියන් විසින් Clission et Eugenie කෙටි කථාව සහ Novella නවකතාව රචනා කරන ලදී.

නැපෝලියන් යනු ප්‍රංශයේ එකම ආරක්ෂකයා විය. ඔහුගේ කාලයේදී අධ්‍යාපන, නීති ප්‍රතිසංස්කරණ ඇතුළු සේවාවන් රැසක් සිදු වුන අතර එයිනුත් වඩාත්ම කැපී පෙනන සේවාව වන්නේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරන ලද ”නැපෝලියන් නීති සංග්‍රහය” ඉදිරිපත් කිරීමයි. මෙතෙක් බොහෝ දෙනාට අමතකව ගිය සාමාන්‍ය ජනතාවට අධ්‍යාපනය ලැබීමේ අයිතිවාසිකම ගැන කරුණු පෙන්වා දුන්නේද නැපෝලියන් විසින්ය.

1795 වසරේදී රාජාණ්ඩුව විසින් එල්ල වුන ප්‍රහාරයන්හිදී අතිසාර්ථක ලෙසින් සිය යුධ හරඹය ප්‍රදර්ශනය කරමින් ජනතාවගේ ප්‍රසාදයට නැපෝලියන් පත් වූයේ සිය හැකියාවන් ලෝකයා ඉදිරියේ පෙන්වමින්ය. මේ වෙන විට ලෝකයේ සිටි ප්‍රබල සෙන්පතියා ලෙසින් නැපෝලියන් සමාජයේ සුවිශේෂී ඇගැයුමට පාත්‍ර වී අවසානය. ප්‍රංශ විද්‍යා ඇකඩමියේ සාමජිකත්වය ලබා සිටි ඔහු ගණිතය සහ ස්වභාවික පුරා විද්‍යාව පිළිබඳ ගවේශනයන් වෙනුවෙන් මහත් කැපවීමෙන් කටයුතු කරන ලදී. ඔහුගේ පුරාවිද්‍යාත්මක දැණුම නිසාම ඊජිප්තුව ආක්‍රමනය කරන ලද අවස්ථාවේදී නැපෝලියන්ගේ හැකියාව නිසාම රූපාක්ෂර ලේඛනගත කර තිබූ rossetta Stone කියවා තේරුම් ගැනීම ඉතා පහසු කටයුත්තක් විය.

ඔස්ට්‍රියාව, වියනාව, ඉතාලිය සහ රුසියාවේ  ඇතැම් ප්‍රදේශ යටත් කර ගත් ඔහුගේ ඉදිරි ඉලක්කය වූයේ බ්‍රිතාන්‍ය සිය අණසක යටතට පත් කර ගැනීමයි. 1815 වසරේ ජූනි 17 වැනි දින වෙලිංග්ටන් ආදිපාදවරයාගේ 67,000 ක සේනාව බ්‍රසල්ස් නගරය සමීපයේ වෝටර්ලූ ස්ථානයේ කඳවුරු බැඳ ගත්හ. පසු දින දහවල් 11.30 පමණ වෙන විට නැපෝලියන් ඉංග්‍රිසි හමුදාවන්ට පහර දෙන්නට විය. ලිග්නි සටන අවසාන වෙත්ම මෙම සටන පටන් ගැනීම සතුරන්ට මහත් වාසියක් විය.

ග්රුචි සෙනෙවියාගෙන් බේරුන බ්ලුවර් වෙලිංග්ටන්ගේ සහයට පැමිණියේය. සතුරන් ලුහුබැඳ ගිය ග්රුචි සෙනෙවියාට නැපෝලියන්ගේ සහයට පැමිණීමට නොහැකි වූ අතර එදින වෝටර්ලූ සටනෙන් විශාල පිරිසක් මියගොස් සිටියහ. එදින හවස් වෙන විට නැපෝලියන් පරාජයට පත්ව සිටියෙන් ඔහුගේ හිසකෙස් කපා දකුණු අත්ලාන්තික් සාගරයේ පිහිටි දිවයිනට පිටුවහල් කරන ලදී. මෙහිදි කපන ලද එක් කෙස් රොදක් විනිවිද පෙනෙන රත්රන් වීදුරුවක තැන්පත් කර ඇති අතර එහි පිටුපස ශාන්ත හෙලේනා යනුවෙන් සටහන් තබා ඇත.

කෙසේ වුනත් නැපෝලියන් සිය ජීවිතයේ අවසාන කාලය ගත කළේ හුදෙකලා දූපතක සිරකරුවෙක් ලෙසින්ය. 1821 වසරේ ආමාශගත පිළිකාවකින් මරණයට පත් වුනත් මේ ගැනත් විවිධාකාර අදහස් ඉදිරිපත්ව ඇත. ඇතැමෙක් කියන්නේ මාරාන්තික විෂ ශරීරගතවීමෙන් නැපෝලියන් මරණයට පත්ව ඇති බවයි. තවත් අදහසකට අනුව බ්‍රිතාන්‍ය සෙබලුන් විසින් වස දෙන්නට ඇතැයිද සඳහන් වේ. ඒ අතරම මෙම මරණයට පාදක හේතුව වන්නට ඇත්තේ ඔහු සිරගත කරන ලද හෙලේනා දූපතේ ලොග්වුඩ් මන්දිරයේ කාමර බිත්තිවල අලවා තිබුන වස පොවන ලද කඩදාසිවලින් පිටවුන වායුව නිතර ආශ්වාස වීම මරණයට හේතුව වන්නට ඇති බවයි.

XIR331725 Brigadier-General Bonaparte in prison in the Fort Carre in Nice, engraved by Jean-Baptiste Jobard (1792-1861) by French School, (19th century); Bibliotheque Thiers, Paris, France; (add.info.: Napoleon Bonaparte (1769-1821) was briefly imprisoned for 10 days from 9th to 20th August 1794, after the fall from power of the Jacobins and his friends the Robespierre brothers; during his captivity, he is supposed to have finalized his plans for the invasion of Italy;); French, out of copyright

පුන්‍යා චාන්දනී ද සිල්වා

පුන්‍යා චාන්දනී ද සිල්වා

පුවත්පතක නම පළ කර ගැනීමේ සිහිනයක් කුඩා කාලයේ පටන්ම පැවැතුණි. වෘත්තියෙන් පුස්තකාලයාධිපති ලෙසින් වෘත්තිමය ජීවිතය ඊට තවත් උපකාරී විය. පොත් පත් අතරේ සිටින විට කියවන ලියන උනන්දුව තව තවත් වැඩි වීය. මේ පරිසරය නිසාම විවිධ පුවත්පත් සඟරා සහ වෙබ් පිටු වෙත විහේෂාංග ලේඛිකාවක ලෙසින් කටයුතු කිරීමට ලැබීම සැබෑම වාසනාවක් සේ සලකමි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.