ඇත්තටම තවමත් ජීවත්වෙන ගල් යුගයේ මිනිස්සු

 ඇත්තටම තවමත් ජීවත්වෙන ගල් යුගයේ මිනිස්සු

අප වෙසෙන සාමාන්‍ය ලෝකයෙන් පරිබාහිර වූ සහ සාමාන්‍ය මිනිසුන් සමඟ සම්බන්ධතා නොපවත්වන මිනිසුන් පිරිසක් ඇත්තටම සිටිනවා. ඔවුන් බාහිර ලෝකයේ සිදුවන කිසිවක් කවදාවත් දැක නැහැ. එමෙන්ම බාහිර ලෝකයේ අය මොවුන් පිළිබඳව දන්නේත් නැහැ.   මෙවැනි මිනිසුන් පිරිසක් ජීවත් වෙන්නේ උතුරු සෙන්ටිනෙල් දූපත් වලයි. නැගෙනහිර ඉන්දියාව සහ මැලේසියාව අතර අන්දමන් දූපත් අසල තමයි මේ දූපත පිහිටා තිබෙන්නේ. අද එහෙනම් ගල් යුගයේ මිනිස්සු ඇත්තටම දැක ගන්නයි සූදානම.

කඩතොළු සහිත ගල්පර, මුහුදේ රළු ස්වභාවය හා ඔවුන් ඊතල යොදාගනිමින් බාහිර පිරිස් වෙත එල්ල කරන දැඩි ප්‍රහාර නිසා මෙම දූපත තවමත් ආරක්ෂා වී පවතිනවා. ඉතින් වෙනත් ජන කොට්ඨාශයකට මෙම ජනයා සමඟ සබඳතාවයක් ඇති කර ගැනීමට හෝ ඔවුන් සමඟ අදහස් හුවමාරු කරගන්නට අතිශය අසීරුයි. එමෙන්ම බරපතල ප්‍රයත්නයක් යෙදිය යුතුයි.

මානව විද්‍යාඥයන් සහ ඉන්දීය රජයේ නිලධාරීන් විසින් කුඩා ත්‍යාග සහ වෙනත් සාමකාමී දේවල් රැගෙන ඔවුන් දැකබලාගන්නට ගිය අවස්ථාවක ඔවුන්ට ඊතල වර්ෂාවකට මුහුණ පෑමටයි සිදු වූයේ.

ඉන්දියානු රජය විසින් 90 දශකයේදී විශේෂ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් මඟින් මෙම සෙන්ටිනෙල් දූපත හුදකලාව තබන්නට තීරණය කරනු ලැබුවා. නමුත් අහඹු ආකාරයකින් 2006 වර්ෂයේදී ධීවරයින් දෙදෙනෙකු මේ දූපතේ උතුරු කොටසට ගොඩබැස තිබෙනවා. කිසිම අනුකම්පාවක් රහිතව ඔවුන් එම ගෝතික ජනයා විසින් මරා දැම්මා. ඉතින් ඔවුන් දෙදෙනා සොයාගැනීමට පැමිණි හෙලිකොප්ටර් යානයට දකින්න ලැබුණේ ඔවුන්ගේ මළ සිරුරු විතරයි. නමුත් මළ සිරුරු රැගෙන යාමට නම් නොහැකි වූයේ දූපත්වාසීන්ගේ ප්‍රබල ඊතල ප්‍රහාරය නිසයි.

දැනට එම දූපත්වාසීන් ගැන දන්නෙ මෙච්චරයි :

  • 50 – 200 පමණ පිරිසක් එහි ජීවත් වෙනවා.
  • ඔවුන්ට ලියන්න, කියවන්න බැහැ.
  • ඔවුන් ගින්දර නිපදවා ගැනිමට දන්නෙ නැහැ.
  • ඔවුන්ට භාෂාවක් තිබෙනවාද කියා සොයාගෙන නැහැ.

ඔවුන් ගින්දර නිපදවා ගැනීමට නොදන්නා බව නිරීක්ෂණය කරනු ලැබ ඇත්තේ ඔවුන් ගින්දර ලබා ගැනීම සඳහා අකුණු සැර වදින තෙක් බලා සිටින බැවිනි. ඊට පස්සෙ ගින්දර ආරක්ෂා කර තබා ගන්නට නම් ඔවුන්ට හැකියි.

සෙන්ටිනෙල්වරු පිළිබදව ඇති වීඩියෝ දර්ශන ලබාගෙන ඇත්තේ මානව විද්‍යාඥයින් විසින් ඉතාම රහසිගතව සහ ඈත සිට පැහැදිලිව පෙනෙන ස්ථාන වලදීයි. මෙම වීඩියෝව ලබාගත් මානව විද්‍යාඥයින් 70 දශකයේදී පමණ ත්‍යාගයක් ලෙස දූපත්වාසීන් සඳහා පොල් ගෙඩි රැගෙන ගියත් ඔවුන්ගේ ප්‍රතිචාරය වූයේ ඊතල වර්ෂාවක් සහ ඔවුන් දෙසට යොමු වෙමින් නිරුවතින් නර්තනයේ යෙදීම පමණයි.

ලක්මිණ ජයමාල්

ලක්මිණ ජයමාල්

https://edutalk.lk

එඩියුටෝක් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.