සරුංගලය නිල් අහසේ වරල් සැලුවේ මෙහෙමයි.

 සරුංගලය නිල් අහසේ වරල් සැලුවේ මෙහෙමයි.

ක්‍රිස්තු පූර්ව යුගයේ පටන් චීනයේ දක්නට ලැබුන සරුංගලය පිලිබඳ වූ ඉතිහාසය ඉතා ඈත අතීතයක් දක්වා විහිදී ඇත. ක්‍රි. පු 770-221 අතර පැවැති රාජ්‍ය සමය සරුංගලයේ කලල බීජයේ පෝෂණය වෙනුවෙන් අවශ්‍ය පසුබිම සකසා ඇත. චීනයේ විසු මියු සයි (Mu Zi) හට සරුංගලයක් පිලිබඳ සංකල්පය ගොඩ නගන්න වසර තුනක කාලයක් ගතවිය.

සරුංගලය නිල් අහසේ වරල් සැලුවේ මෙහෙමයි. Ancient China kites 2

මුල් කාලයේදී චීනයේ වුනත් අද වගේ සැහැල්ලු කඩදාසියෙන් තනන ලද සරුංගල් දකින්න ලැබුනේ නැහැ. ”මෝ” දාර්ශණිකයා සහ ඒ කාලයේම විසූ  ”ලූ ඛාන්” යන දෙදෙනාගේ සම්මාදමෙන් සරුංගලයක් නිර්මාණය වුනා. හැබැයි එය ඔවුන් විසින් හැඳින්වුයේ දැවමුවා උකුස්සා, එහෙම නැත්නම් දැවමුවා පොල්කිච්චා යන නම් වලිනුයි. කුරුල්ලන් වගේ අහසේ යන නිසා මේ විදිහට උප්පැන්න සහතිකය ලබා දෙන්න ඇති.

ක්‍රි. පු. 206 වැනි කාලයේදි චීනයේ පැවැති “හන්” රාජ්‍ය කාලයේදී උණ දඬු වලින් සැකිල්ල සකස් කරල ඒ මත සැහැල්ලු කඩදාසි ඇලෙව්වා. දැන් ඉතින් ”දැව” යන කොටස යොදන්න බැරි හින්දා මේ ආකෘතියට ”කඩදාසි” උකුස්සා කියල නම් තිබ්බා.

සරුංගලය නිල් අහසේ වරල් සැලුවේ මෙහෙමයි. Eaglekite

කාලයක් යද්දී සරුංගලය යුධ කටයුතු වෙනුවෙන් යොදා ගැනීමේ හැකියාව තිබෙන බව චීනුන්ට ඒත්තු ගියෙන් ඔවුන් රහස් පණිවිඩ හා සංඥාවන් සන්නිවෙදනයට සරුංගලය යොදා ගත්තා. ඒ කියන්නේ  ක්‍රි. ව 420 – 907 දක්වා පැවැති ”දකුනු උතුරු  සුයි” සහ ‘රාං” යන රාජ්‍යත්ව සමයේදි.

චීන ජාතිකයන් සරුංගලයට බොහොම හොඳ ආයිත්තම් එකතු කරන්න පටන් ගත්තා. බට නලා, තත් හා සිහින් නූල් එකතු කරමින් හැඩ බැලුවා. ඒ හැම සැරසිල්ලකින්ම නැතුන හඬවල් අපුරුයි. මේ නිසා චින ජාතිකයන් සරුංගලය ”සුලං සිතාරය” යන අර්ථය ඇතුව ෆෙංසියැන් යනුවෙන් හැඳින්වුවා. අහසේ ආඩම්බරයෙන් සැරි සරන සරුංගලයේ හැඩරුව මැදපෙරදිග රටවලට හඳුන්වා දුන්නේ 13 වැනි සියවසේදිය. විනෝදය, පණිවිඩ හුවමාරුව සහ යුධ කටයුතු යන ලැයිස්තුවෙන් ඔබ්බට ගිය සරුංගලය යොදා ගෙන චින ජාතිකයන් අහසේ පියාසර කරන්න පවා යොමු වුන බව 11 වන සියවසේ විසු ”සමාගුවං” ඉතිහාසඥයා සඳහන් කරනවා.

සරුංගලය නිල් අහසේ වරල් සැලුවේ මෙහෙමයි. eyJidWNrZXQiOiJjb250ZW50Lmhzd3N0YXRpYy5jb20iLCJrZXkiOiJnaWZcL21hbnMtYXR0ZW1wdC10by1mbHktMS5qcGciLCJlZGl0cyI6eyJyZXNpemUiOnsid2lkdGgiOjgyOH19fQ

ටිබෙටයේ දලයි ලාමාවරයෙකුව සිටි ලොම්පා ටී රම්පා විසින් රචනා කරන ලද ”තෙවන ඇස” කෘතියේත්  මිනිසුන් සරුංගලයේ ආධාරයෙන් අහසේ ගමන්ගත් බව සඳහන් වෙනවා. වර්ෂ  1715-1764  කාලයේ සිටි ”ත්සාඔ සු ජින්” (Teng zheng ) සරුංගලය පිළිබඳ මුල්ම ග්‍රන්ථය රචනා කරල තිබෙනවා. මුලින්ම බට පතුරුවලින් සැකිල්ල සකස් කරල සිල්ක්, සැටින්, කපු හෝ ඝනකම් ඇති කඩදාසිවලින්  සැකිල්ල අලවලා එය පින්තාරු කිරීමට පටන් ගන්නවා. පින්තාරුවට වර්ණ සකස් කර ගන්නේ කල් තබා ගත හැකි විදිහට රසායනික එක් කරලා. ඔවුන් හදන සරුංගලයක් පැයට කි. මි. 12 සිට 32 ක් පමණ වේගයකින් යවන්න පුළුවන්.

සරුංගලය නිල් අහසේ වරල් සැලුවේ මෙහෙමයි. 73252 004 A1808446

අපේ සරුංගල් කාලය අගෝස්තු සිට සැප්තැම්බර්  මාසයට එළැඹෙනවා. නමුත් චීනයට මේ කාලය එලැඹෙන්නේ අප්‍රේල් මුල් සතියේදියි. දකුණු චීනයේදි මේ කාලය සැප්තැම්බර් මාසයේදි පටන් ගන්නවා. උතුරු චිනයේ නිපදවන සරුංගලය තද සුළං වලට ඔරොත්තු දෙන විදිහට කලු සහ සුදු වර්ණයෙන් යුක්තයි. දකුණු චීනයේ සරුංගල්වල සෙලවෙන ගතිය අඩුයි. සරුංගලය මුල් කර ගෙන අලුත් අලුත් නිර්මාන නිතරම බිහි වෙනවා. වර්ණවත් කොඩි, ආලෝකය විහිදෙන දේ, කුඩා ලාම්පු පවා සරුංගලය මගින් අහසට යවනවා.

සරුංගලය නිල් අහසේ වරල් සැලුවේ මෙහෙමයි. Bs6DFb5CMAA VrO

සරුංගලය යවන්නත් දැනගෙන තිබිම අවශ්‍යයි. නුල් දීම, ඇදීම, එසවීම හා පහත් කිරීමේ ශිල්පය දැන නොසිටියොත් සරුංගලය හරඹ කරන්න අපහසුයි.

සරුංගල් වෙනුවෙන් කැපෙන නූල් යොදා ගැනීම ඉන්දියාව විසින් තහනම් කරන්න යෙදුනේ වතාවක් තුන් හැවිරිදි වියේ දරුවෙක් රථයෙන් එලියට හිස දමන විට සරුංගල් නූලේ පැටලුනා. ”මාන්ජා” යනුවෙන් හැඳින්වෙන මෙය චින නුලක්. තවත් වතාවක අවුරුදු විසි දෙකක තරුණයෙක් බයිසිකලයක යන විට මේ නූල බෙල්ලේ පැටලුනා. ”මාන්ජා” නුලෙන් බෙල්ල කැපෙන හින්දා මාරාන්තික අවදානමක් තිබෙනවා. මේ නූලේ තවරා තිබෙන ලෝහ සහ වීදුරු නිසා ‍මේ කැපෙනසුලු ගතිය ඇති වෙනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා

පුවත්පතක නම පළ කර ගැනීමේ සිහිනයක් කුඩා කාලයේ පටන්ම පැවැතුණි. වෘත්තියෙන් පුස්තකාලයාධිපති ලෙසින් වෘත්තිමය ජීවිතය ඊට තවත් උපකාරී විය. පොත් පත් අතරේ සිටින විට කියවන ලියන උනන්දුව තව තවත් වැඩි වීය. මේ පරිසරය නිසාම විවිධ පුවත්පත් සඟරා සහ වෙබ් පිටු වෙත විහේෂාංග ලේඛිකාවක ලෙසින් කටයුතු කිරීමට ලැබීම සැබෑම වාසනාවක් සේ සලකමි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.