ඔන්ලයින් පන්තියක් පැවැත්වීමට ZOOM මෘදුකාංගය ස්ථාපනය කරමු

 ඔන්ලයින් පන්තියක් පැවැත්වීමට ZOOM මෘදුකාංගය ස්ථාපනය කරමු

ඔන්ලයින් අධයාපනය ජනප්‍රිය වී ඇති වර්තමානයේ ගුරුවරයෙක් හට තම සිසු දරු දැරියන්ට පාඩම් ඉගැන්වීම සඳහා භාවිතා කළ හැකි හොඳම මාධ්‍යයක් බවට ZOOM මෘදුකාංගය පත් වී තිබෙනවා. එකවර සිසුන් කිහිප දෙනෙක් හට අඩු වියදමකින් ඔන්ලයින් පන්තියක් පැවැත්වීමට හැකි වීම මෙහි ජනප්‍රියතාවයට හේතු වන්නට ඇති. මෙම ZOOM මෘදුකාංගය යොදා ගනිමින් ඔන්ලයින් පන්තිය හෝ ව්‍යාපාරික රැස්වීමක් මෙහෙයවනු ලබන තැනැත්තා Host යනුවෙන් හැඳින්වෙනවා. මෙහි දී host පමණක් zoom මෘදුකාංගයේ ලියාපදිංචි වී ගිණුමක් සෑදීම ප්‍රමාණවත් වෙනවා. එතකොට ශිෂ්‍යයෝ ටික zoom ඇප් එක හෝ මෘදුකාංගය තමන්ගේ පරිගණකය, ලැප්ටොප් යන්ත්‍රය හෝ ස්මාර්ට් දුරකථනයේ ස්ථාපනය කරගෙන තිබීම පමණක් ප්‍රමාණවත්.

zoom හෝ මොන දේට උනත් ඔන්ලයින් අධ්‍යාපන කටයුතු කරන්න නම් ඩේටා පැකේජ් එකක් දාගන්නම එපැයි. zoom වලට වඩාත් හොඳින් ගැලපෙන ඩේටා පැකේජ ගැන මෙතනින් දැනගන්න.
ඔන්ලයින් අධ්‍යාපන කටයුතු සඳහා හොඳ ම සහ වාසිදායක ම ඩේටා පැකේජ මොනවාද?

අපි මුලින් ම බලමු zoom මෘදුකාංගය ස්ථාපනය කරගන්නෙ කොහොමද කියලා.

  1. පළමුව zoom මෘදුකාංගය ස්ථාපනය කිරීමට ඔබ ළඟ ඇති උපාංගය සූදානම් කරගන්න.
ඔන්ලයින් පන්තියක් පැවැත්වීමට ZOOM මෘදුකාංගය ස්ථාපනය කරමු zoominstallandroid1a 2
  1. ඔබ සතුව ඇත්තේ ස්මාර්ට් දුරකථනයක් නම්, Google play store ඇප් එක වෙත ගොස් zoom බාගත කරගන්න. එහෙම අමාරුයි වගේ නම් https://play.google.com/store/apps/details?id=us.zoom.videomeetings මෙන්න මේ ලිංක් එක ක්ලික් කරල ගිහින් Install බොත්තම ඔබන්න.
  2. ඔබ පරිගණකයක් හෝ ලැප්ටොප් යන්ත්‍රයක් භාවිතයෙන් ඔන්ලයින් පන්තිය සිදු කිරීමට අපේක්ෂා කරනවා නම් පහතින් Zoom Client for Meetings මෘදුකාංගය බාගත කරගෙන ස්ථාපනය කරන්න.
    1. 32-bit Version – https://zoom.us/client/latest/ZoomInstaller.exe
    2. 64-bit Version – https://zoom.us/client/5.6.5.823/ZoomInstaller.exe?archType=x64

දැන් තියෙන්නෙ zoom ඇප් එක ස්ථාපනය කරගන්නයි. පළමුවෙන්ම ස්මාර්ට් දුරකථනයකට ස්ථාපනය කරගන්නෙ කොහොමද කියලා බලමු.

ඔන්ලයින් පන්තියක් පැවැත්වීමට ZOOM මෘදුකාංගය ස්ථාපනය කරමු WhatsApp Image 2021 05 23 at 3.15.11 PM
ඔන්ලයින් පන්තියක් පැවැත්වීමට ZOOM මෘදුකාංගය ස්ථාපනය කරමු WhatsApp Image 2021 05 23 at 3.15.11 PM 1
ඔන්ලයින් පන්තියක් පැවැත්වීමට ZOOM මෘදුකාංගය ස්ථාපනය කරමු WhatsApp Image 2021 05 23 at 3.15.11 PM 2
ඔන්ලයින් පන්තියක් පැවැත්වීමට ZOOM මෘදුකාංගය ස්ථාපනය කරමු WhatsApp Image 2021 05 23 at 3.15.11 PM 3

ඉහත අනුපිළිවෙලට කරගෙන ගියානම් zoom ඇප් එක පහසුවෙන් ම ඔබේ දුරථනයේ ස්ථාපනය කරගන්න පුලුවනි. මීළඟට අපි බලමු කොහොමද zoom මෘදුකාංගය පරිගණකයට හෝ ලැප්ටොප් යන්ත්‍රයට ස්ථාපනය කරගන්නෙ කියලා. දැන් මේ වෙද්දි ඉහත තියෙන සබැඳුම් භාවිතා කර ඔබගේ පරිගණකයට මෘදුකාංගය බාගත කරගෙන ඇති. එසේ බාගත කරගත් මෘදුකාංග ගොනුව double click කිරීමෙන් විවෘත කරන්න.

ඔන්ලයින් පන්තියක් පැවැත්වීමට ZOOM මෘදුකාංගය ස්ථාපනය කරමු win host3
ඔන්ලයින් පන්තියක් පැවැත්වීමට ZOOM මෘදුකාංගය ස්ථාපනය කරමු win host4

දැන් zoom මෘදුකාංගය සාර්ථක ලෙස ඔබේ පරිගණකයට ස්ථාපනය වෙලා තියේවි. මීළඟ ලිපියෙන් zoom සමඟ ලියාපදිංචි වී ගිණුමක් සාදාගන්නා අයුරු ගැන දැනුවත් කරන්නම්. තවත් කාටහරි මේ ලිපියෙන් දැනුමක් ලබාගන්න පුළුවන් වේවි කියලා හිතෙනවනම් ශෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ලිපිය ගැන අදහසක් පහතින් යොමු කරන්න.

ලක්මිණ ජයමාල්

https://edutalk.lk

එඩියුටෝක් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply