කූඩු කරපු සත්තු වගේ ජීවත් වෙන හොංකොං මිනිස්සු

 කූඩු කරපු සත්තු වගේ ජීවත් වෙන හොංකොං මිනිස්සු

හොංකොං යනු ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රදේශවලින් එකකි. සැමන් ටින් ගොඩගැහුවා වගේ පදිකයින් පිරී ඇති නගරයක, ඉඩ කඩ නිසි පරිදි කළමණාකරණය කරමින් භාවිතා කිරීම ඉතා වැදගත් වෙනවා. මහල් නිවාස ලෙස නම් කලා වුවත්, වර්ග මීටර් 10 ට ත් වඩා අඩු නම්, මෙම ස්ථාන ‘නිවස’ ලෙස හැඳින්වීම සුදුසු නැහැ නේ ද? නිවස යන වචනය සුවපහසුව සහ ආරක්ෂාව පිළිබඳ හැඟීම් ඇති කරනවා. නමුත් ඒ වෙනුවට, කූඩුවල සිටින සතුන්ට සමාන හෝ ඊටත් වඩා අසරණ ආකාරයට, සහන ඉල්ලා හඬා වැටෙන දුප්පත් පවුල් මිලියන ගණනක් කුඩා පෙට්ටිවලට බලහත්කාරයෙන් තල්ලු කර පදිංචි කර තිබෙන ආකාරය දැකගත හැකියි.

කූඩු කරපු සත්තු වගේ ජීවත් වෙන හොංකොං මිනිස්සු 12 Hong Kongs cubicle homes

හොංකොං හි මොං කොක් ප්‍රදේශයේ පිහිටා ඇති වර්ග අඩි 450 ක එක් මහල් නිවාසයක මිනිසුන් 22 දෙනෙකු වාසය කරනවා. ඔවුන්ට ලැබෙන එක් කාමරයක් තනි ඇඳකට වඩා විශාල නොවන අතර පටු ශාලා දෙකක් දිගේ මෙවැනි කූඩු නිර්මාණය කර තිබෙනවා. මෙම බලු කූඩුවක් වගේ පුංචි ඉඩකඩ සඳහා පුද්ගලයෙක් මසකට ඩොලර් 185 ක් පමණ ගෙවනවා.

කූඩු කරපු සත්තු වගේ ජීවත් වෙන හොංකොං මිනිස්සු 9 Hong Kongs cubicle homes

ඔබ කිසිම අවස්ථාවක එම කූඩු නිවසේ නොමැති නම්, එතරම් කුඩා නිවසක් තිබීම ප්‍රශ්නයක් නැහැ. නමුත් එක්තරා ධනවත් නීතීඥයෙකු මහල් නිවාසවල ජීවත් වීමට තෝරා ගන්නේ ඒවා ලාභ සහ නගරයේ විවිධ වැදගත් ස්ථාන, කඩසාප්පු ආදී දේ සඳහා පහසුවෙන් ළඟ වීමට හැකි වීම නිසයි. ඔහු රාත්‍රියට පැය 6 -8 ක් පමණ නිදා ගැනීම පමණක් එම ස්ථානයේ සිදු කරන නිසා ඔහුට එම ස්ථානය ප්‍රමාණවත් වූවා විය හැකියි.

කූඩු කරපු සත්තු වගේ ජීවත් වෙන හොංකොං මිනිස්සු 8 Hong Kongs cubicle homes

නමුත් නිදා ගැනීමට පමණක් වුවත්, සතුන් ඇති කරන කූඩුවක් වැනි ස්ථානයක ඔබ ජීවත් වීමට කැමති ද? ඔබ ලබා දෙන පිළිතුර අනිවාර්යයෙන්ම “නැත” යන්න විය යුතුයි.

කූඩු කරපු සත්තු වගේ ජීවත් වෙන හොංකොං මිනිස්සු 4 Hong Kongs cubicle homes

එහෙත් තවමත්, බොහෝ නිවැසියන් ධනාත්මක ලෙස සිතමින් එහි ජීවත් වෙමින් සිටීමට මාර්ග සොයා ගනී. එවැනි එක්තරා මහල් නිවාස වැසියෙක් මෙසේ පවසා තිබෙනවා. “මම මුලින්ම හොංකොං වෙත පැමිණෙන විට මම ජීවත් වූයේ වර්ග අඩි 230 ක ස්ථානයක ය. මගේ බිරිඳ මගේ පළමු දරුවා සමඟ ගැබ්ගෙන සිටි අතර අපට විදුලි සෝපානයක් නොතිබූ නිසා මට ඇයව දිනකට තට්ටු හයක් තුන් වතාවක් ඉහළට සහ පහළට ගෙන යාමට සිදු විය. දරුවා ඉපදුණු විට මහල් නිවාසය අපගේ පළමු නිවස බවට පත් වූ අතර මට එහි මිහිරි මතකයන් රාශියක් ඇත. එබැවින් මගේ නිගමනය නම් ඔබේ ස්ථානය කොතරම් විශාලද යන්න වැදගත් නොවන අතර එය රඳා පවතින්නේ ඔබ කුමන පුද්ගලයාද යන්න සහ ඔබ අවකාශය සහ ක්‍රියාකාරීත්වය දෙස බලන ආකාරය මත බවයි.

කූඩු කරපු සත්තු වගේ ජීවත් වෙන හොංකොං මිනිස්සු 2 Hong Kongs cubicle homes

හොංකොං හි කුටි මහල් නිවාසවල ජීවත් වීමේ දී නවීන පන්නයේ ගෘහභාණ්ඩ වලින් ඉඩ අහුරා ගැනීමට කිසිම අවස්ථාවක් නැහැ. මේ පුංචි ඉඩ කඩ සෑම විටම ලස්සන යැයි පැවසීමට නොහැකියි.  “සරල ලෙස ජීවත් වීමේ සිතුවිල්ල ඔබේ හිසට ඇතුළු වූ පසු, මෙහි ජීවිතය පහසු වේ. ඔබේ මහල් නිවාසය ඔබ නිදා සිටින ස්ථානයක් පමණි. වෙන කිසිවක් නැත.”

කූඩු කරපු සත්තු වගේ ජීවත් වෙන හොංකොං මිනිස්සු 3 Hong Kongs cubicle homes

අවසාන වශයෙන් මාගේ පෞද්ගලික මතය වන්නේ, සමහර විටෙක ඔබේ සුරතල් සත්ත්වයා ඉතා පුංචි කූඩුවක දමා ඇති කරන අයුරින් ඔබටත් යම් කිසි ආකාරයකට මෙවැනි ස්ථානයක දී හෝ සිර මැදරියක කූඩු වී සිටින්නට සිදු වේවි. පුංචි ඉඩක ඉන්න කොච්චර අමාරුද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ. ඒ නිසා අහිංසක සත්තුන්ටත් ඔවුන්ගේ නිදහස් පරිසරයේ ජීවත් වීමට අවස්ථාව ලබා දෙමු.

ලක්මිණ ජයමාල්

https://edutalk.lk

එඩියුටෝක් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply