රජවරුන්ගේ ක්‍රීඩාව හෙවත් චෙස් ක්‍රීඩාවේ ඉතිහාසය

     රජවරුන්ගේ ක්‍රීඩාව හෙවත් චෙස් ක්‍රීඩාවේ ඉතිහාසය

    රජවරුන්ගේ ක්‍රීඩාව ලෙස හැදින්වෙන චෙස් ක්‍රීඩාවේ ඉතිහාසය වසර 1500 කටත් වඩා ඈතට දිව යයි. මෙම ක්‍රීඩාව ක්‍රි.ව හය වන සියවසටත් වඩා පැරණි බව ඉතිහාසඥින් පෙන්වා දෙති. ඒ කෙසේද යත්, වසර දහස් ගණනකට පෙර දකුණු ආසියාවේ චතුරංග නමින් මෙම ක්‍රීඩාව ආරම්භ වූ බව සැලකේ. චතුරංග ක්‍රීඩාවේ ආරම්භය සිදු ව ඇත්තේ රාවණා රජ සමය තුලදීය. ඉන්දියාවේ පාලනය කල එක්තරා රජ පෙලපතක කුමාරවරු දෙදෙනෙක් වූහ. ගෞ සහ ටකාන් එම කුමාරවරුය. පිය රජු මරණයට පත් වූ විට රජකම සදහා දෙදෙනාම සිය අභිලාෂය පලකල බැවින් මව් බිසව ඒ සදහා උපායක් යෙදීය. එනම් කුමාරවරු අතර දක්ෂතාවය මැන බැලීමේ පරික්ෂණයකි. කොන්දේසිය වූයේ කිසිවෙකු මරණයට පත් නොකළ යුතු බවයි. එහෙත් සටනේදී “ටකාන්” කුමරු මියගොස් සිටි අතර එය තමා විසින් සිදු නොකල බව “ගෞ” පැවසුව ද මව් රැජිණ එය පිලි නොගත් බැවින් පුවරුවක සෙබලුන් ප්‍රතිනිර්මාණය කර පෙන්වීමට සිදුවිය. එය පසුව ක්‍රිඩාවක් ලෙස විකාශනය විය. ඇතමුන් පවස් චෙස් ක්‍රීඩාව චීනයේ උපන් බවයි.

    රජවරුන්ගේ ක්‍රීඩාව හෙවත් චෙස් ක්‍රීඩාවේ ඉතිහාසය

    චෙස් ක්‍රීඩාව යුද්ධයෙන් උපන් බව මුන් පෙන්වා දෙයි. එයට හේතු පහතින් දැක්වේ

    1. මෙම ක්‍රීඩාව පුරාණයේදී රජවරුන් අතර පමණක් භාවිත වීම.
    2. පැරණි ඉන්දීය රජවරු යුද ආශාව සංසිඳුවාලීමට මෙම ක්‍රීඩාව භාවිා කිරීම.
    3. ඇත්, අස්, රිය ,පාබල යන චතුරංග සේනාව මින් නිරූපණය වීම.
    රජවරුන්ගේ ක්‍රීඩාව හෙවත් චෙස් ක්‍රීඩාවේ ඉතිහාසය chess set parker burnt boxwood both colors

    චෙස් ක්‍රිඩාවේ ලෝක ව්‍යාප්තිය

    චෙස් ක්‍රීඩාවේ ව්‍යාප්තිය අවස්ථා තුනක් යටතේ දැක්විය හැකිය.

    • ඉන්දියාවේ සිට පර්සියාව හෙවත් ඉරානයට චෙස් ක්‍රීඩාව ව්‍යාප්ත වූයේ පර්සියාව වෙත ඉන්දියාව විසින් දෙන ලද‍ ත්‍යාගයක් ලෙස ය.
    • අරාබිය විසින් පර්සියාව ආක්‍රමණය කළ පසු අරාබිකරය පුරා මෙම ක්‍රීඩාව ව්‍යාප්ත විය.
    • ස්පාඤ්ඤයින් විසින් ද සිය රටට මෙම ක්‍රීඩාව ගෙන ගියේ ද පර්සියාව ආක්‍රමණය කිරීමෙනි. සංක්‍රමණයක ප්‍රතිඵලයක් ලෙස යුරෝපය තුලද චෙස් ව්‍යාප්ත වූ අතර එය වර්තමාන තත්වයට ගෙන ආවේ යුරෝපිකයන් විසිනි.
    රජවරුන්ගේ ක්‍රීඩාව හෙවත් චෙස් ක්‍රීඩාවේ ඉතිහාසය istockphoto 1321158168 170667a

    රට රටවල් චෙස්ක්‍රීඩාව හදුන් වන්නේ මෙහෙමයි

    ඉන්දියාව :- chathuranga, shatrani
    ඉරානය:- shah
    එංගලන්තය:- chess
    ජර්මනිය – schach
    නෙදර්ලන්තය – schaak
    අයිස්ලන්තය- saka
    ප්‍රංශය – Echecs
    ඉතාලිය – scacchi
    චිනය – xiangqi
    ජපානය – shogi
    කොරියාව – janggl

    පාරමී නිසංසලා

    සංවර්ධන නිළධාරිනි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වෙබ් අඩවි කිහිපයකට ලිපි සපයයි BA colombo, diploma in counselling NISD

    මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

    Leave a Reply