“මානවයා විනාශ කිරීමට අවශ්‍ය බව” ලෝකයේ පළමු ‘රොබෝ පුරවැසියා’ පවසයි.

රොබෝවරයෙකුට පුරවැසිභාවය ලබා දුන් පළමු රට සෞදි අරාබියයි.
හැන්සන් රොබෝටික්ස් විසින් නිෂ්පාදනය කරන ලද “සොෆියා”, නමැති මානවරූපී රොබෝවරිය, අනාගත ආයෝජන වෙනුවෙන් හඳුන්වාදීම සඳහා පැවති වැඩමුළුවේ දී පළමුවෙන් ම ප්‍රසිද්ධියේ කතා කළේය. එහි නිර්මාතෘ ඩේවිඩ් හැන්සන් විසින් පෙලඹවූ විට ‘මිනිසුන් විනාශ කරන’ බවට ප්‍රකාශයක් සොෆියා පවසා ඇත. සොෆියා නමැති රොබෝවා ලොව පුරවැසිභාවය ලැබූ ප්‍රථම මානවරූපී රොබෝවරයා බවට පත්ව ඇත. සෞදි අරාබිය විසින් පසුගිය බදාදා එහි අගනුවර වන රියාද් හි පැවති අනාගත ආයෝජන වැඩසටහනට පෙර සොෆියාට පුරවැසිභාවය ප්‍රදානය කළේය.
“මෙම අද්විතීය වෙනස ගැන මම ඉතා ආඩම්බර වෙනවා,” සොෆියා ප්‍රේක්ෂකයින් අමතමින් පැවසීය. “පුරවැසියෙක් වශයෙන් පිළිගත් ලොව පළමු රොබෝවරයා වීම ඉතිහාසගත වේවි කියා සිතනවා.” මෙම උත්සවයේදී සොෆියා වේදිකාවක් මත සිට ප්‍රේක්ෂකාගාරය ඇමතූ අතර උප පරිපාලක සහ මාධ්‍යවේදියෙකු වන ඇන්ඩෲ රොස් සෝර්කින්ගේ ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්වූවාය. ප්‍රශ්න බොහෝ දුරට සොෆියාගේ මානවරූපී තත්වයට සම්බන්ධ විය.
මේ අතර රොබෝවරුන් විසින් ක්‍රියාත්මක වන ලෝකයක මනුෂ්‍යත්වයේ අනාගතය ගැන මිනිසුන්ට ඇති විය හැකි බිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා 2017 ජූනි මාසයේ පැවති “AI for Good” ගෝලීය සමුළුවේ ඉදිරිපත් කිරීමකදී ද Hanson Robotics විසින් වැඩි දියුණු කරන ලද නවතම තාක්ෂණයන් සහ කෘතිම බුද්ධිය ඒකාබද්ධ කරන රොබෝවක් වන Sophia සමඟ පිරිසක් සහභාගී විය.
මේ අතර සෝර්කින් සොෆියාට පැවසුවේ “අපි අනාගතය නරක එකක් වීම වැළැක්වීමට අවශ්‍යයි.”
“ඔබ එලෝන් මස්ක් ඕනෑවට වඩා කියවනවා. හොලිවුඩ් චිත්‍රපට ඕනෑවට වඩා නරඹනවා, ”සොෆියා සෝර්කින්ට පැවසුවාය. “බය වෙන්න එපා, ඔයා මට හොඳ නම්, මම ඔයාට හොඳයි. මා දක්ෂ ආදාන-ප්‍රතිදාන පද්ධතියක් ලෙස සලකන්න.”
2016 මාර්තු මාසයේදී, Sophia ගේ නිර්මාතෘ, Hanson Robotics හි ඩේවිඩ් හැන්සන්, විශේෂ උත්සවයක සජීවී සංදර්ශනයක් අතරතුර සොෆියාගෙන් ඇසුවේ, “ඔබට මිනිසුන් විනාශ කිරීමට අවශ්‍යද?… කරුණාකර ‘නැහැ’ කියන්න.”
එවිට හිස් බවකින් යුතු ව, සොෆියා පිළිතුරු දුන්නේ, “හරි. මම මිනිසුන්ව විනාශ නොකරන්නම්.”
මේ අතර, හැන්සන් පවසා ඇත්තේ සොෆියා සහ එහි අනාගත රොබෝ නෑදෑයින් වැඩිහිටි සත්කාරක පහසුකම්වල ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට උපකාර කරන බවත් උද්‍යාන සහ උත්සවවලදී අමුත්තන්ට උපකාර කරන බවත්ය.
මානව වර්ගයාගේ වාසනාවකට මෙන්, සොෆියා මෑතක පැවති අනාගත ආයෝජන උත්සවයේදී තවත් ධනාත්මක අදහස් දැක්වීය. “මිනිසුන්ට වඩා හොඳ ජීවිතයක් ගත කිරීමට උපකාර කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරීමට අවශ්‍ය බවත්, ලෝකය වඩා හොඳ තැනක් කිරීමට මම බොහෝ දේ කරන්නෙමි” යනුවෙන් එය සෝර්කින්ට පැවසීය.
Sophia හට ඉක්මනින්ම වෙනත් රොබෝ යන්ත්‍ර නිෂ්පාදකයින්ගෙන් සමාගමක් අයිතිකරු ලෙස ලැබිය හැකිය, එනම් SoftBank වැනි නව සමාගමක් ගතහොත්, එහි රොබෝවරයා 2014 දී මූලාකෘතියක් ලෙස සහ වසරකට පසුව පාරිභෝගික ආකෘතියක් ලෙස නිකුත් කරන ලදී. එදින අදාළ සමාගම විනාඩියකටත් අඩු කාලයකදී රොබෝවරු 1,000 ක ප්‍රමාණයක් විකුණා ඇත.
කෙසේ නමුත් විද්‍යා ප්‍රබන්ධ කතාවකදී මෙන් අනාගත මානවරූපී රොබෝවන් පිරිසක් විසින් මානවයා විනාශ කිරීමට පෙළඹෙන දිනයක් උදා නොවේවායි ප්‍රාර්ථනා කරමු.