ඕනෑම විභාගයක් ලේසියෙන් ගොඩ දාගන්න මේ දේවල් කරන්න

හම්මේ…. විභාග ලියන අපිනෙ දන්නෙ ඒකෙ රඟේ. අපිට කොච්චර නම් පීඩනයක් ඇති කරනවාද? අහස උසට බලාපොරොත්තු තියාගෙන උසස්ම ලකුණු ගන්න කොච්චර නම් මහන්සි වෙනවද?
කොහොම උනත් සමහර ශිෂ්‍යයින්ට තියෙනවා තමන්ගේ පෞද්ගලික විශ්වාස අනුව වාසනාවන්ත ගීතයක් ගායනය, වාසනාවන්ත ආහාරයක් අනුභවය එහෙමත් නැත්නම් විශේෂ ඇඳුමක් අඳින එක වගේ විභාගෙ ගොඩ දාගන්න අමුතු දේවල් කරන පුරුද්දක්. ඒ දේවල් කලාම විභාගෙ ලේසියෙන්ම ගොඩදාගන්න පුළුවන් කියලා තමයි එයාලා නම් හිතන්නෙ.
මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ මේ ආකාරයට ආසියාවේ ජීවත් වන ශිෂ්‍යයින් විසින් විභාගය සමත් වීම උදෙසා සිදු කරන විශේෂ ක්‍රියාකාරකම් මාලාවක්. හරියාවි කියලා හිතෙනවා නම් උත්සාහ කරලා බැලුවට අපේ අමනාපයක් නම් නැහැ. හැබැයි වගකියන්නෙත් නැහැ.
1. වාසනාවන්ත KitKat අනුභව කිරීම

සාම්ප්‍රදායිකව, ජපන් සිසුන් ‘Katsudon’ නම් ආහාරය විභාගයට පෙර හෝ විභාග දිනයේ ආහාරයට ගන්නවා. මේ ආහාරය උණු බත් කෝප්පයකට බිත්තර සමඟ බදින ලද ඌරු මස් එකතු කර කට්ලට් එකක් ලෙස සකස් කර ගන්නවා. මේ ආහාරයට “katsu” ලෙස හඳුන්වන්නේ ජයග්‍රහණය යන අර්ථයෙන්.
හැබැයි ජපානයේදී KitKat විකිණෙන්නෙ නම් ලොකු වාසනාවක් ගෙන දෙන ආහාරයක් හැටියටයි. ජපානෙදි “kitto katto” කියලා හඳුන්වන කිට්කැට් එයාලා හිතන විදිහට “kitto katsu” කියන එකට සමානයිලු. ඒකෙ තේරුම වෙන්නෙ නිසැක ජයග්‍රහණය කියලයි.
2. දිනකට එක ඇපල් ගෙඩියයි

විභාග කාලෙ වෙනකොට හොංකොං විශ්වවිද්‍යාලෙ ආපනශාලාව ඇපල් ආශ්රිත විවිධ ආහාර වලින් පිරී යනවා. චීන බසින් ඇපල් වලට කියන්නෙ “ping guo” කියලයි. ඒකෙන් ආරක්ෂාව කියන අදහස අඩංගු වෙනවා. ඒ කියන්නෙ ඇපල් ආහාරයට ගැනීමෙන් ඔබ ආරක්ෂිතව විභාගය සමත් වන බවයි. මේ විශ්වාසය නිසා තමයි හොංකොං විශ්වවිද්‍යාලෙ සිසුන් දවසකට ඇපල් ගෙඩිය ගානෙ කාලා විභාගෙ ලියන්න යන්නෙ.
3. ඔළුව හෝදන්න නම් එපා

සමහර පාඩම් කරන දවස් වලට නාන්නවත් සිහියක් නෑ නේද? කවුරුහරි ළඟට ආවොත් තමයි ඉතින් අවුල වෙන්නෙ. ඒත් දකුණු කොරියාවෙදි නම් මේක එච්චර ගැටලුවක් නැහැ. ඒකට හේතුව එහේ ළමයි විශ්වාස කරනවා නාන්නෙ නැතුව පාඩම් කරලා විභාගෙ ලිව්වම හොඳින් සමත් වෙන්න පුළුවන් කියලා. බැරි වෙලාවත් ඔළුව හේදුවොත් එහෙම පාඩම් කරපු සේරම දේවල් ඒත් එක්ක හේදිලා යනවා.
4. විභාගෙට කලින් පිස්සු නැටීම.
මේක නම් අපිත් ගොඩක් වෙලාවට කරන දෙයක්. විභාගෙ කට උඩට ඇවිල්ලා තියෙද්දිත් පිස්සු නටන එකමයි වැඩේ. හැබැයි මේක විභාග ජයග්‍රහණය වෙනුවෙන් කරන්නෙ හොංකොං වල ශිෂ්‍යයෝ. විභාගෙට මාසයක් විතර තියෙද්දි ක්ලබ් වල, සමාජශාලා වලදී සුපිරි සාමාර්ථයක් ලබා ගැනීම සඳහා විවිධ ක්‍රියාකාරකම් වල නිරත වෙනවා.
“Superpass” – සුපිරි සාමාර්ථය කියන්නෙ ඔබේ විභාගය සමත් වීම සඳහා සහ ඉහළ ලකුණු ලබා ගැනීම සඳහා ඔබ විසින් කළ යුතු ක්‍රියාකාරකම් මාලාවක්. පළමු කොටසේදී සුපිරි සාමාර්ථ රාත්‍රී භෝජනය චයිනීස් රෙස්ටුරන්ට් එකකින් භුක්ති විඳින්න.
ඊළඟට කජු මද සමඟ ඌරු මස් කුට්ටි අනුභව කළ යුතුයි. චීන භාෂාවේ භාවිතා කරන ආකාරයට කජු වලට කියන වචනයෙන් අදහස් වෙන්නෙ සමත්වීමේ බලාපොරොත්තුව යන්න සහ ඌරු මස් කුට්ටි මඟින් උසස් සාමාර්ථයක් ලබා ගැනීමේ අපේක්ෂාව වශයෙන් ඔවුන් සළකනවා.
5. වාසනාව දෙපලු කිරීම

හොඳට රෝස් කරපු ලොකු ඌරෙක් මේසෙ උඩ තියලා තියෙනවා. ඔයාට විභාගෙ ඉහළින් සමත් වෙන්න ඕනෙනම්, මේ ඌරව එක පාරින් දෙපළු කරන්න වෙනවා. එහෙම කරන්න පුළුවන් උනොත් පළවෙනි අවස්ථාවෙන් ම විභාගෙ ගොඩ යන්න පුළුවන් වෙනවා. බැරි උනොත් ඉතින් තව පාරක් විභාගෙ ලියන්න නම් වෙනවා. මේ චාරිත්‍රය ක්‍රියාත්මක වෙන්නෙ චීනයේ. ඌරව දෙපළු කරලා නිකන් ඉන්නෙ නෑ එයාලා ඊටපස්සෙ තියෙන සාදයේදී ආහාරයට ගන්නවා.
6. යාඥා කිරීම සහ ආගමික කටයුතු සිදු කිරීම.

ආසියානු දරුවන් විභාග වලට මුහුණ දීමේදී තමන් සමත් කර දෙන ලෙස යාඥා කිරීම සිදු කරනවා. සමහරවිට ඔවුන්ගේ දෙමව්පියන්ද විභාග ශාලාව පිටත ඉඳගෙන හෝ තමන් ඉන්නා තැනක හිඳ තම දරුවාට විභාගය ජය ගැනීමට ශක්තිය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා.
විශේෂයෙන්ම බෞද්ධයින් වශයෙන් විභාගය ආසන්න වෙනකොට විහාරස්ථානයට යාම, බෝධි පූජා පැවැත්වීම වගේ ආගමික කටයුතු වල නිරත වෙනවා.
7. වාසනාවන්ත ඔරලෝසු සහ සුප්

දකුණු කොරියාවෙදි ඔබ මුහුදු පැලෑටි වලින් සකස් කරන ලද සුප් පානය කළොත් එහෙම ඔබ විසින් පාඩම් කරන ලද සියලුම දැනුම ඔබට අහිමි වෙන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. සමහරවිට ඔබ මෝඩයෙක් බවට පත් වෙන්නටත් හැකියි.
හැබැයි චීනයේ අය නම් විභාග දවසේ උදෙන්ම කන්නෙ නූඩ්ල්ස්. ඒකෙන් නූඩ්ල්ස් වගේ සුමට ආකාරයට විභාගයත් පැවැත්වේවි කියා විශ්වාස කරනවා. ඒ වගේම තමන්ගෙ වාසනාවන්ත ඔරලෝසුව පැළඳගෙන විභාගයට මුහුණ දෙන්නත් අමතක කරන්නෙ නැහැ.
8. කුකුළාගේ බලේ.

සීනි ටිකක් කෑවම ඇඟට පොඩි හයියක් එනවනේ. දකුණු කොරියානුවන් සීනි අඩංගු රසකැවිල්ලක් කෑවාම විභාගය සමත් වෙන්න විශේෂ බලයක් ලැබෙනවා කියලා. මේ රසකැවිලි අතර Yeot නම් සාම්ප්‍රදායික රසකැවිල්ලත් අඩංගුයි. මේක විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය වගේ අතිශය වැදගත් විභාග වලට කලින් තමයි කන්න ඕනෙ.
එහෙමත් නැත්නම් කුකුළු මස් සුප් පානය කළාම මොළය වර්ධනයට සහ මානසික ඒකාග්‍රතාවය හොඳින් පවත්වාගෙන යාමට වැදගත් වෙන බව විශ්වාස කරන්නේ සිංගප්පූරුවේ ඉගෙන ගන්නා සිසුන් ය.
9. රතු පැහැ යට ඇඳුම් ඇඳීම.

චීනයේ වාසනාවන්ත වර්ණයක් විදිහට රතු වර්ණය හඳුන්වන්න පුළුවනි. ඒ නිසා විභාගෙට යනකොට රතුපාට ඇඳුමක් ඇඳලා එහෙමත් නැත්නම් රතුපාට යට ඇඳුමක් අඩුම තරමේ ඇඳල යනවානම් විභාගෙ අනිවාර්යෙන්ම ගොඩ යන්න පුළුවන්ලු.
ඔබ බැරිවෙලාවත් චීනෙදි දියුණු පුද්ගලයෙකු උනොත්, එහෙමත් නැත්නම් විභාගයක් සමත් උනොත් කෙනෙක් අහන්න පුළුවන් “ඔබ අඳින්නේ රතු පැහැ යට ඇඳුමක්ද?” කියලා එහෙම උනොත් ඒකට හේතුව මොකක්ද කියලා දැන් දන්නවනේ එහෙනම්.