ඊජිප්තු ශිෂ්ඨාචාරයෙන් ලොවට දායාද කළ නව නිපැයුම්

 ඊජිප්තු ශිෂ්ඨාචාරයෙන් ලොවට දායාද කළ නව නිපැයුම්

ඊජිප්තුවට අභිමානවත් ඉතිහාසයක් තිබෙනවා. එහි වැසියන් මිනිස් ජනාවාස ඇති කිරීමේ ප්‍රමුඛයින් මෙන්ම ප්‍රෞඩ ශිෂ්ඨාචාරයකට උරුමකම් කියන අතර පැරණි ලෝකයේ තාක්ෂණයේ හිණි පෙත්තේ සිටි ජාතියක් ලෙස සඳහන් කළ හැකියි. මෙලෙස පැවසීමට හේතුව වන්නේ අපගේ කාර්යයන් සඳහා වැදගත් වන ප්‍රයෝජනවත් උපකරණ රාශියක් ලොව වෙනත් ශිෂ්ඨාචාර සියල්ලටම පෙර ඊජිප්තු ශිෂ්ඨාචාරයෙන් බිහිවී තිබීමයි. එනම් ඊජිප්තු ශිෂ්ඨාචාරයෙන් ලොවට දායාද වූ නව නිපැයුම් පිළිබඳව මෙම ලිපිය දිග හැරෙනු ඇත.

#1 . ඇස් වල අංගරචනය (මේක්-අප්) – eyeshadow and eyeliner – 4000 BCE

ඊජිප්තු ජාතිකයින් ඇස් වල අංගරචනය, ඒ කියන්නෙ ඇස් මේක්-අප් කිරීම ප්‍රචලිත කිරීමට මුල් වුණා. මෙහි අතීතය ක්‍රිස්තු පූර්ව 5000 පමණ ඈතකට දිව යනවා. ඔවුන් ඒ සඳහා යොදාගත් වර්ණ තැටි සකසා ගැනීමට පහත ද්‍රව්‍ය උපයෝගී කරගෙන තිබුණා. මේ සඳහා භාවිතා කළ පොදු වර්ණ අතර කොළ වර්ණය සාදා ගැනීමට මැලචයිට්, තඹ සහ කොළ කාබනේට්ද, කළු වර්ණය සකසා ගැනීමට ගැලීනා වලින්, ඊයම් සහ ලෝපස් යොදාගෙන තිබෙනවා.

2#. ලේඛන කලාව (pictographs) – 3200 BCE

ඊජිප්තු ශිෂ්ඨාචාරයෙන් ලොවට දායාද කළ නව නිපැයුම් fJackal Face Anubis Weighs Heart 1285BCE

ක්‍රිස්තු පූර්ව 3,200 පමණ කාලයේ ඊජිප්තු ජාතිකයින් විසින් සළකුණු 500ක් පමණ උපයෝගී කරගෙන ලොව පළමු ලේඛන ක්‍රමවේදය හඳුන්වා දුන්නා.  මෙහිදී වචන හෝ ශබ්ධ කුඩා චිත්‍රයක් මඟින් නිරූපණය වීමක් සිදු වුණා. මෙයට පෙර ලේඛන ක්‍රමවේදයන් පැවතී තිබුණත් මේ තරම් දියුණු මට්ටමක පැවතුණේ නම් නැහැ.

ස්වාධීනව නැඟී සිටි ශිෂ්ඨාචාරයක් වන මෙසපොතේමියානු ශිෂ්ඨාචාරය විසින් ද ලේඛන කලාව භාවිතා කළත්, ලේඛන කලාව දියුණු ලෙස මෙන්ම මුලින්ම භාවිතා කිරීමේ ගෞරවය ඊජිප්තුව සතුයි.  ඊට පසු ක්‍රිස්තු පූර්ව 1,200 දි පමණ ලිවීම දියුණු කරගත් ජාතියක් ලෙස චීන ජාතිකයින් හඳුන්වන්න පුළුවනි.

මීට අමතරව වර්තමානයේ අප භාවිතා කරන තීන්ත වලට සමාන තීන්ත වර්ගයක් එළවළු මැලියම් භාවිතා කරමින් සකසාගෙන භාවිතා කළා.

#3. පැපිරස් කඩදාසි  – 3000 BCE

ඊජිප්තු ශිෂ්ඨාචාරයෙන් ලොවට දායාද කළ නව නිපැයුම් lite papyrus

නයිල් නදී නිම්නයේ වැවෙන පැපිරස් නමැති ශාකය යොදා ගනිමින් ඔවුන් කඩදාසි නිපදවූවා. සියලු ශිෂ්ඨාචාර අතරින් මුලින්ම ලිපිද්‍රව්‍ය වශයෙන් තුනී කඩදාසි භාවිතා කර තිබෙන්නේ පුරාණ මිසර වැසියන් බව හඳුන්වන්න පුළුවනි. ඒ විතරක් නෙවෙයි ක්‍රිස්තු පූර්ව 1,000 දී පමණ ඊජිප්තුවෙන් වෙනත් රටවල් වලට පැපිරස් කඩදාසි අපනයනය කිරීමටත් සමත් වුණා. මෙම අපනයන ප්‍රධාන වශයෙන්ම බටහිර ආසියාවට සිදු කළ අතර මැටි පුවරු භාවිතා කිරීමට වඩා ඉතාම පහසු දෙයක් බවට පැපිරස් කඩදාසි පත් වුණා.

#4. දින 365 ක් ඇති දින දර්ශනය – 4000 BCE

ඊජිප්තු ශිෂ්ඨාචාරයෙන් ලොවට දායාද කළ නව නිපැයුම් 8194437 orig 1024x768 1

පුරාණ ඊිජිප්තු වැසියන් විසින් දින 365 ක් සහිත දින දර්ශනයක් භාවිතා කළා. එහි මාස 12ක් සහ එක් එක් මාසයට දින 30 බැගින් යොදා තිබුණා. නමුත් ක්‍රිස්තු පූර්ව 4,000 පමණ වන කාලය තෙක් එක පැවතුණේ නැහැ. ඔවුන් එම කැලැන්ඩරයට තවත් දින 5ක් ඇතුළත් කලා. එයට හේතුව සූර්ය දින දර්ශනයට අනුව දින 365ක් වීම අවශ්‍ය බව ඔවුන් දැනගත්තා. ඒ අනුව දින දර්ශනයක දින ගණන 365 ක් වූ අතර ක්‍රිස්තු පූර්ව 238 දී ඔවුන් විසින් අධික අවුරුද්ද සොයා ගත්තා. ඒ සොයා ගැනීම අප අදටත් භාවිතා කරනවා.

#5. රැවුල බෑම සහ කොණ්ඩා මොස්තර 

ඊජිප්තු ශිෂ්ඨාචාරයෙන් ලොවට දායාද කළ නව නිපැයුම් QueenKawitGetsHerHairDone

පුරාණ ඊජිප්තු ශිෂටාචාරයෙහි කාන්තා සහ පිරිමි දෙපක්ෂයම කොණ්ඩය කැපීම සමාජය තුළ මුල් බැසගෙන තිබුණු ලක්ෂණයක් ලෙස දැක්විය හැකියි. කොණ්ඩය වවාගෙන සිටීම අපිරිසිදු ක්‍රියාවක් ලෙස ඔවුන් සැලකුවා. ඒ අනුව කොණ්ඩය නිසි පරිදි සකස් කරගෙන සිටීම විචක්ෂණශීලී ලක්ෂණයක් බව ඔවුන් සිතුවා.  මේ අනුව රැවුල කැපීම සහ කොණ්ඩය කැපීම ලොවට දායාද වුණා.

#6. ඊජිප්තු දොර අගුල – 4,000 BCE

ඊජිප්තු ශිෂ්ඨාචාරයෙන් ලොවට දායාද කළ නව නිපැයුම් The history of locks and keys Ancient Egyptian pin lock key

ඔබගේ නිවසේ දොර අගුල සිහිපත් කරගන්න. මෙය නිර්මාණය කිරීමේ පුරෝගාමීන් වූයේ ඊජිප්තු වැසියන්ය. ඒ අනුව අද ඔබේ ධනය හා වස්තුව කොතරම් ආරක්ෂා වෙනවාද? යතුරක් භාවිතා කර දොර අගුලක් විවෘත කිරීම ඔවුන් විසින් සොයාගෙන තිබුණා. නමුත් රෝමයේත් මෙවැනි දොර අගුලක් සොයාගෙන තිබුණත් ඊට වඩා මෙය දියුණු තත්ත්වයක පැවතුණා.

#7 – දත් බුරුසුව සහ දත්බෙහෙත් – 5000 BCE

ඊජිප්තු ශිෂ්ඨාචාරයෙන් ලොවට දායාද කළ නව නිපැයුම් shutterstock 1043220 1024x683 1

එහෙනම් මුලින්ම හරියට දත් මැදලා තියෙන්නෙ ඊජිප්තුව කියා අපට හඳුන්වන්න පුළුවනි. නමුත් එයාලගෙ ආහාර වල වැලි සහ ගල් පැවතුණු නිසා ඔවුන්ගේ දත් එතරම් හොඳ තත්ත්වයේ පැවතුණේ නම් නැහැ. ඒත් අඩුම තරමේ තියෙන දත් ටිකවත් ආරක්ෂා කරගැනීමට ඔවුන් උත්සාහ කලා. මේ අනුව මුලින්ම දත් බුරුසු සහ දත් බෙහෙත් පාවිච්චි කිරීම ඔවුන් විසින් සිදු කළ අතර දත් බෙහෙත් සකස් ගැනීමට බිත්තර කටු සහ ගොන් කුර භාවිතා කර තිබුණා.

#8 – උපත් පාලන කොපු (කොන්ඩම්)

ඊජිප්තු ශිෂ්ඨාචාරයෙන් ලොවට දායාද කළ නව නිපැයුම් Ancient Methods of Contraception

අනේ මන්දා ඊජිප්තු කාරයින්ටත් කවුරුහරි ඇවිත් “පුංචි පවුල රත්තරං” කියලා කිව්වද දන්නෑ. කොහොමහරි ක්‍රිස්තු පූර්ව 3,000 පමණ කාලයේදී ඊජිප්තු වැසියන් උපත් පාලන කොපු නිපදවා තිබුණා. ඒ වගේම පැරණි චිත්‍ර වලත් පිරිමින් විසින් ඒවා පැළඳ සිටින අයුරු නිරූපණය කර තිබුණා. මෙය නිපදවීම සඳහා ඔවුන් භාවිතා කර තිබුණේ සත්ත්ව හම් වැනි දෙයක්. නමුත් යම් අවස්ථාවල මෙම කොපුව චාර්ත්‍රානුකූල ඇඳුමක් ලෙසත් ඔවුන් භාවිතා කර තිබෙනවා.

#9 – බොරු කොණ්ඩා

ඊජිප්තු ශිෂ්ඨාචාරයෙන් ලොවට දායාද කළ නව නිපැයුම් ill 4b9a5af5173374

පැරණි ඊජිප්තු ජාතික කාන්තා සහ පිරිමි දෙපාර්ශවයම බොරු කොණ්ඩා භාවිතා කර තිබෙනවා. එය බොහෝවිට තට්ටය වසා ගැනීමට මෙන්ම විලාසිතාවක් ලෙසත් සැළකිය හැකියි. මුලින්ම ඒවා මිනිස් හිසකෙස් යොදාගෙන නිර්මාණය කළ අතර පසුව රටඉඳි ශාකයේ කෙඳි උපයෝගී කරගත්තා.

#10 – අඩි උස සපත්තු – 3500 BCE

ඊජිප්තු ශිෂ්ඨාචාරයෙන් ලොවට දායාද කළ නව නිපැයුම් chopines 01 e1300539469835

ක්‍රිස්තු පූර්ව 3,500 පමණ කාලයේ ඔවුන් අඩි උස සපත්තු භාවිතා කලා. පොදු සාමාන්‍ය ජනතාව පාවහන් නොමැතිව ඇවිදීම සිදු කළ අතර වංශවත් යැයි සැළකූ කාන්තා සහ පිරිමි පාර්ශවය විසින් සපත්තු හෝ සෙරෙප්පු පැළඳීම සිදු කළා.

ලක්මිණ ජයමාල්

https://edutalk.lk

එඩියුටෝක් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.