#10 – කටහඬ භාවිතයෙන් යතුරුලියනය – සිංහල යුනිකේත යතුරුලියන රහස්

 #10 – කටහඬ භාවිතයෙන් යතුරුලියනය – සිංහල යුනිකේත යතුරුලියන රහස්

මෙම ලිපියෙන් ඔබ දැනුවත් කිරීමට සූදානම් වන්නේ, යතුරු පුවරුවක් භාවිතා නොකර සිංහල භාෂාවෙන් ඔබ කතා කරන දෑ යතුරු ලියනය කරන ආකාරයයි. එනම් ඔබේ කටහඬ භාවිතයෙන් පරිගණකයේ හෝ ජංගම දුරකථනයේ සිංහල භාෂාවෙන් යතුරුලියනය කිරීමයි. ඉතින් ඔබේ මිතුරන්ට කෙටි පණිවිඩ යවන විට පවා ඉතා පහසුවෙන් සිංහල යුනිකේත භාවිතා කරන්න පුලුවනි.

01. පරිගණකයේ කටහඬ භාවිතයෙන් සිංහල බසින් යතුරු ලියනය කිරීම. Sinhala Voice Typing

මේ සඳහා ඔබගේ පරිගණකයේ/ ලැප්ටොප් යන්ත්‍රයේ මයික්‍රෆෝනයක් තිබීම අවශ්‍ය වේ. ඊට අමතර ව වෙබ් බ්‍රවුසරය වශයෙන් Google Chrome භාවිතා කිරීම වඩා සාධනීය ප්‍රතිඵල අත්කර දෙනු ඇත. අන්තර්ජාල සම්බන්ධතාවය පැවතිය යුතුය.

පළමුව https://helakuru.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. අනතුරුව හෙළකුරු Keyboard යනුවෙන් සඳහන් පටිත්ත මත ක්ලික් කර එම පිටුවට ඇතුල් වෙන්න. දැන් ඔබට පහත ආකාරයේ අතුරුමුහුණතක් දක්නට ලැබේවි.

සිංහල කටහඬ යතුරුලියනය

අනතුරුව එහි ඇති මයික්‍රෆෝනයක සළකුණ මත ක්ලික් කරන්න. මෙය පළමුවරට භාවිතා කරන ඔබට මේ අයුරින් නිවේදනයක් දිස් වේවි. එනම් ඔබේ පරිගණකයේ මයික්‍රෆෝනය හෙළකුරු වෙබ් අඩවිය සමඟ සම්බන්ධ කරගැනීමට ඔබේ අවසර ඉල්ලා සිටීමයි. එහි Allow යන්න තෝරන්න.

මෙතැන් පටන් ඔබ කටහඬ භාවිතා කරමින් පවසන දෑ සිංහල යුනිකේත ක්‍රමයට ඉතා පහසුවෙන් යතුරුලියනය වන අයුරු දැකගත හැකිවේ.

02. ජංගම දුරකථනයෙහි කටහඬ භාවිතයෙන් සිංහල බසින් යතුරු ලියනය කිරීම. Sinhala Voice Typing

මේ සඳහා ඔබේ ජංගම දුරකථනයේ හෙළකුරු ස්ථාපනය කර තිබීම අවශ්‍ය වේ. ජංගම දුරකථනයේ හෙළකුරු ස්ථාපනය කිරීම සඳහා සහාය අවශය නම් මෙම ලිපි මාලාවේ අංක 07 ලිපිය (ජංගම දුරකථනයට හෙළකුරු) ලිපිය පරිශිලනය කරන්න.

කටහඬ යොදා ගනිමින් ජංගම දුරකථනයේ යතුරුලියනය කිරීම සඳහා අන්තර්ජාල පහසුකම් පැවතීම අත්‍යාවශ්‍ය වේ.

දැන් ඔබට අවශ්‍ වන්නේ සිංහල භාෂාවෙන් කෙටි පණිවිඩයක් යැවීම හෝ වෙනත් පණිවිඩ ආකාරයක් සඳහා නම්, ඒ සඳහා සූදානම් වෙන්න. මේ වන විට ඔබේ තිරයෙහි හෙළකුරු යතුරු පුවරුව දර්ශනය වෙමින් පවතිනු ඇත. එහි ඇති මයික්‍රෆෝනයක සළකුණ මත ටච් කරන්න.

කටහඬ යතුරුලියනය voice typing

අනතුරුව එම සළකුණ පහත ආකාරයට දිස් වේවි. දැන් ඔබ යතුරුලියනය කිරීමට සූදානම්. ඔබට අවශ්‍ය පණිවිඩය පැහැදිලිව සහ සාමාන්‍ය වේගයකින් ජංගම දුරකථනයට පවසන්න.

ලිපි 10ක් පුරා ඔබ වෙත රැගෙන පැමිණි සිංහල යුනිකේත යතුරුලියන රහස් පාඩම් මාලාව මෙතැනින් නිමාවට පත්වන වගයි. ලිපි පෙළ වටිනා බව හැඟේ නම් මිතුරන්ටත් ශෙයා කර දැනුවත් කිරීමට අමතක නොකරන්න.

මෙම ලිපි මාලාව පිළිවෙලට අධ්‍යයනය කිරීම සඳහා පහත සබැඳි ඔස්සේ පිවිසෙන්න.

දැනුම බෙදා හදා ගනිමු.
ලක්මිණ ජයමාල්

ලක්මිණ ජයමාල්

https://edutalk.lk

එඩියුටෝක් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *