#09 – ස්පර්ශ යතුරුලියනය (Touch Typing) – සිංහල යුනිකේත යතුරුලියන රහස්

 #09 – ස්පර්ශ යතුරුලියනය (Touch Typing) – සිංහල යුනිකේත යතුරුලියන රහස්

ඔබ තවමත් සිංහල යුනිකේත යතුරුලියනය කිරීමෙහි නිරත වන්නේ ඔබගේ ඇඟිලි දෙකක් හෝ කිහිපයක් පමණක් භාවිතා කරමින් නම්, ස්පර්ශ යතුරුලියන ක්‍ර‍මවේදය වෙත යොමු වීමට මෙය සුදුසු ම අවස්ථාවයි. එමඟින් යතුරු පුවරුව දෙස නොබලන අතර වේගවත් ලෙස යතුරුලියනය කිරීමේ හැකියාව පවතී. මෙහි මූලික සංකල්පය වන්නේ එක් එක් ඇඟිල්ල මඟින් යතුරු පුවරුවේ නිශ්චිත කලාපයක් ආවරණය කිරීමයි.

මෙම ක්‍ර‍මවේදය භාවිතයෙන් ඔබේ ඇඟිලි විසින් පුහුණුව මඟින් යතුරු පුවරුවේ කලාප හඳුනා ගැනීම සිදු කරනු ලබන අතර, ඒ අනුව මාංශ පේශි වේගවත් ව ක්‍රියා කර යතුරුලියනය කිරීමේ හැකියාව පහසු කරනු ඇත.

පියවර 01 – පරිගණකය ඉදිරිපිට නිසි පරිදි හිඳ ගැනීම.

ඔබ පරිගණකය ඉදිරිපිට නිසි ඉරියව්වෙන් හිඳ සිටීම යතුරුපුවරුව භාවිතය පහසු කරනු ලබනවා. එමෙන් ම ඔබගේ ශරීර සෞඛ්‍යය රැක ගැනීමටත් මනා ලෙස වැදගත් වෙනවා.

පියවර 02 – ප්‍ර‍ධාන යතුරු වෙත ඇඟිලි යොමු කිරීම.

මෙහිදී යතුරු පුවරුවේ F සහ J යන යතුරු මත ඔබගේ දබරැඟිලි දෙක තබා ගන්න. මේ සඳහා යතුරු පුවරුව දෙස බැලීමට අවශ්‍ය වන්නේද නැත. එයට හේතුව මෙම යතුරු දෙක මත කුඩා පටිති දෙකක් සකස් කර ඇති බැවින් යතුර ස්පර්ශ කිරීමෙන් හඳුනාගත හැකි බැවිනි. මෙය අන්ධ පුද්ගලයින් සඳහා පරිගණකය භාවිතා කිරීමේ දී විශාල මෙහෙයක් ඉටු කරනු ලබයි.

ස්පර්ශ යතුරුලියනය

පියවර 03 – නිවාස පේලිය මත ඇඟිලි තබා ගැනීම.

ඉන්පසුව ඔබගේ ඉතිරි ඇඟිලි යතුරු පුවරුව වෙත යොමු කිරීම සිදු කළ යුතුය. ඒ අනුව වම් අතෙහි ඇඟිලි පිහිටන්නේ A, S, D, F යන යතුරු මත සහ දකුණු අතෙහි ඇඟිලි J, K, L, ; යන යතුරු මත පිහිටන අතර මහපට ඇඟිලි දෙක පවතින්නේ Space Bar මත ය. මෙම යතුරු පේලිය එබැවින් නිවාස පේලිය ලෙස හඳුන්වයි. මෙම නිවාස පේලියට පරිබාහිර යතුරක් ඇතුළත් කිරීමට ඇඟිල්ලක් චලනය කළ පසු නැවතත් මුල් යතුර මතට පැමිණීම අනිවාර්ය වේ. මෙය යතුරු පුවරුව දෙස නොබලා යතුරු ලියනය කිරීමේ මූලික පියවරයි.

ස්පර්ශ යතුරුලියනය

මීළඟට එක් එක් ඇඟිල්ල මඟින් ආවරණය වන යතුරු පිළිබඳ සළකා බලමු.

බෝනස් (Bonus) –

සිංහල යුනිකේත අකුරු හැඩ (Fonts) විදිහට අපිට භාවිතා කරන්න තියෙන්නෙ Iskoola Potha අකුරු හැඩතලය විතරයිද? නැහැ. අපි ඔබට ලස්සන සිංහල යුනිකේත අකුරු හැඩතල 65ක් නොමිලේ ලබා දීමට සූදානම්. ඒ සඳහා පහත සබැඳිය ක්ලික් කරන්න. මෙම ෆොන්ට් සියල්ල සිංහල යුනිකේත සමඟ ඉතා හොඳින් ක්‍රියාත්මක වේ.

ඒ අනුව ඔබට මින් ඉදිරියට යතුරුලියනය කිරීම සඳහා කීමෑන් ආදී මෘදුකාංග අවශ්‍ය නොවනු ඇත. එමෙන් ම අනෙක් විශේෂත්වය වන්නේ ඇඩොබි ෆොටෝෂොප් වැනි මෘදුකාංග සමඟ ද භාවිතා කළ හැකි වීමයි.

මේ ලස්සන සිංහල අකුරු හැඩ 20 මෙතනින් නොමිලේ බාගත කරගන්න.
සිංහල Font බාගත කරන්න.

file එකේ ප්‍රමාණය (size) : 981 KB ZIP file එක භාගත කරගන්න

මෙම ලිපි මාලාව පිළිවෙලට අධ්‍යයනය කිරීම සඳහා පහත සබැඳි ඔස්සේ පිවිසෙන්න.

දැනුම බෙදා හදා ගනිමු.
ලක්මිණ ජයමාල්

ලක්මිණ ජයමාල්

https://edutalk.lk

එඩියුටෝක් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *