#06 – විරාම ලක්ෂණ සහ විශේෂ අක්ෂර – සිංහල යුනිකේත යතුරුලියන රහස්

 #06 – විරාම ලක්ෂණ සහ විශේෂ අක්ෂර – සිංහල යුනිකේත යතුරුලියන රහස්

මේ වන විට ඔබ සිංහල යුනිකේත භාවිතා කරමින් යතුරුලියනය කිරීම අරඹා ඇති. නමුත් සිංහල භාෂාවේ අදහසක් නිරූපණය ඉතා හොඳින් සිදු කිරීමට නම්, විරාම ලක්ෂණ අතිශයින්ම වැදගත් මෙහෙයක් ඉටු කරයි. එමෙන්ම සිංහල යුනිකේත වල ඇති විශේෂ ලක්ෂණයක් නම්, ඕනෑම සිංහල අක්ෂරයක් පහසුවෙන් යතුරුලියනය කළ හැකි වීමයි. නමුත් බොහෝ දෙනෙකුගේ නොදැනුවත්භාවය හේතුවෙන් එම අක්ෂර යතුරුලියනය කළ යුතු ආකාරය දැනුවත් වී නැත. ඒ අනුව මෙම ලිපියෙන් සිංහල භාෂාවේ විශේෂ අක්ෂර යතුරුලියනය කරන ආකාරයත් දැන ගැනීමට හැකිය.

සිංහල යුනිකේත භාවිතයෙන් විරාම ලක්ෂණ යතුරුලියනය කිරීම. 

මෙම කොටසේ දී ඔබ දැනුවත් කිරීමට සූදානම් වන්නේ සිංහල යුනිකේත භාවිතයෙන් යතුරු ලියනය කිරීමේ දී විරාම ලක්ෂණ භාවිතා කරන අයුරු ය. වම් පසින් ඇති විරාම ලකුණ යතුරුලියනය කළ යුතු ආකාරය දකුණු පසින් දැක්වේ.

නමවිරාම ලක්ෂණයයතුරු ලියනය කරන අයුරු
නැවතීමේ තිත.
කොමාව,shift + “
තනි උඩු කොමාz
උදෘත පාඨshift + z
ප්‍රශ්නාර්ථය?shift + ?
වරහන්( )(shift + 9) or (shift + 0)
විශ්මයාර්ථ ලකුණ!shift + 1
දෙතිත:}
තිත් කොමාව;shift + }
ඇල ඉර/?
කුණ්ඩලියright alt + “

෴ මෙම විරාම ලක්‍ෂණය කුණ්ඩලිය නම් වේ. මෙය යෙදෙන්නේ කිසියම් ශබ්දයක් සංකේතවත් කිරීමට නොවන බැවින් සිංහල හෝඩියට අනුව අකුරක් වත් පිල්ලමක් වත් නොවේ. වාක්‍යයක් හෝ ඡේදයක් හෝ අවසන් වන බව හඟවනු වස් මෙම කුණ්ඩලිය යෙදෙයි. කුණ්ඩලිය, සිංහල භාෂාවට අනන්‍ය විරාම ලක්‍ෂණයකි. – මූලාශ්‍රය – විකීපීඩියා

විරාම ලක්ෂණ හා විශේෂ අක්ෂර

විශේෂ අක්ෂර යතුරු ලියනය 

අං සහ අඃ

බින්දුව සඳහා x යතුර ද, ඃ සඳහා right alt යතුර සමඟ x යතුර ද භාවිතා කරනු මැනවි.

ලංකා සහ ලඞකා

ඉස්සර අපි වරද්දල කියපු ලඞකා බැංකුව මතක ද? එහි ඇති ඞ අකුර යතුරු ලියනය කරන්නේ shift + x අයුරිනි.

බැඳි අකුරු පළමු ප්‍රභේදය – (ක්‍ෂ ත්‍ව න්‍ද) – 

මේ සඳහා අදාල අකුරු දෙක අතර \ ලකුණ යොදන්න. උදාහරණ : න්‍ද බැඳි අකුර යතුරු ලියනය කිරීම සඳහා න අක්ෂරය සඳහා k ඉන් පසු \ අවසානයේ ද අක්ෂරය සඳහා o එනම්, k + \ + o = න්‍ද

බැඳි අකුරු දෙවන ප්‍රභේදය – (ම‍්ම ද‍්ද ස‍්ස ද‍්ධ වැනි) –

උදාහරණ – පාලි භාෂාවේ හල් කිරීම නොමැති බැවින් මෙලෙස බැඳි අකුරු යෙදීම සාමාන්‍යයෙන් සිදු වේ. උදාහරණයක් ලෙස සම්මා යන්න පාලි භාෂාවේ දී සම‍්මා ලෙසින් ලියනු ලැබේ.

  • භික්ෂු (භික්ෂූන් වහන්සේ) = භික‍්ඛු
  • බුද්ධ (බුදුරජාණන් වහන්සේ) = බුද‍්ධ

මෙලෙස යතුරුලියනය කිරීම සඳහා බැඳිම සිදුවන අදාළ අක්ෂර දෙක මැද Shift + \ යොදන්න. ඒ අනුව ම‍්ම යන බැඳි අක්ෂර ලිවීමේ අනුපිළිවෙල මෙසේ ය. u + (Shift + \) + u

සඤ්ඤක අක්ෂර

ඳ, ඦ, ඬ, ඟ යන සඤ්ඤක අක්ෂර යතුරු ලියනය කිරීම සඳහා right alt යතුර සමඟ අදාළ අක්ෂරය යොදන්න. උදා ඳ – right alt + o

ෆ අක්ෂරය –

මෑත කාලීන ව සිංහල බසට එකතු වූ මෙම අක්ෂරය යතුරු ලියනය කිරීමට shift + f භාවිතා කරන්න. ලෙමන් පෆ් ෆට්ටයි නේ!

ඏ සහ ඐ ස්වරාක්ෂර

සිංහල හෝඩියේ මෙවැනි අක්ෂර දෙකක් දැක තිබෙනවා ද? මම නම් මේවා භාවිතා කරන තැනක් නම් දැකල නැහැ. නමුත් පාසලේ දී ඉගෙන ගත් අයුරින් ස්වරාක්ෂර වූ මේ අක්ෂර ශබ්ධ කරන්නෙ ‘ඉලු‘ සහ ‘ඉලූ‘ ලෙසින් ය. මේ අක්ෂර මල අක්ෂර යැයි සැලකේ. මේවා යතුරු ලියනය කිරීම සඳහා (right alt + < ) සහ (right alt + <) + (shift + a) පිළිවෙළින් භාවිතා කරන්න. 

නො පෙනෙන හිස් තැන් – 

මෙහි භාවිතාව කුමක් විය හැකි දැයි මා හට කිසිදු අදහසක් නොමැත. නමුත් මෙමඟින් නො පෙනෙන හිස් තැන් (invisible space) තැබිය හැකිය. මෙහි දී වචන අතර පරතරය තැබීමට space bar පාවිච්චි කළා සේ නො පෙනේ.. නමුත් මෙය යෙදීමෙන් පසු backspace යතුර වාක්‍යයේ අග ඉඳල මුලට යොදන විට අපට හැඟෙන්නේ අකුරු හෝ වචන අතර පරතර තිබෙන ලෙසින් ය. මෙය පාවිච්චි කර බැලීමෙන් ම අවබෝධ කර ගත යුතු අතර නො පෙනෙන හිස් තැන් යෙදීම සඳහා (alt + space bar) ලෙස භාවිතා කළ හැකිය.

ළු අක්ෂරය –

එළු ලුයන්න ලෙස හැඳින්වූ විට අප සැවොම දන්නා මෙම අක්ෂරය යතුරු ලියනය කිරීම සඳහා (shift + <) + q යන අනුපිළිවෙළට යතුරු භාවිතා කළ හැකිය.

වචනය මැද කොම්බුවක් යෙදීම –

ප්‍රයෝජන‘ මෙම වචනය යුනිකේත ක්‍රමයට යතුරු ලියනය කිරීමේ දී ඔබ සමහර විට අපහසුතාවකට පත් වූවා නිසැක ය. නමුත් මෙලෙස සෑම විටකම සිදු නොවේ. එය ඔබ විසින් ප්‍රෙයා්ජන යනුවෙන් යතුරු ලියනය කරන්නට ඇත. මේ සඳහා ඇති පහසු ම විසඳුම පහත ඉදිරිපත් කරමි. මේ සඳහා උදාහරණයක් ලෙස ප්‍රයෝජන යන වචනය ම භාවිතා කෙරේ.

  1. ප්‍ර අක්ෂරය යතුරු ලියනය කරන්න. (m + ~)
  2. alt + space bar යොදන්න
  3. යෝ, ජ සහ න යන අක්ෂර පිළිවෙළින් යතුරු ලියනය කරන්න. (f + h + d + a + c + k)

මෙම ලිපි මාලාව පිළිවෙලට අධ්‍යයනය කිරීම සඳහා පහත සබැඳි ඔස්සේ පිවිසෙන්න.

දැනුම බෙදා හදා ගනිමු.
ලක්මිණ ජයමාල්

ලක්මිණ ජයමාල්

https://edutalk.lk

එඩියුටෝක් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *