#08 – සෝදුපත් මෙවලම් – සිංහල යුනිකේත යතුරුලියන රහස්

 #08 – සෝදුපත් මෙවලම් – සිංහල යුනිකේත යතුරුලියන රහස්

අප විසින් සිංහල භාෂාවෙන් යතුරුලියනය කිරීමේ දී ඒවායේ නිරවද්‍ය භාවය පරීක්ෂා කිරීම සඳහා මෙතෙක් නිසි ක්‍රමවේදයක් නොපැවතුණි. එනම් අදාළ ලේඛනයේ සෝදුපත් බැලීම ස්වයංක්‍රීයව සිදු කිරීමට පහසුකම් පැවතුණේ නැත. සරලව පවසනවා නම්, අප විසින් සිංහල භාෂාවෙන් යතුරු ලියනය කරන ලද ලේඛනයක අක්ෂර වින්‍යාස දෝෂ පවතී ද යන්න පරීක්ෂා කිරීමට හැකියාවක් නොවුණි.

මෙතෙක් අපි Microsoft office මාදුකාංග වලදී ඉංග්‍රීසි භාෂාවෙන් spelling check කර ගත් ආකාරයටම යුනිකේත භාවිතා කර සිංහලෙන් යතුරු ලියනය කිරීමේ දීත් සෝදුපත් බැලීමට අවකාශ ලැබී ඇත. මේ සඳහා නොමිලයේ ලබා දෙන සොදුපත් බැලීම සඳහා වන මෙවලම බාගත කර ගැනීම අවශ්‍ය ය.

පහත යොමුවෙන් ගොස් Microsoft Office Proofing Tools 2016 – සිංහල භාගත කර ගන්න.

http://www.microsoft.com/si-lk/download

එහි විවිධ මෘදුකාංග කිහිපයක් ම පවතින අතර පහත දැක්වෙන මෘදුකාංගය බාගත කර ගැනීමට කටයුතු කරන්න.

සෝදුපත් මෙවලම්

අනතුරුව ලැබෙන පිටුවේ බාගත කිරීම සඳහා ඔබට බොත්තමක් ලැබෙනු ඇත. එය එබීමට පෙර ඉදිරියේ ඇති කොටුවේ ඇති භාෂාව සිංහල ලෙස වෙනස් කිරීමට අමතක නොකරන්න.

බාගත කිරීම සඳහ බොත්තම එබූ පසු, ඔබේ පරිගණකය 32bit හෝ 64bit යන්න අනුව බාගත කිරීමට අවධානය යොමු කරන්න. ඒ අනුව අදාල කොටුව මත හරි සළකුණ යොදා ඊළඟ බොත්තම මත ක්ලික් කරන්න.

බාගත කර ගත් ගොනුව මත දෙවරක් ක්ලික් කර පරිගණකයේ ස්ථාපනය කර ගන්න. අනතුරුව මයික්‍රොසොෆ්ට් වර්ඩ් හෝ වෙනත් ඔෆිස් මෘදුකාංගයක් වෙත පිවිස Review මෙනුවේ Language අයිකනය මත ක්ලික් කළ විට ලැබෙන උපමෙනුවෙන් set proofing Language යන්න තෝරාගන්න.

එවිට ලැබෙන සංවාද කොටුවෙන් සිංහල තෝරා ok විධානය ලබා දෙන්න. දැන් සාමාන්‍ය අයුරින් යුනිකේත භාවිතා කර සිංහල වචනයක් යතුරු ලියනය කර space bar බොත්තමෙන් ඉඩක් ලබා ගත් විට එම වචනයට යටින් රතු පාටින් ඉරක් පෙන්වයි නම් එම වචනයේ දෝෂයක් ඇති බවත් එය මත රයිට් ක්ලික් කළ විට ලැබෙන මෙනුවෙන් නිවැරදි වචනය තෝරා ගැනීමක් කර ගැනීමටත් හැකියාව ලැබේ.

මෙහි දැක්වෙන්නේ එහි ක්‍රියාකාරීත්වය සඳහා උදාහරණයකි.

සෝදුපත් මෙවලම්

ඉහත උදාහරණයේ මයික්‍රොසොෆ්ට් වර්ඩ් මෘදුකාංගය භාවිතයෙන් “සිහල අක්ෂර” යනුවෙන් යතුරුලියනය කර ඇත. එහි සිහල යන වචනය දෝෂ සහිත බැවින් යටින් රතු පැහැ ඉරක් පෙන්නුම් කරයි. අනතුරුව වචනය උඩ right click කළ විට එම වචනයට ගැලපේ යැයි පරිගණකය විසින් යෝජනා කරන වචන ලැයිස්තුවක් දර්ශනය වන අතර නිවැරදි වචනය මත ක්ලික් කිරීමෙන් වෙනස් කිරීමට හැකියාව ලැබේ.

මේ ආකාරයට ඔබේ ලේඛනයෙහි දෝෂ රාශියක් පෙන්නුම් කරන්නේ නම්, Review මෙනුවේ Spelling & Grammar ක්ලික් කිරීමෙන් සම්පූර්ණ ලේඛනයේ දෝෂ නිවැරදි කර ගැනීමට හැකියාව ලැබේ.

මෙම ලිපි මාලාව පිළිවෙලට අධ්‍යයනය කිරීම සඳහා පහත සබැඳි ඔස්සේ පිවිසෙන්න.

දැනුම බෙදා හදා ගනිමු.
ලක්මිණ ජයමාල්

ලක්මිණ ජයමාල්

https://edutalk.lk

එඩියුටෝක් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *