#07 – ජංගම දුරකථනයට හෙළකුරු – සිංහල යුනිකේත යතුරුලියන රහස්

 #07 – ජංගම දුරකථනයට හෙළකුරු – සිංහල යුනිකේත යතුරුලියන රහස්

හෙළකුරු යනුවෙන් හඳුන්වන මෙම මෘදුකාංගය ජංගම දුරකථන වෙනුවෙන් ම Bhasha Lanka (Pvt) Ltd නම් ආයතනය විසින් හඳුන්වා දෙන ලද්දකි.

හෙළකුරු

Helakuru (හෙළකුරු) යනු ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන සඳහා සම්මත සිංහල යතුරුලියනය ක්‍රමවේදයයි. එය Smart Phonetic සහ Smart Wijesekara යන යතුරු පුවරු දෙකට ම සහය දක්වයි. එතැනින් ද නො නැවතී කෘත්‍රිම බුද්ධිය ඇසුරින් ගැළපෙන සිංහල සහ ඉංග්‍රීසි වචන යෝජනා කිරීම ද සිදු කරයි. එබැවින් ජංගම දුරකථනයෙහි සිංහල මෙන් ම ඉංග්‍රීසි යතුරු ලියනය සඳහා ද මෙම මෘදුකාංගය ඉමහත් සේවාවක් සපයයි.

හෙළකුරු ස්ථාපනය කර ගැනීම.

  1. ජංගම දුරකථනයේ දත්ත හුවමාරුව සක්‍රිය වී පැවතිය යුතු වේ.
  2. https://play.google.com වෙබ් ලිපිනයට පිවිස Helakuru යනුවෙන් සෙවීම සිදු කරන්න.
  3. Helakuru Sinhala Keyboard යන ඇප් එක බාගත කරගෙන ඔබගේ ජංගම දුරකථනයේ ස්ථාපනය කර ගන්න.

ස්ථාපන කර ගැනීමෙන් අනතුරුව මෙම හෙළකුරු වැඩසටහන සඳහා දත්ත භාවිතයක් සිදු නොවේ. එමෙන්ම මෙය 100% ක් ම නොමිලේ ලබා දෙන මෘදුකාංගයකි.

හෙළකුරු

ඔබගේ ජංගම දුරකථනයෙහි නිසියාකාරව ඉහත යතුරු පුවරුව ස්ථාපනය වී පවතින්නේ නම්, ඔබගේ යතුරු පුවරුව පහත ආකාරයට දිස් වනු ඇත.

සමහර විට ඔබ හෙළකුරු ඇප් එක ස්ථාපනය කිරීමෙන් අනතුරුව ඉහත ආකාරයට සිංහල අක්ෂර සහිත යතුරු පුවරුවක් වෙනුවට ඉංග්‍රීසි අක්ෂර පෙන්නුම් කරනු ඇත. එවැනි ගැටලුකාරී තත්ත්වයක් පවතින්නේ නම් ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනයේ Settings වෙත ගොස් එහි Language & Input වෙත යන්න. එහි දී Keyboard & Input Methods හි Current Keyboard වෙත ගොස් හෙළකුරු ලෙස සඳහන් කරන්න.

හෙළකුරු

ඉන්පසුව ඔබගේ හෙළකුරු ඇප් එක වෙත ගොස් එහි සැකසුම් වෙත යන්න. අනතුරුව එහි ඇති Sinhala Input Method හි Smart Wijesekara ලෙස සඳහන් කිරීමට අමතක නොකරන්න.

දැන් ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනයෙන් රිසි සේ සිංහල භාෂාවෙන් කෙටි පණිවිඩ, විද්‍යුත් තැපැල් පණිවිඩ, සිංහල භාෂාවෙන් අන්තර්ජාලයේ සෙවීම ආදී කාර්යයන් සිදු කිරීමට ඉතා පහසු වනු ඇත.

මෙම ලිපි මාලාව පිළිවෙලට අධ්‍යයනය කිරීම සඳහා පහත සබැඳි ඔස්සේ පිවිසෙන්න.

දැනුම බෙදා හදා ගනිමු.
ලක්මිණ ජයමාල්

ලක්මිණ ජයමාල්

https://edutalk.lk

එඩියුටෝක් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *