ඔන්ලයින් අධ්‍යාපන කටයුතු සඳහා වාසිදායක ම ඩේටා පැකේජ මොනවාද?

 ඔන්ලයින් අධ්‍යාපන කටයුතු සඳහා වාසිදායක ම ඩේටා පැකේජ මොනවාද?

ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වල නිරත වෙන ගුරුවරුන් සහ ශිෂ්‍ය/ ශිෂ්‍යාවන් දෙපක්ෂයටම මුහුණ පාන්න වෙන මූලික ම ගැටලුවක් තමයි කොහොමද අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න ඩේටා දාගන්නෙ කියන එක. විශේෂයෙන් ම ඔන්ලයින් ලෙස පැවැත්වෙන පන්තියක් සඳහා සහභාගී වීමේ දී ජංගම දුරකථනයේ මුදල් හෝ සාමාන්‍ය ඩේටා පැකේජයක් සක්‍රිය කර ගැනීමට වඩා Online Meeting සඳහා ම විශේෂයෙන් හඳුන්වා දී ඇති පැකේජයක් පාවිච්චි කිරීම වාසිදායක වේවි. එසේනම් ලංකාවේ එක් එක් දුරකථන සමාගම් විසින් හඳුන්වා දී ඇති දත්ත පැකේජ ගැන විමසා බැලීමක් සිදු කරමු.

Work & Learn Packages –

  • භාවිතා කළ හැකි ආකාරය – MS Teams/ Office 365/ Zoom/ mLearning/ SLT Lynked/ SLT eSiphala
  • පැකේජ වර්ග දෙකකි.
    • Rs 150 Plan
      • පැකේජයේ මිල – රු.150 (බදු රහිත මිල)
      • දින 30 ක් වලංගුයි
      • හිමි වන දත්ත ප්‍රමාණය (Anytime) 25 GB
    • Rs 590 Plan
      • පැකේජයේ මිල – රු.590 (බදු රහිත මිල)
      • දින 30 ක් වලංගුයි
      • හිමි වන දත්ත ප්‍රමාණය (Anytime) 50 GB
  • ඉහත පැකේජ සක්‍රිය කර ගැනීම සඳහා –
    • ජංගම දුරකථනයේ #170# ඩයල් කරන්න. ලැබෙන මෙනුවේ අංක 7 (Work & Learn Plans) යොදන්න. ඉන්පසුව ඔබගේ තේරීම අනුව අංක 1 (Rs 150) හෝ අංක 2 (Rs 590) යොදා යොමු කරන්න.

Video Conferencing Plans – 

  • භාවිතා කළ හැකි ආකාරය – Office 365/ Zoom
  • පැකේජ වර්ග දෙකකි.
    • Rs 165 Plan
      • පැකේජයේ මිල – රු.165 (බදු රහිත මිල)
      • දින 30 ක් වලංගුයි
      • හිමි වන දත්ත ප්‍රමාණය (Anytime) 25 GB
    • Rs 540 Plan
      • පැකේජයේ මිල – රු.540 (බදු රහිත මිල)
      • දින 30 ක් වලංගුයි
      • හිමි වන දත්ත ප්‍රමාණය (Anytime) අසීමිත (Unlimited)
  • ඉහත පැකේජ සක්‍රිය කර ගැනීම සඳහා –
    • ජංගම දුරකථනයේ #678# ඩයල් කරන්න. ලැබෙන මෙනුවේ අංක 3 (Mobile data Plans) යොදන්න. ඉන්පසුව ලැබෙන මෙනුව සඳහා අංක 6 (Video Conferencing Plan) තෝරන්න. දැන් ඔබට තවත් මෙනුවක් ලැබේවි එහි අංක 1 (Activate Video conferencing plans) යොදන්න. අනතුරුව ඔබගේ තේරීම අනුව අංක 1 (Rs 165) හෝ අංක 2 (Rs 540) යොදා යොමු කරන්න.
  • ඩේටා බැලන්ස් එක බලන්න – MYUSE ලෙස ටයිප් කර 678 ට SMS කරන්න.

Work & Learn Plans – zoom වැනි මෘදුකාංගයක් මඟින් ඔන්ලයින් අධ්‍යාපනය සිදු කලත් බොහෝ අවස්ථාවල ඒ සඳහා සම්බන්ධ වන ආකාරය පිළිබඳ තොරතුරු යොමු කරනු ලබන්නේ බොහෝවිට Whatsapp වෙත විය හැකියි. අමතරව යූටියුබ් ඔස්සේ වීඩියෝ පාඩම් යොමු කිරීමක් සිදු කළ හැකිය. එවැනි අවස්ථාවක ඔන්ලයින් පන්ති සඳහා පමණක් යොදාගන්නා පැකේජ සක්‍රිය කිරීම නිසා අපහසුතාවයකට පත් විය හැකියි. මෙම පැකේජය සියලුම ඔන්ලයින් අධ්‍යාපන අවශ්‍යතා සඳහා ගැලපෙන බව පෙනේ.

  • භාවිතා කළ හැකි ආකාරය – Zoom, Google, Microsoft, YouTube, Education Apps and Web Browsing
  • පැකේජ වර්ග දෙකකි.
    • Rs 495 Plan
      • පැකේජයේ මිල – රු.495 (බදු රහිත මිල)
      • දින 30 ක් වලංගුයි
      • හිමි වන දත්ත ප්‍රමාණය (Anytime) 12 GB
    • Rs 995 Plan
      • පැකේජයේ මිල – රු.995 (බදු රහිත මිල)
      • දින 30 ක් වලංගුයි
      • හිමි වන දත්ත ප්‍රමාණය (Anytime) 30 GB
  • ඉහත පැකේජ සක්‍රිය කර ගැනීම සඳහා –
    • ජංගම දුරකථනයේ #678# ඩයල් කරන්න. ලැබෙන මෙනුවේ අංක 3 (Mobile data Plans) යොදන්න. ඉන්පසුව ලැබෙන මෙනුව සඳහා අංක 5 (4G Work & Learn Plan) තෝරන්න. අනතුරුව ඔබගේ තේරීම අනුව අංක 1 (Rs 495) හෝ අංක 2 (Rs 995) යොදා යොමු කරන්න.
  • ඩේටා බැලන්ස් එක බලන්න – MYUSE ලෙස ටයිප් කර 678 ට SMS කරන්න.
  • භාවිතා කළ හැකි ආකාරය – Zoom, Office 365, Microsoft Teams, Google Classroom
  • Rs 540 Plan
    • පැකේජයේ මිල – රු.540 (බදු රහිත මිල)
    • දින 30 ක් වලංගුයි
    • හිමි වන දත්ත ප්‍රමාණය (Anytime) අසීමිතයි (Unlimited)
  • ඉහත පැකේජ සක්‍රිය කර ගැනීම සඳහා –
    • රු. 540 ක් රීලෝඩ් කරන්න
logo

Work Study & Zoom Data Plan

  • Rs 551 Plan
    • පැකේජයේ මිල – රු.540 (බදු රහිත මිල)
    • දින 30 ක් වලංගුයි
    • හිමි වන දත්ත ප්‍රමාණය (Anytime) 20GB
  • Rs 69 Plan
    • පැකේජයේ මිල – රු.69 (බදු රහිත මිල)
    • දින 07 ක් වලංගුයි
    • හිමි වන දත්ත ප්‍රමාණය (Anytime) 07GB
  • Rs 29 Plan
    • පැකේජයේ මිල – රු.29 (බදු රහිත මිල)
    • දින 30 ක් වලංගුයි
    • හිමි වන දත්ත ප්‍රමාණය (Anytime) 02GB
  • ඉහත පැකේජ සක්‍රිය කර ගැනීම සඳහා –
    • අදාල පැකේජයේ මිල (29, 69 හෝ 551) රීලෝඩ් කරන්න
    • i29, i69 හෝ i551  ලෙස ටයිප් කර 102 ට SMS කරන්න.

ඔබගේ අත්දැකීම් සහ මේ පිළිබඳ අදහස් පහලින් යොමු කරන්න. ඔන්ලයින් අධ්‍යාපන කටයුතු සඳහා හොඳ ඩේටා පැකේජයක් ලබා ගැනීමට තොරතුරු හොයන ඔයාගෙ යාලුවො/ හිතවතුන් එක්ක ශෙයා කරන්න.

දැනුම බෙදා හදා ගනිමු.
ලක්මිණ ජයමාල්

ලක්මිණ ජයමාල්

https://edutalk.lk

එඩියුටෝක් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *