ඩුබායි වෙරල හැඩ කරන කෘත්‍රිම දූපත්

 ඩුබායි වෙරල හැඩ කරන කෘත්‍රිම දූපත්

භුමි විෂමතාවයන් බොහෝ විට ගොඩ නැගෙන්නේ ස්වභාවික සංසිද්ධීන් මුල් කර ගෙනයි. ගොඩබිමෙන් කොටසක් වෙන්ව ගිය විට වගේම මහමුහුද අසල ඇති ගොඩබිමෙන් කොටසක් මුහුදු ජලයෙන් සේදී ගොස් ඉහලින් ශේෂව ඇති උස්බිම් ප්‍රදේශය දූපතක් විදිහට හැඳින්වෙනවා. ලෝකයේ තිබෙන දූපත් සංඛ්‍යාව හැම දවසකම ස්ථාවර සංඛ්‍යාවක තිබෙන්නේ නැහැ. ඊට හේතුව සමහර දූපත් කිඳා බැස ජලයෙන් යට වෙන අතර මහමුහුදේ අලුත් ස්ථානවලින් නව දූපත් ඇති වෙනවා.

මිනිසා විසින් තැනූ කෘත්‍රිම දූපත්

ඒත් ඩුබායි රටේ මිනිසුන් විසින් වැලිපර ගොඩ කිරීමෙන් අපූරු දූපත් නිර්මාණය කර ගෙන තිබෙනවා. මිනිසුන්ගේ සිහින හරිම පුදුමයි. ස්වභාව ධර්මයේ විසිතුරක් විදිහට බොහෝ දේ අපේ හිතේ මැවෙන්නේ නැති කොට කෘත්‍රිම අයුරකින් හෝ නෙතට රසදුන ඔවුන් නිර්මාණය කර ගන්නවා. මේ අදහස පහල වුනේ ඩුබායි රටේ පාලක ”ෂෙයික් මොහමඩ් බින් රෂීන්” ටයි. නොගැඹුරු මුහුදේ වැලිපර ගොඩ කර ගෙන නිර්මාණය කරන ලද මෙම භූමියේ නිර්මාණ කොන්ත්‍රාත්තුව ”නකිල් ප්‍රොපටිස්” ආයතනයට භාරදුන්නා.

එහිදී ලෝක සිතියම සිහිපත් කරන මෙම නිර්මාණය ඔවුන් හඳුන්වනු ලැබුවේ ”ලෝකය” නමින්. මෙහි දූපත් තුන්සියයක් තිබෙනවා. 2003 වසරේ ආරම්භ කරන ලද මෙම දූපත් නිර්මානය 2008 වසර වෙන විට අතරමග නවත්වන්න වුනා. දැනට මෙහි තිබෙන දූපත් පුද්ගලික ගැනුම්කරුවන්ට මිළට ගන්නත් පුලුවනි.

ඩුබායි වෙරල හැඩ කරන කෘත්‍රිම දූපත් im 78595

පාම් දූපත කොටස් දෙකකින් සැදී තිබෙනවා. එය පාම් ජුමෙයිරා (Palm Jumeirah) සහ පාම් ජෙබෙල් අලි යන (Palm Jebel Ali) දූපත් දෙකකින් සමන්විතයි. මුලදී ඔවුන් අදහස් කලේ මෙම දූපත් පාම් ඩෙයිරා යනුවෙන් දූපත් තුනකින් ඉදි කිරීමට වුනත් පසුව මෙහි නම Deira Island ලෙසින් වෙනස් කරනු ලැබුවා.

ඩුබායි වෙරල හැඩ කරන කෘත්‍රිම දූපත් palm islands md

පාම් ජුබෙයිරා දූපතේ (Palm Jumeirah) ඉදිකිරීම් ආරම්භ වුනේ 2001 වසරේදි. 2006 වසර වෙන විට එහි ඉදිකිරීම් අවසාන වුණා. වචනයේ අර්ථයෙන්ම මෙහි හැඩය පාම් ගසකට සමානයි. අතු දහහතක් තිබෙන අතර පිටත අඩසඳක හැඩයෙන් යුක්තයි. මෙහි පිටත දාරයට ගල් යොදා ගෙන ඇති අතර දූපත වෙනුවෙන් යොදා ගත්තේ මුහදු පත්ලෙන් ලබා ගත් වැලියි. යොදා ගත් ගල් ප්‍රමාණය මිලියන හතක් වෙනවා. මෙම දූපත සුපිරි හෝටල් සහ අවන්හල්වලින් යුක්තයි. 2009 වන විට මෙහි සුපිරි හෝටල් 28 ක් සහ නිවාස 4500 ක් තිබෙනවා. “Atlantis” හෝටලය පිහිටා තිබෙන්නේත් මේ දූපතේ වීම විශේෂයි. දූපතේ ඉහල කෙළවර  මෙම හෝටලය පිහිටා තිබෙන අතර අනෙක් කෙලවර සම්බන්ධ වෙන්නේ කි. මි 54 ක දිගින් යුක්ත මොනෝරේල් (Monorail) ප්‍රවාහන පද්ධතියක් මගින් වීමත් විශේෂයි.

ඩුබායි වෙරල හැඩ කරන කෘත්‍රිම දූපත් palm islands closeup resize md

පාම් ජෙබල් අලි දූපත 2002 වසරේ පටන් ඉදිකිරීම් ආරම්භ කළ අතර 2008 වසර වෙන විට ඉදිකිරීම් අවසාන කලා. වරායන් හයක් සහිත මෙය මුල් දූපතට වඩා සියයට පණහකින් විශාලයි. 2008 වසරේ ආර්ථික අර්බූද සමග මෙහි ඉදිකිරීම් තාවකාලිකව නැවතුණා. මෙහි ඉහල මුදුනේ “World of Discovery”  කලාපයක් ඉදි කර ඇති අතර එය කොටස් හතරකින් යුක්තයි.

ඩුබායි වෙරල හැඩ කරන කෘත්‍රිම දූපත් palm jumeirah facts resize md
  • SeaWorld
  • Aquatica
  • Busch Gardens
  • Discovery Cove

රටේ ආර්ථික තත්වය අනාගතයේදී අවිනිශ්චිත නිසා මේ ආකර්ශණීය දූපත සංචාරකයන්ට ආකර්ශනයක් ඇති කරන්නට ඉඩ තිබෙනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා

පුවත්පතක නම පළ කර ගැනීමේ සිහිනයක් කුඩා කාලයේ පටන්ම පැවැතුණි. වෘත්තියෙන් පුස්තකාලයාධිපති ලෙසින් වෘත්තිමය ජීවිතය ඊට තවත් උපකාරී විය. පොත් පත් අතරේ සිටින විට කියවන ලියන උනන්දුව තව තවත් වැඩි වීය. මේ පරිසරය නිසාම විවිධ පුවත්පත් සඟරා සහ වෙබ් පිටු වෙත විහේෂාංග ලේඛිකාවක ලෙසින් කටයුතු කිරීමට ලැබීම සැබෑම වාසනාවක් සේ සලකමි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.