ෆෝන් එකේ කැමරාව පාවිච්චි කරලා ඔන්ලයින් පන්තිය සාර්ථක කරගන්න.

 ෆෝන් එකේ කැමරාව පාවිච්චි කරලා ඔන්ලයින් පන්තිය සාර්ථක කරගන්න.

zoom මඟින් ඔන්ලයින් පන්තියක් පැවැත්වීමට සූදානම් වන ඔබ මුහුණ දෙන ලොකු ම ගැටලුවක් වෙන්නේ තමන්ගේ වීඩියෝ එක පැහැදිලි නොවීම. සරලව කියනවනම් හොඳ කැමරාව ක් නැති නිසානෙ එහෙම වෙන්නේ. ගුරුවරයාගේ වීඩියෝ එක සිසුන්ට පැහැදිලි ව පේන්න අවශ්‍යයි. විශේෂයෙන් ම ලැප්ටොප් යන්ත්‍රය භාවිතයෙන් zoom ඔන්ලයින් පන්තිය සිදු කරන අයට විශේෂයෙන් ම මේ ගැටලුවට මුහුණ පාන්න වෙනවා. ‌

ඔබ පරිගණක යන්ත්‍රයක්/ ලැප්ටොප් යන්ත්‍රය ඉදිරිපිටදී ඉගැන්වීමේ කටයුතු සිදු කරනවා නම්, පහත අසීරුතා වලට මුහුණ පාන්න සිදු වෙනවා.

  • ලැප්ටොප් යන්ත්‍රයේ කැමරාව මඟින් ලබා ගන්නා වීඩියෝ දර්ශනය අපැහැදිලි වීම.
  • පරිගණක යන්ත්‍රයක් භාවිතා කරන්නේ නම් එහි කැමරාවක් නොතිබීම.
  • ඔබ ලිවීමට භාවිතා කරන වයිට් බෝඩ් එකෙහි අඩංගු දෑ පැහැදිලි ව නොපෙනීම.
  • ලැප්ටොප් යන්ත්‍රය ඉදිරියේ ඉඳ ගැනීම හෝ හිටගැනීම වැනි ඉරියව් මාරු කිරීමකදී ශරීරයේ කොටසක් නොපෙනී යාම.

මේ කරුණු වලට විසඳුමක් විදිහට කරන්න පුලුවන් දේ තමයි වයිට් බෝඩ් එක සහ ඔබේ උඩුකය පෙනෙන පරිදි කැමරාවක් focus කර තැබීම. ඒ සඳහා සුදුසු කැමරාවක් මිලදී ගන්න අවශ්‍යයි. නමුත් එහෙම කැමරාවක් මිලදී ගන්නවා වගේ ලොකු වියදමක් දරන්නත් අමාරුයි. නමුත් අපි හැමෝම ස්මාර්ට් දුරකථනයක් බොහෝ විට පාවිච්චි කරනවා. ඔබ, ඔබේ ලැප්ටොප් යන්ත්‍රයේ කැමරාව සමඟ ඔබේ ජංගම දුරකථනයේ කැමරාව සංසන්දනය කළහොත් ඔබ අනිවාර්යයෙන් ම ජංගම දුරකථනයේ කැමරාව තෝරා ගනීවි.

නමුත් ලැප්ටොප් යන්ත්‍රය භාවිතයෙන් zoom meeting එක පවත්වන අතර ජංගම දුරකථනයේ කැමරාව එහි වීඩියෝ සඳහා භාවිතා කළ හැකි නම් කොච්චර හොඳයිද කියලා ඔබට හිතෙනවා නේද? සමහරවිට ඔබේ ඩෙස්ක්ටොප් පරිගණකය භාවිතා කරනවානම් ඔබට අමතර කැමරාවක් යොදා ගන්නත් සිදු වේවි. මේ ලිපියෙන් සාකච්ඡා කරන්න සූදානම් වන්නේ ඒ සම්බන්ධවයි.

මේ සඳහා ඔබ සතුව ලැප්ටොප් යන්ත්‍රයක් හෝ පරිගණක යන්ත්‍රයක්, ස්මාර්ට් ජංගම දුරකථනයක්, මූලික වශයෙන් තිබීම අවශ්‍ය වෙනවා. ඊළඟට ඔබේ ජංගම දුරකථනය වයිට් බෝඩ් එකට focus වෙනවද කියලා ටිකක් එහාට මෙහාට කරල තියල බලන්න. දැන් හරි නේද? ඔය විදිහට ෆෝන් එකේ කැමරාව ස්ථීරව තියාගන්න පුලුවන් විදිහක් සූදානම් කරගන්න. වඩා හොඳයි ෆෝන් එක සවි කරල තියන්න පුලුවන් ට්‍රයිපොඩ් එකක් යොදා ගන්න පුලුවන් නම්. අන්තර්ජාලයේ වෙබ් අඩවියක් හරහා රු. 1000 කට වඩා අඩු මිලකට ට්‍රයිපොඩ් එකක් මිලදී ගන්නත් පුලුවන්.

Cover art

දැන් ඔබ අවශ්‍ය උපකරණ සූදානම් කරගෙනයි ඉන්නෙ. මුලින් ම ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනය අරගෙන Google playstore වෙත ගොස් Droidcam නමැති ඇප් එක බාගත කරගෙන ස්ථාපනය කරගන්න. පහත සබැඳිය භාවිතයෙන් පහසුවෙන් එය ලබා ගන්න. මෙම ඇප් එක බාගත කිරීම නොමිලයේ සිදු කළ හැකියි.
https://play.google.com/store/apps/details?id=com.dev47apps.droidcam&hl=en&gl=US

ෆෝන් එකේ කැමරාව පාවිච්චි කරලා ඔන්ලයින් පන්තිය සාර්ථක කරගන්න. WhatsApp Image 2021 05 24 at 11.08.22 PM 2
ෆෝන් එකේ කැමරාව පාවිච්චි කරලා ඔන්ලයින් පන්තිය සාර්ථක කරගන්න. WhatsApp Image 2021 05 24 at 11.08.22 PM
ෆෝන් එකේ කැමරාව පාවිච්චි කරලා ඔන්ලයින් පන්තිය සාර්ථක කරගන්න. WhatsApp Image 2021 05 24 at 11.08.22 PM 3
ෆෝන් එකේ කැමරාව පාවිච්චි කරලා ඔන්ලයින් පන්තිය සාර්ථක කරගන්න. WhatsApp Image 2021 05 24 at 11.08.22 PM 1

මීළඟට https://files.dev47apps.net/win/DroidCam.Setup.6.4.3.exe සබැඳිය ඔස්සේ Droidcam Client මෘදුකාංගය බාගත කරගන්න. දැන් අපි එම මෘදුකාංගය පරිගණකයේ ස්ථාපනය කරමු. ඔබගේ පහසුව පිණිස මෘදුකාංගය ස්ථාපනය කරන අනුපිළිවෙල පියවරෙන් පියවර දක්වමු.

ෆෝන් එකේ කැමරාව පාවිච්චි කරලා ඔන්ලයින් පන්තිය සාර්ථක කරගන්න. droid 1
ෆෝන් එකේ කැමරාව පාවිච්චි කරලා ඔන්ලයින් පන්තිය සාර්ථක කරගන්න. droid 2
ෆෝන් එකේ කැමරාව පාවිච්චි කරලා ඔන්ලයින් පන්තිය සාර්ථක කරගන්න. droid 3
ෆෝන් එකේ කැමරාව පාවිච්චි කරලා ඔන්ලයින් පන්තිය සාර්ථක කරගන්න. droid 4
ෆෝන් එකේ කැමරාව පාවිච්චි කරලා ඔන්ලයින් පන්තිය සාර්ථක කරගන්න. droid 5
ෆෝන් එකේ කැමරාව පාවිච්චි කරලා ඔන්ලයින් පන්තිය සාර්ථක කරගන්න. droid 6




මේ වන විට අපගේ මෘදුකාංග සහ උපකරණ සියල්ල සූදානම්. ඉදිරි ලිපියකින් ජංගම දුරකථන කැමරාව සහ පරිගණකය සම්බන්ධ කිරීම සිදු කරමු. එතෙක් දැනුවත් වීමට අවශ්‍ය යැයි හැඟෙන ඔබේ හිතුවතුන් සමඟ මෙය ශෙයා කිරීමටත් අමතක නොකරන්න. පහළින් අදහසක් යොමු කරන්න.

ලක්මිණ ජයමාල්

https://edutalk.lk

එඩියුටෝක් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply