මුල්ම වතාවට දියකරල බොන්න පුළුවන් පොතක් නිපදවයි

මැරීගෙන පොත් පාඩම් කරලා විභාග ලියනවට වැඩිය පොතක් දියකරල බොන්න පුළුවන්නම් කොච්චර හොඳයිද කියල තේරෙන්න විභාගයක් කිට්ටු වෙන්නම ඕනෙ. මේකත් එක්තරා ආකාරයකට බොන්න පුළුවන් පොතක් ගැන තමයි මේ ලිපියෙන් හඳුන්වා දෙන්නෙ.
ලංකාවේ අපට ජලය පිළිබඳ විශාල ගැටළුවක් නොතිබුණත්, එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ජීවත් වෙන බොහෝ දෙනෙක්ට පානය සඳහා ලැබෙන්නේ අප ජලය පිරිපහදු කිරීමෙනි. ඒ වගේම එම ජලය නෑමටත්, වාහන සේදීම වැනි කටයුතු සඳහාත් ඔවුන් භාවිතා කරනවා. සමහර ප්‍රදේශ වල පිරිසිදු ජලය යනු අතිශය දුර්ළභ සම්පතක්. ඉතින් ජලය අපට නැතුවම බැහැ. එබැවින් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමත් ජල මූලාශ්‍ර අපිරිසිදු නොකර රැක ගැනීමත් සිදුකළ යුතුයි.

හැබැයි මේ කියන්න යන්නෙ ජලය ගැන ගුණ වර්ණනාවක් නම් නෙවෙයි. විශේෂ පොතක් ගැනයි මේ ලියන්නෙ. අපි නම් ආසයි පාඩම් කරන්නෙ නැතුව පොත දියකරල බොන්න පුළුවන් නම්. නමුත් එවැනි දෙයක් ගැනත් නෙවෙයි. සමහර සංවර්ධනය වෙමින් පවතින රටවල් වල මිනිස්සුන්ට, විවිධාකාර වතුර පෙරහන් මේ ප්‍රදේශ වලට හඳුන්වා දීම සිදු වුණත්, පානය සඳහා අපට තරම්වත් පිරිසිදු ජලය නැහැ. ඉතින් මේ පානය කරන්න පුළුවන් පොතේ විශේෂත්වය තමයි මෙහි පිටු එකින් එක ජල පෙරණ වශයෙන් පාවිච්චි කළ හැකි වීම. මේ පොතේ කඩදාසි වලට පුළුවන් ජලයේ අනවශ්‍ය අපද්‍රව්‍ය ඉවත් කිරීමත්, Typhoid, Cholera, සහ E.Coli වැනි පාචනය, කොළරාව වැනි රෝග ඇති කිරීමට හේතු වන බැක්ටීරියා විනාශ කර සෞඛ්යාරක්ෂිත ජලය ලබා දීමට.

මෙමඟින් පිරිපහදු වන ජලය 99.9% ක් ම පිරිසිදුයි. ඒ වගේම භාවිතයට ආරක්ෂිතයි. පානය කරන්න පුළුවන් පොත නිශ්පාදනය කිරීමත් එතරම් මිල අධික ක්‍රියාවලියක් නෙවෙයි. අනෙකුත් ජල පෙරණ හා සසඳා බලන විට මේක තමයි වර්තමාන වෙළපොළේ ලාභදායකම ක්‍රමය කියා හඳුන්වන්න පුළුවන්කම තිබෙන්නෙ. මේ පොතේ පිටුවක් ඔබට දින 30 ක පමණ කාලයක් සඳහා ජල පෙරණය සිදු කිරීමට භාවිතා කළ හැකියි. ඒ කියන්නෙ ඔබට මෙම සම්පූර්ණ පොතම භාවිතා කරලා වසර 04ක් දක්වා ජලය පිරිසිදු කිරීම කරගන්න පුළුවනි. ඉතින් ඒක ගොඩක් හුරුබුහුටි, පහසු වැඩක් නේද?
තවදුරටත් පවසනවානම් මේ පොත ජල පෙරණය කිරීමට පමණක් නොවෙයි. සාමාන්‍ය පොතක මෙන් අකුරුත් මුද්‍රණය කරල තිබෙනවා. ඉතින් මේ පොතේ සඳහන් වෙන්නෙ නිවැරදි ජල බාවිතය පිළිබඳ අධ්‍යාපනික කරුණු කාරණා ගැනයි.
මේ බොන්න පුළුවන් පොත සැළසුම් කරල තිබෙන්නෙ වර්ජීනියා විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෙකු වන Brian Gartside සහ ඉංජිනේරුවෙකු වූ Carnegie Mellon යන දෙදෙනා එක්වයි. ඔවුන්ගේ කණ්ඩායම පවසනවා මෙම සංකල්පය දියුණු කරගැනීමට හැකිවුවහොත් පොත් මඟින් පෙරීමට ලක් කරනු ලබන ජල ප්‍රමාණය ඇමෙරිකාවේ කරාම ජලය නිකුත් කෙරෙන ප්‍රමාණයට සංසන්දනය කිරීමට හැකි වනු ඇති බවයි.

වැඩිදුර තොරතුරු දැන ගැනීමට ඔබ උනන්දුවක් දක්වන්නේ නම් Water is Life වෙත පිවිසෙන්න. ඒ වගේම අතමිට සරු නම් ඔවුන්ගේ ව්‍යාපෘතිය සඳහා ආධාර කිරීමටත් හැකියි. එමඟින් පිරිසිදු ජලය ලබා ගැනීමට අපහසු මිනිසුන්ට මෙම පොත පහසුවෙන් ලබා දීමට හැකි වන බව ඔවුන් විශ්වාස කරනවා.