ෆෝන් එකේ කැමරාව පරිගණකයට සම්බන්ධ කරන්නෙ කොහොම ද?

     ෆෝන් එකේ කැමරාව පරිගණකයට සම්බන්ධ කරන්නෙ කොහොම ද?

    ඔව් ඇත්තටම මෙය කරන්න පුලුවන් දෙයක්. ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනයේ ඇති කැමරාව සුපැහැදිලි දසුන් සමඟ zoom ඔන්ලයින් පන්තියක් සිදු කිරීම සඳහා ප්‍රයෝජනයට ගත හැකියි. ඒ සඳහා ඔබගේ පරිගණකය හෝ ලැප්ටොප් යන්ත්‍රය සමඟ ජංගම දුරකථනය සම්බන්ධ කළ හැකි ආකාරය පිළිබඳ මෙමඟින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.

    පළමුවෙන් ම ඔබ විසින් මේ සඳහා අවශ්‍ය උපකරණ හා මෘදුකාංග මේ වන විටත් සූදානම් කරගෙන ඇති. තව ම ඒ පිළිබඳ දැනුවත් වී නැතිනම් පහත ලිපිය අධ්‍යයනය කරන්න.

    ෆෝන් එකේ කැමරාව පාවිච්චි කරලා ඔන්ලයින් පන්තිය සාර්ථක කරගන්න.

    ඉහතින් සඳහන් කළ ආකාරයට පරිගණකය සමඟ Droidcam මෘදුකාංගය භාවිතා කරමින් ක්‍රම දෙකකට සම්බන්ධ කරගන්න පුලුවනි.

    1. ඔබේ වයි-ෆයි ජාලය හරහා
    2. ඔබට වයි-ෆයි පහසුකම් නොමැති නම් දුරකථනයේ ඩේටා කේබල් එක මඟින්.

    වයි-ෆයි ජාලය මඟින් පරිගණකය සමඟ ජංගම දුරකථනයේ කැමරාව සම්බන්ධ කරමු.

    මේ සඳහා ඔබගේ පරිගණකය/ ලැප්ටොප් යන්ත්‍රය සහ ස්මාර්ට් ජංගම දුරකථනය එක ම Wi-Fi ජාලයකට සම්බන්ධ වී තිබීම අවශ්‍යයි. එම අවශ්‍යතානය සම්පූර්ණ කරගත හැකිනම් පමණක් මෙම ක්‍රමය උත්සාහ කරන්න. එසේ නොමැති නම් ඊළඟ ක්‍රමය වෙත යොමු වන්න.

    1. පළමුවෙන් ම ජංගම දුරකථනයේ Droidcam ඇප් එක විවෘත කරගන්න.
      ෆෝන් එකේ කැමරාව පරිගණකයට සම්බන්ධ කරන්නෙ කොහොම ද? WhatsApp Image 2021 05 24 at 11.56.55 PM
    2. දෙවනුව පරිගණකයේ ස්ථාපිත කර තිබෙන Droidcam Client මෘදුකාංගය විවෘත කරගන්න. එවිට පහත ආකාරයට දිස්වේවි.ෆෝන් එකේ කැමරාව පරිගණකයට සම්බන්ධ කරන්නෙ කොහොම ද? droid client
    3. එහි Connect over WiFi (LAN) තෝරන්න.
    4. දැන් ඔබ කලින් විවෘත කළ Droidcam ඇප් එකේ WiFi IP ලෙස සඳහන් ස්ථානයේ ඇති IP ලිපිනය විවෘත කරගෙන සිටින Droidcam Client මෘදුකාංගයේ Device IP කියන තැනට යොදන්න.
    5. Droidcam Port කියන තැනත් ඒ විදිහටම පුරවන්න.
    6. පල්ලෙහා තියෙන් Video කොටුවට හරි ලකුණ දාන්න. Audio කියන කොටුවටත් හරි ලකුණ දැම්මොත් ජංගම දුරකථනයේ මයික් එකත් පරිගණකය සමඟ පාවිච්චි කරන්න පුලුවනි.
    7. අවසාන වශයෙන් Start බොත්තම ඔබන්න. දැන් ඔබට ජංගම දුරකථනයේ කැමරාවෙන් ලබා ගන්නා වීඩියෝව පරිගණක තිරයේ දැකගත හැකියි.

    ජංගම දුරකථනයේ ඩේටා කේබල් එක මඟින් පරිගණකයට කැමරාව සම්බන්ධ කිරීම.

    ඔබට Wi-Fi පහසුකම නැතිනම්, පසුතැවෙන්න දෙයක් නැහැ. ඔබේ ජංගම දුරකථනය එහි ඩේටා කේබල් එක මඟින් පරිගණකයට සම්බන්ධ කරන්න.

    1. පළමුවෙන් ම ජංගම දුරකථනයේ Droidcam ඇප් එක විවෘත කරගන්න.
    2. දෙවනුව පරිගණකයේ ස්ථාපිත කර තිබෙන Droidcam Client මෘදුකාංගය විවෘත කරගන්න. එවිට පහත ආකාරයට දිස්වේවි.
    3. එහි Connect over USB ලෙස තෝරන්න.
      ෆෝන් එකේ කැමරාව පරිගණකයට සම්බන්ධ කරන්නෙ කොහොම ද? droid client usb connect
    4. එහි ඇති ඊතල දෙකක් සහිත බොත්තම එබීමෙන් එහි ඉදිරියෙන් ඔබේ දුරකථනය පෙන්නුම් කරාවි.
    5. Droidcam Port කියන තැනත් ෆෝන් එකේ ඇප් එකේ තියෙන විදිහටම ඉලක්කම පුරවන්න.
    6. පල්ලෙහා තියෙන් Video කොටුවට හරි ලකුණ දාන්න. Audio කියන කොටුවටත් හරි ලකුණ දැම්මොත් ජංගම දුරකථනයේ මයික් එකත් පරිගණකය සමඟ පාවිච්චි කරන්න පුලුවනි.
    7. අවසාන වශයෙන් Start බොත්තම ඔබන්න. දැන් ඔබට ජංගම දුරකථනයේ කැමරාවෙන් ලබා ගන්නා වීඩියෝව පරිගණක තිරයේ දැකගත හැකියි.

    සමහර විට ඔබේ ජංගම දුරකථනය ඉහත 4 වන පියවර සිදු කිරීමේ දී No devices detected ලෙස පෙන්නුම් කරන්නට ඉඩ ඇත. බොහෝවිට අලුත් ජංගම දුරකථනයක් නම් එසේ විය හැකියි. එවිට පහත පියවර අනුගමනය කරන්න.

    • ඔබේ දුරකථනයේ  Settings > Developer Options > Enable USB debugging. වෙත යන්න.
    • එහි Allow USB Debugging යන්න ක්ලික් කර OK ලෙස ලබා දෙන්න.
    • නැවත Settings > About Phone වෙත යන්න. එහි මදක් පහලට ගිය විට ‘Build number’ ලෙස තියේවි. එය මත 7 වරක් ක්ලික් කරන්න.
    • දැන් නැවත වරක් ජංගම දුරකථනය හා පරිගණකය ඩේටා කේබල් එක මඟින් සම්බන්ධ කර උත්සාහ කර බලන්න. එනම් No devices detected වෙනුවට ඔබේ දුරකථනයේ නම එහි පෙන්විය යුතු වේ.

    ඔන්න මේ වෙද්දි ඔබේ ජංගම දුරකථනයේ ඇති කැමරාව වෙත ලැබෙන දර්ශන සාර්ථක ලෙස පරිගණක තිරයට ලබා ගැනිමට හැකි වී තිබෙනවා. මීළඟ ලිපියක් මඟින් එම වීඩියෝ දර්ශනය zoom වෙත සම්බන්ධ කරගන්නා අයුරු පැහැදිලි කරන්නම්.

    ලක්මිණ ජයමාල්

    https://edutalk.lk

    එඩියුටෝක් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

    මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

    Leave a Reply