ඩේවිඩ්ගේ පුරුෂ ලිංගය මෙච්චර කුඩා ඇයි?

 ඩේවිඩ්ගේ පුරුෂ ලිංගය මෙච්චර කුඩා ඇයි?

මේ කියන්න යන කාරණාව ඉපැරණි යුරෝපීය කලාගාරයක් තුළට ඇතුල්වෙන ඕනම කෙනෙක්ගේ මනසට වද දෙන ගැටලුවක් වෙන්න පුළුවනි. හැබැයි කලා ඉතිහාසඥයින් විසින් මේ සඳහා විසඳුම් ඉදිරිපත් කර තිබෙනවා.

ඇත්තටම මොකක්ද ඔය කියන ප්‍රශ්නෙ?

මෙහෙමයි ඉතින් ඊට කලින් මේකත් කියන්න ඕනෙ, ඉස්කෝලෙදි චිත්‍ර කලා ඉතිහාසය ඉගෙන ගන්නකොට යුරෝපීය චිත්‍ර හා මූර්ති ගොඩක් ඒවයෙ ඇඳුම් තිබුණෙ නැහැ. අපිට ඉතින් ඕක හෙනම මැජික් එකක් කිව්වොත් හරි. මේ වගේ පින්තූර පොත් වල කොච්චර අලවලා තිබුණත් චීටර්ලා මොකවත් කීවෙත් නෑ.

මේ අතරේ අපේ චිත්‍ර මිස් කිව්වෙ මෙහෙමයි.

ඩේවිඩ්ගේ පුරුෂ ලිංගය මෙච්චර කුඩා ඇයි? 800px michelangelo s david 2015

ඒ නිර්මාණ ඔය විදිහට හදල තියෙන්නෙ මනුෂ්‍ය සිරුර ඉතා හොඳින් කලාකෘතියට යොදාගන්න ඕනෙ නිසා. විනිවිද පේන හෝ හෙලුවැලි විදිහට තියෙනකොට ඒක පහසුයි. ඒ නිසා ඔය චිත්‍ර දිහා වලත්ත හිතින් බලන්නෙ නැතුව කලාකෘතියක් විදිහට හිතලා බලන්න. එතකොට ඒකෙ තියන කලාව රස විඳින්න පුළුවන්. ඔය පත්තර කෑලි වලින් හොයාගන්න පින්තූර අපැහැදිලි නම් වෙලාවක මම මල්ටිමීඩියා ප්‍රොජෙක්ටරේ දාලා පෙන්නන්නම්.

දැන් එහෙනම් අපේ චිත්‍ර ගුරුතුමියගේ ඔවදන සිත්හි තබාගෙන මෙම ලිපිය කියවීම මැනවි.

ඉහතින් තියෙන්නෙ මයිකල් ආන්ජෙලෝ කියන විශිෂ්ට කලාකරුවා විසින් 1501 – 1504 අතර කාලසීමාවේදි නිමවන ලද ඩේවිඩ් නමැති අපි කවුරුත් හඳුනන මූර්තියයි. ඩේවිඩ් කියන්නේ බයිබලයේ කතාවක එන ගොලායත් කියන යෝධයාව ගලකින් ගසා මැරූ වීරයෙක්.  ඉතින් ඔයාලට පේනවා නේද මේ විශිෂ්ට ඩේවිඩ් කොයි තරම් සුවිසල් නිර්මාණයක්ද කියලා. උස අඩි 17 ක් විතර තියෙනවා. ඒත් මේ ප්‍රතිමාව බලන්න එන කලාකාමීන්ට ඇතිවෙන ලොකුම ලොකු ප්‍රශ්නයක් තියෙනවා.

මේ හැමෝටම තියෙන ප්‍රශ්නෙ තමයි ඇයි මේ කලාකෘති වල පුරුෂ ලිංගය මේ තරම් කුඩාවට පෙන්නුම් කරන්නෙ?

හොඳයි, දැන් එහෙනම් බලමු මේ ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද කියලා..

තලා ඉතිහාසඥවරියක වන එලන් ඔරෙඩ්සන් (Ellen Oredsson) විසින් තම පැහැදිලි කිරීම ඇයගේ How To Talk About Art History වෙබ් අඩවියෙහි සඳහන් කර තිබෙනවා. ඇයගේ එක්තරා රසිකයෙකු විසින් මෙහෙම විමසා තිබුණා.

ගොඩක් ප්‍රතිමා වල පුරුෂ ලිංගය කුඩා ඇයි? මේක එච්චර වැදගත් ප්‍රශ්නයක් නොවෙන්නත් ඉඩ තිබෙනවා

ඩේවිඩ්ගේ පුරුෂ ලිංගය මෙච්චර කුඩා ඇයි? michelangelo david florence 10 1
ෆ්ලෝරන්ස් කෞතුකාගාරයේ ඇති මයිකල් ආන්ජෙලෝගේ විශිෂ්ටතම කලා කෘතිය වන ඩේවිඩ් ප්‍රතිමාව

ඇය විසින් ඒ ප්‍රශ්නයට පිළිතුර මෙහෙම පැහැදිලි කරලා තිබුණා.

ඔබ හිතන විදිහට ඒක වැඩක් නැති ප්‍රශ්නයක් නෙවෙයි. බොහොම ආකර්ශණීය ප්‍රශ්නයක්. ඇත්තටම ඒක සෑම විටම අප්‍රාණික පෙනුමෙන් යුක්තයි. ඒවගේම ඇත්ත ලෝකයේ ඒවත් එක්ක සසඳන කොට මේ ප්‍රතිමාවල පෙනෙන්නට ඇති ඒවයෙයි එච්චර වෙනසක් පේන්න නැහැ.

ඩේවිඩ්ගේ පුරුෂ ලිංගය මෙච්චර කුඩා ඇයි? 768px Laocoon and His Sons
ලාකූන් (Laocoön) සහ ඔහුගේ පුත්තු ප්‍රතිමාව

ඊළඟට ඇය මෙසේ ද පවසනවා.

සංස්කෘතිකමය සහ කලාත්මක වශයෙන් පුරුෂ සුන්දරත්වය පෙන්නුම් කරන්න පුරුෂ ලිංගය ලොකුවට දක්වන්නම උවමනා නැහැ. සිරුරේ වෙනත් අංගෝපාංග සහ ඉරියව් මඟින් පුරුෂ ශක්තිය, හැඩිදැඩි බව, ශූරත්වය, පහසුවෙන් පෙන්නුම් කළ හැකියි.

වත්මන් කලාකෘති වල පුරුෂ ලිංගය ප්‍රධාන අංගයක් සහ නියම පිරිමියෙක් වෙන්න නම් ඒක ලොකුවට තියෙන්න ඕනෙ වගේ අදහසක් ඇති කරලා තිබෙනවා. හැබැයි බොහෝ අවස්ථා වල ලොකුම ඒවට වඩා කුඩා ඒවා තමයි හොඳ කියලා සාක්ෂි තිබෙනවා.  

ඔන්න එහෙනම් ඔය කියන විදිහට ඩේවිඩ්ගෙ පුංචියි පුංචියි කියන එක ටිකක් ලොකු කරලා පෙන්නන්නම්කො.. (ආයෙත් මතක් කරනවා මේක කලාකෘතියක්. ඒ නිසා කොටු දැම්මෙ නැහැ.)

ඩේවිඩ්ගේ පුරුෂ ලිංගය මෙච්චර කුඩා ඇයි? istockphoto 92234970 612x612 2

එලන් පවසන විදිහට ග්‍රීක ඓතිහාසික කලා කෘති සමහරෙක විශාල පුරුෂ ලිංග සහිත ප්‍රතිමා දකින්න තිබෙනවාලු. ඒත් ඒ ප්‍රතිමා වලින් පෙන්නුම් කරන්නෙ සත්ත්ව සම්භවයක් සහිත මනඃකල්පිත මිනිසුන් හෝ මෝඩපහේ මිනිස්සු බවයි ඇය සඳහන් කරන්නෙ. ඩේවිඩ් වැනි වීර චරිත නිරූපණයේදී කිසිම අවස්ථාවක විශාල ලිඟු දක්වා නැහැලු.

කෙසේ නමුත් වීර චරිතයකින් වීරත්වය මිස කාමුකත්වය පෙන්වීමටත් කලාකරුවාට අවශ්‍ය වෙන්නෙ නැතුව ඇති කියලයි මටත් හිතෙන්නෙ.

මාර අවුලනේ.. මෙච්චර වෙලා ඩේවිඩ්ගේ අවයවයක් පුංචියි පුංචියි කියලා කිව්ව එක එයාට තදින්ම දැනිලා වගේ. ඒ මදිවට ඔයාලා හැමෝම දැනගෙන ඒක පුංචියි කියලා. ඩේවිඩ්ට ලැජ්ජාවට ඇඬෙයිද දන්නෑ. දැන් වෙන මොනා කරන්නද ඉතින්. ඩේවිඩ් ගැන ඔබටත් දුක හිතුණා නම් මේ ලිපිය ශෙයා කරන්න අමතක කරන්න එපා.

ඩේවිඩ්ගේ පුරුෂ ලිංගය මෙච්චර කුඩා ඇයි? maxresdefault

ලක්මිණ ජයමාල්

https://edutalk.lk

එඩියුටෝක් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply