චෙස් රොබෝවරයා තරගය අතරතුර 7 හැවිරිදි පිරිමි ළමයෙකුගේ ඇඟිල්ල අල්ලා කඩා දමයි

 චෙස් රොබෝවරයා තරගය අතරතුර 7 හැවිරිදි පිරිමි ළමයෙකුගේ ඇඟිල්ල අල්ලා කඩා දමයි

අනාගතයේ යම් දවසක රොබෝවරුන්ගේ නැගීමේ ඉතිහාසය ලියන විට, සමහර විට මෙම සිද්ධිය ආරම්භක පරිච්ඡේදයේ ඇතුළත් විය හැකිය: මොස්කව්හි චෙස් තරඟයක් අතරතුර රොබෝ ප්‍රතිවාදියෙකුගේ ක්‍රියාකලාපය හේතුවෙන් හත් හැවිරිදි පිරිමි ළමයෙකුගේ ඇඟිල්ලක් කැඩී ගොස් ඇත.

සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව යම් විවාදයක් පවතී, සමහරවිට රොබෝවරයා සිදුකළ ක්‍රියාවට ප්‍රතිචාර දක්වමින් ළමයා විසින් වේගවත් පියවරක් ගැනීම මෙම අනතුරට හේතු වූවා විය හැකියි.

මෙහි දී රොබෝ අත විසින් දරුවාගේ ඇඟිල්ල හදිසි චලනයකින් අල්ලාගෙන ඇණ ගසන ආකාරය පෙන්වයි. තත්පර කිහිපයකට පසු, මේසය වටා සිටින පුද්ගලයින් දරුවාගේ උපකාරයට දිව යන අතර යාන්ත්‍රික විරුද්ධවාදියාගේ ග්‍රහණයෙන් ඔහුගේ ඇඟිල්ල නිදහස් කිරීමට සමත් වේ.

“රොබෝවරයා නිසා දරුවාගේ ඇඟිල්ල කැඩීලා ගියා.” මොස්කව් චෙස් සම්මේලනයේ සභාපති සර්ජි ලාසරෙව් රුසියාවේ TASS ප්‍රවෘත්ති ඒජන්සියට පැවසීය. “මෙය ඇත්තෙන්ම නරකයි.”

මෙය කුමන වර්ගයේ රොබෝවක්ද යන්න හෝ එය ක්‍රමලේඛනය කර ඇත්තේ කෙසේද යන්න පිළිබඳ තොරතුරු හිඟයි. එය හුදෙක් ලෑල්ලක් වටා චෙස් කෑලි චලනය කිරීමට නිර්මාණය කර ඇති බව පෙනේ. එය ඇත්ත වශයෙන්ම දරුවෙකුගේ ඇඟිල්ලක් අල්ලා ගන්නා බව තේරුම් නොගන්නට ඇත.

ශුභාරංචිය නම්, අදාළ දරුවා මෙම සිදුවීමෙන් ඕනෑවට වඩා කම්පනයට පත් වූ බවක් පෙනෙන්නට නොතිබීමයි. එමෙන් ම ඔහුට පසුදින කැඩුණු ඇඟිල්ල නැවත බද්ධ කරගෙන ක්‍රීඩා තරඟය සදහා සහභාගී වීමට හැකි වූ අතර, ඔහු එම තරඟය අවසන් කළේය.

“මේ රොබෝවරයා අප විසින් කුලියට ගන්නා ලද්දක්, එය විශේෂඥයින් සමඟ දීර්ඝ කාලයක් තිස්සේ බොහෝ ස්ථානවල ප්‍රදර්ශනය කර ඇත,” Lazarev පැවසීය . “රොබෝ යන්ත්‍රය ක්‍රියාකරුවන්ට පහසුවෙන් පෙනෙන විදිහට සහ මෙවැනි තත්වයක් නැවත සිදු නොවන පරිදි ආරක්ෂාව ශක්තිමත් කිරීම ගැන නැවත වරක් සිතීමට සිදුවේවි.”

යන්ත්‍ර සූත්‍ර සහ රොබෝ යන්ත්‍ර ශක්තිමත් සහ දියුණු වන විට, ආරක්ෂිත පියවර තැබීමේ අවශ්‍යතාවය වැඩි වේ. මෙවැනි ඛේදනීය අනතුරු මීට පෙරදීත් සිදු වි තිබෙන බැවින්, ඇත්ත වශයෙන්ම අලුත් දෙයක් නොවේ. නමුත් එය බොහෝ ආරක්‍ෂාවන් ගොඩනගා ඇති, රොබෝවරයා සහ මිනිසා යන දෙපාර්ශවය එකිනෙකාට පහසුවෙන් තේරුම් ගත හැකි මානව-රොබෝ අතුරුමුහුණත්වල අවශ්‍යතාවය ඉස්මතු කරයි.

චෙස් රොබෝවරයා තරගය අතරතුර 7 හැවිරිදි පිරිමි ළමයෙකුගේ ඇඟිල්ල අල්ලා කඩා දමයි untitled 1 10

කෘත්‍රිම බුද්ධිය සමඟින් – යන්ත්‍රවලට තමන්ටම සිතීමේ හැකියාව ලබා දීමට සිදු කෙරෙන පර්යේෂණ වල අවසාන ප්‍රතිඵලය වශයෙන්, අප අවට සිටින රොබෝවරුන් සිදු කරන ක්‍රියාකාරකම් තවදුරටත් මානව පාලනයෙන් ගිලිහී යාමේ අවදානම් අවධියකට අනාගතයේ මුහුණ පෑමට සිදු වෙතැයි යම් කනස්සල්ලක් ඇත. තත්ත්වය ඉතා බැරෑරුම් ලෙස පෙනුනත්, මෙය යන්ත්‍ර සූත්‍ර ක්‍රියා විරහිත වූ අවස්ථාවක් ලෙස ද සිතිය හැකියි. එබැවින් රොබෝ නැගිටීම තවමත් ආරම්භ වී නොමැති බව දැනගෙන අපට සැහැල්ලුවෙන් සිටිය හැක.

අපව ආරක්ෂිතව තබා ගන්නා සහ සේවය ලබා දෙන රොබෝවරුන් අතර පැහැදිලිවම සමතුලිතතාවයක් ඇති කළ යුතුය. උදාහරණයක් ලෙස භයානක හෝ දුෂ්කර රැකියා කිරීමේදී සහ අපට සංවේදී නොවන ඉතා නිරවද්‍ය ගණනය කිරීම් සිදු කිරීම වැනි සේවාවන් ලබා ගැනීමට රොබෝවරුන් යොදා ගත හැකියි. කෙසේ නමුත් මානව උපදෙස් වලට පරිබාහිරව අනතුරුදායක ක්‍රියාකාරකම් සිදු කිරීමට රොබෝවරුන්ට ඇති අවස්ථාවන් අවහිර කළ යුතුය.

ලක්මිණ ජයමාල්

https://edutalk.lk

එඩියුටෝක් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply