චාලි සහ චොකලට් කම්හල ගැන රසවත් තොරතුරු

 චාලි සහ චොකලට් කම්හල ගැන රසවත් තොරතුරු

ඔබ Roald Dahl විසින් රචනා කරන ලද මුල්ම චාලි සහ චොකලට් කම්හල (Charlie and the Chocolate Factory) නම් රසවත් පොත කියවා තිබෙනවාද? එහෙමත් නැතිනම් චාලි තමන්ට ලැබුණු චොකලට් ත්‍යාගයක් විදිහට තවත් ළමයෙක්ට ලබා දුන් බව කියැවෙන පොත? තවත් අවස්ථාවක විලී වොන්කා (Willy Wonka) විසින් රත්තරන් ටිකට් පත් 5ක් නොවෙයි 15ක් ලබා දුන්නා කියලා සඳහන් වෙන පොත? එහෙනම් මේ ලිපියෙන් අපි ඔබ වෙත ගෙන එන්නේ අපි කියැවූ ඒ සුන්දර ළමා කථාන්දරය නිර්මාණය කිරීමේදී පවතින රසවත් සිදුවීම් කිහිපයකි.

චාලි සහ චොකලට් කම්හල ගැන රසවත් තොරතුරු Quentin Blake Charlie e Willy Wonka Dal libro La Fabbrica di Cioccolato

1. ළමා කාලයේදී, මෙම කෘතියේ කතෘ චොකලට් ආයතනයක රස බලන්නෙකු ලෙස සේවය කර තිබෙනවා.

Dahl නමැති චාලි සහ චොක්ලට් කර්මාන්ත ශාලාව කෘතියේ කතෘවරයා Cadbury සමාගමේ චොකලට් කර්මාන්තශාලාවක රස බලන්නෙකු ( taster ) ලෙස කටයුතු කර තිබෙනවා. ඒ ඔහුට වයස අවුරුදු 13 ක පමණ කුඩා කාලයේදීයි. මෙහිදී කැඩ්බරි සමාගම ඔහුගේ පාසලේ කෑම පෙට්ටියට චොක්ලට් පෙට්ටි කිහිපයක් එවනවා යාළුවොත් එක්ක රස බලලා අදහස් දක්වන්න කියලා. එක චොකලට් පෙට්ටියක චොකලට් බාර් 12ක් තිබෙනවා. ඒවා ඊයම් කොලයකින් ඔතලා තිබුණේ එකක් සාමාන්‍ය රසැති චොකලට් එකක් විදහටත්, ඉතිරි එකොළහ විවිධ අලුත් රසයන් අඩංගු චොක්ලට් විදිහටයි. ඔහුට චොකලට් නිර්මාණය කරන ස්ථානයට යන්නත් ලැබුණා. ඉතින් මේ අත්දැකීම ඔහුට මෙම රසවත් පොත ලියන්න උපකාරී වෙන්න ඇති.

2. චොකලට් නිර්මාණය කිරීමේ වට්ටෝරු රහස් හොරකම් කරපු එක ඇත්තම සිද්ධියක්.

ඔබට මතකයි නම් විලී වොන්කාගේ චොකලට් නිෂ්පාදනය කිරීමේ රහස් වෙනත් රසකැවිලි නිෂ්පාදකයින් විසින් සොරකම් කිරීමට උත්සාහ කරනවා. හැබැයි ඒක කතෘ විසින් සිතිවිල්ලක් ලෙස සඳහන් කරපු දෙයක් නම් නොවෙයි. 1920 දී චොක්ලට් නිෂ්පාදනය කරන්නන් විසින් ප්‍රසිද්ධ චොකලට් කර්මාන්තශාලා වෙත ඔවුන්ගේ රහස් වට්ටෝරු දැන ගැනීමේ අරමුණින් ඔත්තු බලන්නන් යවා තිබෙනවා. Dahl කුඩා කාලයේදී බ්‍රිතාන්‍ය රසකැවිලි නිෂ්පාදන සමාගමක් වන Cadbury සහ Rowntree සමාගම අතර මෙවැනි සිදුවීම් රාශියක් ඇති වී තිබෙනවා.(Chocolate Wars – The inspiration for Charlie and the Chocolate Factory.)

3. පොතේ මුලිම නම ‘චාලිගේ චොකලට් කොල්ලා‘ (CHARLIE’S CHOCOLATE BOY.)

ඔහු මුලින්ම ලියපු පොතේ තිබ්බ නම තමයි චාලිගේ චොකලට් කොල්ලා කියන නම. ඒක ප්‍රකාශයට පත් කරන ලද පොතට වඩා ගොඩාක් වෙනස්. ඒ පොතට අනුව කාර් එකක් විතර විශාල චොකලට් බිත්තර පුරවා තිබෙන විශාල කාමරයකට චාලි ඇතුල් වෙනවා. චාලි එහිදී චොක්ලට් යොදාගෙන පුංචි පිරිමි ළමයෙක්ගේ රූපයක් සකස් කරනවා. ඊටපස්සෙ ඔහු ඒ සඳහා අච්චුවක් සකස් කරගන්නවා. ඔහු ගොඩාක් ඩොක්ලට් ළමයි සාදනවා. නමුත් විලී වොන්කා දන්නෙ නැහැ මේ විදිහට හදලා තිබෙන බවක්. කොහොමහරි චාලි විසින් චොකලට් ළමයි ඇතුලෙ හැංගිලා ඉඳලා ලොකු හොරකමක් අල්ලලා දෙනවා. ඒ වෙනුවෙන් විලී වොන්කා චාලිට තට්ටු 9ක් උස චොකලට් කඩයක් තෑගි කරනවා.

4. කටු සටහනේ පැවති කථාව ප්‍රකාශයට පත් කරන ලද කථාවට වඩා ගොඩාක් වෙනස්.

චාලි සහ චොකලට් කර්මාන්තහාලාව නම් කතාවෙහි ඉන්න ප්‍රධාන ළමා චරිත 5 තමයි Charlie Bucket, Augustus Gloop, Violet Beauregarde, Mike Teavee සහ Veruca Salt කියන කුඩා ළමුන් පස් දෙනා. නමුත් මුල්ම කෘතියෙහි තවත් චරිත රාශියක් සහ කර්මාන්තශාලාවේ පවතින විවිධ කොටස් කිහිපයක්ම ගැන ඇතුළත් වුණා. ඔහුට මුලින්ම අවශ්‍ය වුණේ වොන්කාගේ කර්මාන්තහාලාව නරඹන්නට ළමුන් 15 දෙනෙකුට ටිකට් පත් ලබා දෙන්නයි. නමුත් චරිත වැඩි වෙනකොට කතාවේ රසයට බාධා විය හැකි නිසා චරිත ගණන දස දෙනෙකුට පමණක් සීමා කරන්න ඔහු තීරණය කරනවා. නමුත් අවසානයේදී පස් දෙනෙකුගෙන් යුතු කතාන්දරයක් වඩා සාර්ථක විය හැකි බව ඔහු තේරුම් ගත්තා.

චාලි සහ චොකලට් කම්හල ගැන රසවත් තොරතුරු 1466424578 charlie and the chocolate factory cast

 5. Dahl විසින් ඔහු කළින් ලියා තිබුණු සමහර නම් ප්‍රකාශයට පත් කරන විට වෙනස් කර තිබුණා.

Dahl විසින් චාලිගේ නම හැරුණුකොට අනෙක් සියළුම චරිතවල පාහේ නම් වෙනස් කර තිබුණා.  උදාහරණ විදිහට Violet Beauregarde ගේ පළමුව තැබූ නම වූයේ Violet Glockenberry කියලයි. Veruca Salt ඊට කලින් Elvira Entwhistle කියලා. Mike Teavee ගේ කලින් නම Herpes Trout සහ Augustus Gloop ගේ කලින් තිබ්බ නම තමයි Augustus Pottle කියන්නෙ. එතකොට විලී වොන්කාගේ පැරණි නම Ritchieලෙසින් හඳුන්වා තිබෙනවා.

1964 දී චාලි සහ චොකලට් කම්හල නමැති පොත ප්‍රතාශයට පත් කරන අවස්ථාවේදී Oompa-Loompa වරුන් විස්තර කර තිබුණේ විලී වොන්කා විසින් සොයා ගෙන කුඩා සිදුරු සහිත විශාල පෙට්ටි වල දමා එංගලන්තයට නැව් මඟින් රැගෙන එන ලද අප්‍රිකානු පිග්මිවරුන් පිරිසක් ලෙසයි. 1970 දී ඔහු කථාව නැවත රචනා කරන විට Oompa-Loompa වරුන් විස්තර කර තිබුණේ ලූම්පාලන්තයෙන් පැමිණි රන්වන් හිසකේ සහ සුදු සමක් සහිත පිරිසක් වශයෙනුයි.  (නමුත් 1971 දී නිර්මාණය කළ චිත්‍රපටය සඳහා යොදාගෙන තිබුණේ තැඹිලි පැහැති සමක් සහ කොළ පැහැති හිසකේ සහිත ලූම්පාවරුන් පිරිසකි. )

6. මේ කතාව ලියද්දි කතෘවරයාට ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්නට සිදු වුණා.

චාලි සහ චොකලට් කර්මාන්තශාලාව නම් මෙම පොත රචනා කරද්දි ඔහුට හදිසි කරදර මාලාවකට මුහුණ දෙන්න සිදු වුණා. ඉන් එකක් තමයි ඔහුගේ පුතා වෙච්ච Theo 1960 දී කුලී රියකට අසුව අනතුරකට ලක් වීම. ඒ නිසා ඔහුට තම පුත්‍රයා සුවපත් කරගැනීම වෙනුවෙන් දැඩි පරිශ්‍රමයක් යෙදවීමට සිදු වුණා.  ඒ වගේම අප කතුවරයෙකු ලෙස හඳුනාගත් ඔහු වෛද්‍ය විද්‍යාවේ වැදගත් උපකරණ කිහිපයක් (ventricular catheters සහ shunt valves) සොයා ගන්නේ මෙම සිද්ධියෙන් පසුවයි. මේ සඳහා ඔහුට සෙල්ලම් බඩු නිශ්පාදකයෙකු වන Stanley Wade සහ Theo ගේ ස්නායු ශල්‍ය වෛද්‍ය Kenneth Till ගේ සහයත් හිමි වුණා. සුව වීමෙන් පසුව ඔහුගේ පුත්‍රයා විසින් Wade-Dahl-Till shunt නමින් ස්නායු රෝගීන් සඳහා උපකාර කරන මධ්‍යස්ථානයක් පිහිටුවනු ලැබුවා.

චාලි සහ චොකලට් කම්හල ගැන රසවත් තොරතුරු Wade Dahl Till valve 1966 1024x596 1

7. මේ කතාව ඇසුරින් නිර්මාණය කළ චිත්‍රපටිය බොහොම අමාරුවෙන් පෙන්නුවේ.

1971 දී විලී වොන්කා සහ චොකලට් කර්මාන්තශාලාව (Willy Wonka & The Chocolate Factory) නමින් Gene Wilder ප්‍රධාන චරිතය රඟපෑ චිත්‍රපටිය බොක්ස් ඔෆීස් වාර්තා වලට අනුව ඩොලර් මිලියන 4ක් පමණයි උපයාගෙන තිබුණේ. ඒ වගේම Dahl  විසින් මේ චිත්‍රපටියට කිසිම කැමැත්තක් දැක්වූවෙ නැහැ. Warner Bros. චිත්‍රපටි නිෂ්පාදන සමාගමේ නිර්මාණයක් වූ එය ඉන් පසුව රූපවාහිනී ප්‍රදර්ශනය සඳහා යොමු කිරීමෙන් පසු විශාල ප්‍රසිද්ධියකට පත් වුණා. ඒ අනුව 2005 දී Johnny Depp රඟපෑ එම චිත්‍රපටිය විශාල ආදායමක් හිමි කරගත්තා.

චාලි සහ චොකලට් කම්හල

 8. චාලි ගැන තුන්වැනි පොතකුත් තියෙනවා.

අපි කියවලා තියෙන්නෙ චාලි සහ චොකලට් කම්හල නමැති පොත විතරයිනෙ. නමුත් ඒක තව බොහෝම දිග කතාවක්. ඊළඟට වර්ස 1972 දී නිකුත් වෙච්ච පොත තමයි Charlie and the Great Glass Elevator කියන්නෙ. ඊළඟ කතාව විදිහට ධවල මන්දිරයේ චාලි Charlie in the White House නමැති පොත රචනා කිරීම ආරම්භ කළත් 1990 දී කතාව සම්පූර්ණ නොකරම රචකයා මියගිය හෙයින් ඒ කතන්දරය අපිට කවදාවත් කියවන්න ලැබෙන්නෙ නැහැ.

ලක්මිණ ජයමාල්

https://edutalk.lk

එඩියුටෝක් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.