“හීනයට පණ දෙන්න” වෘත්තීය මාර්ගෝපදේශන සිසු නිර්මාණ තරඟාවලිය

 “හීනයට පණ දෙන්න” වෘත්තීය මාර්ගෝපදේශන සිසු නිර්මාණ තරඟාවලිය

ආදරණීය දුවේ, පු‍තේ, ඔයාලා හැමෝම දන්නවා මේ දවස්වල අපේ මුළු ලෝකයම කොවිඩ් වෛරසයට බිලි වීම නිසා හැමෝම ගොඩක් අපහසුතාවයට පත් වෙච්ච කාලයක් කියලා. ඒ නිසා ඔයාලට ඉස්කෝලෙ යන්නත් විදිහක් නැහැ නේද? ඉතින් පවුලෙ කට්ටියත් එක්ක පරිස්සම් වෙලා ගෙදරම ඉන්න ගමන් පුංචි නිර්මාණ තරඟයකට ඉදිරිපත් වෙලා තෑගි සහතික ජයග්‍රහණය කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඇත්තටම පන්තියෙ හිටපු යාලුවො ටික හම්බවෙන්නවත් නැතිව, ආදරණීය ගුරු මෑණිවරු/ පියවරු දකින්න නැතිව ඔයාල ගොඩක් කණගාටුවෙන් ඉන්නව කියලා අපි දන්නවා. ඒ නිසා චිත්‍රයක් අඳින එක, කවියක් ලියන එක වගේ නිර්මාණශීලී වැඩක යෙදෙන එක ඔයාගෙ මනසටත් ලොකු ශක්තියක් ඇති කරන්න සමත් වේවි.

වෘත්තීය මාර්ගෝපදේශන සතිය නිමිත්තෙන් මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව විසින් පාසල් දරුවන් වෙනුවෙන් සංවිධානය කරනු ලබන චිත්‍ර, කථික, දැනුම මිනුම පද්‍ය රචනා සහ ගද්‍ය රචනා තරඟය – 2021

2021 ඔක්තෝබර් 04 සිට 10 දින දක්වා ක්‍රියාත්මක වෘත්තීය මාර්ගෝපදේශන සතිය නිමිත්තෙන් මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවෙ නැන්දල මාමලා මේ තරඟය සංවිධානය කරනවා. මේ තරඟය සම්පූර්ණයෙන්ම ඔන්ලයින් ක්‍රමවේද ඔස්සේ පැවැත්වෙන තරඟයක් වන අතර චිත්‍ර, කථීක තරඟ, දැනුම මිනුම තරඟ, පද්‍ය රචනා, ගද්‍ය රචනා තරඟ සංවිධානය කරල තියෙනවා. ඉතින් ඔයාට පුලුවන් මේ තරඟ වලට සහභාගී වෙලා වටිනා ත්‍යාග සහ සහතිකපත්‍ර දිනාගන්න. ඉතින් රජයේ ආයතනයකින් ලැබෙන සහතිකයක් නිසා මේකට ලොකු වටිනාකමකුත් තියෙනවා. එහෙනම්, තරඟ විස්තර හා කොන්දේසි මොනවද කියලා දැනගනිමු.

මෙම තරඟ සඳහා සහභාගී විය හැක්කේ 09, 10, 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරු දැරියන්ට පමණයි.

චිත්‍ර, කථික, ගද්‍ය රචනා සහ පද්‍ය රචනා තරඟ සඳහා මාතෘකා පහත දැක්වේ.

  • ශ්‍රී ලංකාවේ ශ්‍රම ඵලදායීතාවය තුළ අනාගත වැඩ ලොව ජය ගන්නට වෘත්තීය මාර්ගෝපදේශයේ වැදගත්කම.
  • 21 වන සියවස හා වෘත්තීය මාර්ගෝපදේශනය
  • සිහින දකිමු, සැලසුම් කරමු, වැඩ ලෝකය හැඩ කරමු.
  • රටේ සංවර්ධනයට තරුණ ප්‍රජාවේ දායකත්වය.
  • රටකට වෘත්තීය මාර්ගෝපදේශ සේවාවක ඇති වැදගත්කම.

තරඟ විස්තර හා කොන්දේසි

01. චිත්‍ර තරඟය – ඉහත මාතෘකා වලින් එකක් තෝරාගෙන පැස්ටල්, දිය සායම් ආදී කැමති වර්ණ මාධ්‍යයක් උපයෝගී කරගෙන A4 කඩදාසියක අඳින්න.

02. පද්‍ය රචනා – ඉහත මාතෘකාවක් යටතේ සඳැස් කවි 05ත් 10ත් අතර සංඛ්‍යාවක් නිර්මාණය කරන්න.

03. ගද්‍ය රචනා – A4 පිටු 02-03 අතර ප්‍රමාණයක් උපයෝගී කරගෙන වචන 300 ත් 500ත් අතර රචනාවක් ලියන්න.

04. කථික තරඟය – තරඟය පැවැත්වෙන බවට දැනුම් දෙන ඉදිරි දිනයකදී මිනිත්තු 02 -03 පමණ කාලයක් පුංචි කතාවක් කරන්න සූදානම් වෙන්න. ඔන්ලයින් ක්‍රමවේදයකට තමයි තරඟයට සහභාගී වෙන්න අවස්ථාව ලැබෙන්නෙ. තරඟය පැවැත්වෙන දිනය ආදී තොරතුරු ලබා ගැනීමට පහතින් ලියාපදිංචි වෙන්න.

05. දැනුම මිනුම – “වෘත්තීය මාර්ගෝපදේශනය” මාතෘකාවට අදාළව ඔන්ලයින් ප්‍රශ්න පත්‍රයක් ඔබට ලැබේවි. ඒකෙ ප්‍රශ්න 25ක් තියෙනවා. මිනිත්තු 30 කදි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයන්න ඔබට පුළුවනි. මේ තරඟයට සහභාගී වෙන්න කැමතිනම් පහතින් ලියාපදිංචි වෙන්න.

“මම මේ තරඟ වලට ඉදිරිපත් වෙන්න කැමතියි. කොහොමද සම්බන්ධ වෙන්නේ?”

දැන් ඔබේ චිත්‍ර, ගද්‍ය රචනා, පද්‍ය රචනා නිර්මාණ සූදානම් කරගත්තා නේද? ඔබේ නිර්මාණය පිටුපස පැහැදිලි අත් අකුරෙන් නම, ලිපිනය, ශ්‍රේණිය, පාසල, වයස, දිස්ත්‍රික්කය හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලියන්න. ඊට යටින් “පසුපිටේ ඇති නිර්මාණය මා විසින් නිර්මාණය කරන ලැබූ බවට සහතික වෙමි.” කියලා ලියලා ඊට යටින් අත්සනක් යොදන්න. ඊළඟට A4 කඩදාසි වල නිර්මාණය කරල තියෙන ඒ නිර්මාණ වල පිටුවේ දෙපැත්තම ඡායාරූප අරගන්න.

ඔබේ නිර්මාණය සූදානම් කරගත්තට පස්සෙ දැන් කරන්න තියෙන්නෙ මේ තරඟය සඳහා ලියාපදිංචි වෙන්නයි. ඒ සඳහා පහත තියෙන ලියාපදිංචි වන්න බොත්තම ක්ලික් කරන්න. එතකොට ලැබෙන ඔන්ලයින් අයදුම්පත්‍රය නිවැරදි තොරතුරු යොදා සම්පූර්ණ කරන්න. නිර්මාණ යොමු කිරීම සඳහා ලැබෙන අවසන් දිනය 2021 සැප්තැම්බර් 12 දින පස්වරු 08.00 දක්වා පමණයි. ඒ නිසා ඉක්මන් කරන්න දරුවනේ.

තරඟය සම්බන්ධව හෝ නිර්මාණ යොමු කිරීම සම්බන්ධව ඔබට යම් ගැටලුවක් ඇත්නම්, පහතින් තරඟයේ වට්සැප් සමූහයට සම්බන්ධ වන්න.

එක තරඟයකට වඩා වැඩියෙන් උනත් ඔබට සහභාගී වෙන්න පුලුවනි. හැබැයි මතක ඇතුව එක් එක් තරඟය සඳහා වෙන වෙන ම ඔන්ලයින් අයදුම්පත්‍රය සම්පූර්ණ කරන්න ඕනෙ.

වැඩිදුර තොරතුරු
★ මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තුමේන්තු වෙබ් අඩවිය https://www.dome.gov.lk/
★ දෙපාර්තමේන්තුවේ Facebook පිටුව https://www.facebook.com/dome.gov.official
★ ඔබගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ රාජකාරි කටයුතු කරන නැන්දල මාමලාගෙන්

මෙම තරඟ සදහා මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ දුදරුවන් ට සහභගීවිය නොහැක. අධ්‍යක්ෂ ජනරාල් තුමියගේ තීරණය අවසන් තීරණය වේ.

ලක්මිණ ජයමාල්

https://edutalk.lk

එඩියුටෝක් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.