අලුතෙන් හිතන පතන ව්‍යවසායක ඔබ වෙනුවෙන් රචනා තරඟයක්

 අලුතෙන් හිතන පතන ව්‍යවසායක ඔබ වෙනුවෙන් රචනා තරඟයක්

ඔබ මේ වන විටත් අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා කැපවී කටයුතු කරන ව්‍යවසාකයෙකු හෝ අනාගත ව්‍යවසායකයෙකු වීමේ අපේක්ෂාවෙන් පසුවෙන තරුණයෙක් හෝ තරුණියක් විය හැකියි. බොහෝ දෙනෙක් බියක් දක්වන අභියෝගාත්මක මාවතකට පිවිසී ඇති ඔබ ඉතා විශිෂ්ට පුද්ගලයෙකි. මන්දයත්, අධ්‍යාපන කටයුුතු නිම වීමෙන් පසු සාම්ප්‍රදායික ලෙස රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවක් සොයමින් වසර ගණනාවක් නිවසේ ගත කරමින්, නිවැසියන්ට හා රටට බරක් වූ සුවහසක් අතරින් ඔබ නැඟී සිටි පුද්ගලයෙකි. එබැවින් ඔබ සතු දැනුම සහ අත්දැකීම් මිල කළ නොහැකිය.

මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව විසින් ඔබගේ අදහස් ඇගයීමට ලක්කිරීම උදෙසා මාර්ගගත තරඟයක් සංවිධානය කර ඇති අතර ඒ සඳහා දැන් ඔබටත් සහභාගී විය හැකියි. තරඟ විස්තර පහත සඳහන් වේ.

වෘත්තීය මාර්ගෝපදේශන සතිය නිමිත්තෙන් මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව විසින් වැඩිහිටියන් වෙනුවෙන් සංවිධානය කරනු ලබන රචනා තරඟය – 2021

2021 ඔක්තෝබර් 04 සිට 10 දින දක්වා ක්‍රියාත්මක වෘත්තීය මාර්ගෝපදේශන සතිය නිමිත්තෙන් මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව මඟින් මේ තරඟය සංවිධානය කරනු ලැබේ. මේ තරඟය සම්පූර්ණයෙන්ම ඔන්ලයින් ක්‍රමවේද ඔස්සේ පැවැත්වෙන තරඟයක් වන අතර ජයග්‍රාහකයින් වෙත වටිනා ත්‍යාග සහ සහතික පිරිනැමීමට කටයුතු සූදානම් කර ඇත.

මෙයට සමගාමීව පාසලේ 09, 10 සහ 11 ශ්‍රේණිවල දරුවන් සඳහා සංවිධානය කර තිබෙන “හීනයට පණ දෙන්න” වෘත්තීය මාර්ගෝපදේශන සිසු නිර්මාණ තරඟාවලිය සඳහා ද ඔබේ දරුවන් හට සහභාගී වීමට අවස්ථාව ඇත. එහිදී රචනා, කථික, චිත්‍ර, පද්‍ය රචනා, ගද්‍ය රචනා සහ දැනුම මිනුම ආදී තරඟ රැසක් සංවිධානය කර ඇත.

අලුතෙන් හිතන පතන ව්‍යවසායක ඔබ වෙනුවෙන් රචනා තරඟයක් article 393 width 710 height 340 crop true center true quality 75

මෙම රචනා තරඟය සඳහා වයස අවුරුදු 18ට වැඩි ඕනෑම තරාතිරමක අයෙකුට සහභාගී විය හැකිය.

තරඟ මාතෘකා –

  • සාර්ථක වෘත්තිකයෙකු වීමට ව්‍යවසායකත්වය
  • ව්‍යවසායකත්වය තුළින් ආර්ථිකය ශක්තිමත්ව ජය ගන්න.
  • ව්‍යවසායකත්ව සංස්කෘතියක් ඇති කිරීමට නම්.

තරඟ විස්තර හා කොන්දේසි

ඉහත ඔබ කැමති එක් මාතෘකාවක් තෝරාගෙන වචන 750 – 1000 අතර රචනාවක් A4 කඩදාසි වල ලිවිය යුතුය. අනතුරුව ඔබගේ නිර්මාණය ඡායාරූප ලෙස ලබාගෙන පහත බොත්තම එබීමෙන් ලැබෙන ඔන්ලයින් පෝර්මය සමඟ ඉදිරිපත් කළ හැකිය.

තරඟයේ අවසාන දිනය 2021 සැප්තැම්බර් 12 දින වන අතර එදින පස්වරු 08.00 දක්වා නිර්මාණ භාර ගැනේ.

වැඩිදුර තොරතුරු
★ මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තුමේන්තු වෙබ් අඩවිය https://www.dome.gov.lk/
★ දෙපාර්තමේන්තුවේ Facebook පිටුව https://www.facebook.com/dome.gov.official
★ ඔබගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ රාජකාරි කටයුතු කරන නිලධාරී මහත්ම මහත්මීන්ගෙන්

මෙම තරඟ සදහා මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ දුදරුවන් ට සහභගීවිය නොහැක. අධ්‍යක්ෂ ජනරාල් තුමියගේ තීරණය අවසන් තීරණය වේ.

ලක්මිණ ජයමාල්

https://edutalk.lk

එඩියුටෝක් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply