“පහන්සිලෙන්” ආලෝකවත් වූ ගුරුදෙණිය විදුහලේ පුස්තකාලය

 “පහන්සිලෙන්” ආලෝකවත් වූ ගුරුදෙණිය විදුහලේ පුස්තකාලය



අද පාසල් දරුවන් ගැන කථා කලොත් හැම දෙනාගේම චෝදනාව වන්නේ දරුවන් පොත පත කියවන්නේ නැහැ. එහෙම නැත්නම් පාසල් පුස්තකාලය පාවිච්චි කරන්නේ නැහැ. මේ නිසාම පාසලක පුස්තකාලය වෙනුවෙන් තිබෙන්නේ ඉතාම අඩු තක්සේරුවක්. එහෙත් දරුවන් පුස්තකාලය පරිහරණය නොකරන්නේ ඇයි? එහෙම නැත්නම් පාසල් පුස්තකාලයේ වැඩි කාලයක් ගත නොකරන්නේ ඇයි? මේ පසුබිම ගැන කිසිවෙකුගේ අවධානය යොමු වන්නේ නැහැ.

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ ශික්ෂණ ඩිප්ලෝමාවේ තුන්වසරක පාඨමාලාවේ එක් අංගයක් ලෙස සීමාවාසි ගුරු පුහුනුව වෙනුවෙන් වසරක කාලයක් ගුරු පුහුණුව වෙනුවෙන් පාසල් වෙත යොමු කරනවා. එහිදී ඔවුන්ගේ ඉගැන්වීමේ පුහුණුව ඇතුලු සියලුම කටයුතු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ කථිකාචාර්යවරයෙකුගේ අධීක්ෂනය යටතේ සිදු වෙනවා.අදාල කාලයේදී ගුරු අභ්‍යාසලාභීන් විසින් ව්‍යාපෘති හතරක් සම්පූර්ණ කිරීමත් පාඨමාලාවේ කොටසක්..

මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පීඨාධිපති එස්.ජේ.එම්.එස් සමරකෝන් මහත්මිය

■ මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සීමාවාසී සිසුන්ගේ ව්‍යාපෘතිය..

"පහන්සිලෙන්" ආලෝකවත් වූ ගුරුදෙණිය විදුහලේ පුස්තකාලය 241216246 1422806848091454 4261975900611856982 n

2020 වසරේ මහනුවර ගඟවට කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගුරුදෙණිය මහා විද්‍යාලයට සීමාවාසික පුහුණුව වෙනුවෙන් සම්බන්ධ වූ භාග්‍යා අලහකෝන්, සමිතා දිල්රුක්ෂි, හර්ෂිකා උදයංගනී සහ අයේෂා සඳමාලි යන ගුරු අභ්‍යාසලාභීන්ගේ අධීක්ෂණය වෙනුවෙන් සම්බන්ධව සිටියේ කථිකාචාර්ය සී. ආර්. ජයසුන්දර මහත්මියයි. ඔවුන්ගේ ව්‍යාපෘතිය වෙනුවෙන් ගුරුදෙණිය විදුහලේ පුස්තකාලයේ භෞතික පරිසරය සකස් කිරීමට අදහස් කරන ලදී. ඒ වෙනුවෙන් ගුරුදෙණිය විදුහලේ විදුහල්පතිනිය පද්මා කුමාරි මහත්මියගේ සහ දැනට එම විදුහල් ආචාර්යවරියක ලෙස කටයුතු කරන අතරම පාසල් පුස්තකාලය බාරව සිටින සන්ධ්‍යා අමරසිංහ මහත්මිය විසින් උපරිම සහයෝගය දක්වන ලදී.

■ එහෙත්..මුදල්..

මේ වෙන විට ගුරුදෙනිය පුස්තකාලයේ පවතින ශක්තින් සහ දුර්වලතාවයන් හඳුනා ගැනිමෙන් පසුව අදාල ගුරු සිසුන්ගේ අවධානය යොමු වන්නේ, පුස්තකාලයේ භෞතික පරිසරය සිත්ගන්නා අයුරින් සකස් කිරීමයි. ඒ වෙනුවෙන් ප්‍රතිපාදන ලබා ගැනීමට ඇමරිකා එක්සත් ජනපදයේ “පහන්සිල” ආයතනය වෙත ව්‍යාපෘති වාර්තාව සකස් කර යවන ලදී.

■ පහන්සිල ආයතනය..

පහන්සිල ආයතනයේ මුලස්ථානය ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටා තිබෙන අතර එහි ශ්‍රි ලාංකික සම්න්ධීකරණයේ එක් සාමාජිකාවක් ලෙස මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ කථිකාචාරිනි සී. ආර් ජයසුන්දර මහත්මිය කටයුතු කරයි. පහන්සිල ආයතනයට සම්බන්ධව සිටින්නේ ශ්‍රි ලංකාවේ අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය වෙනුවෙන් හෝ රැකියාවන් නිසා ඇමරිකා එක්සත් ජනපදයේ, ඔස්ට්‍රේලියාව සහ ලෝකයේ වෙනත් රටවල පදිංචිව සිටින ශ්‍රි ලාංකිකයන් පිරිසක්. ඊට අමතරව ශ්‍රි ලාංකිකයන් වගේම වෙනත් රටවල දානපතියන් ද පහන්සිල වෙනුවෙන් අරමුදල් සම්පාදනයට දායකත්වය ලබා දී තිබෙනවා. ඔවුන්ගේ අවශ්‍යතාවය වී තිබෙන්නේ අපේ රටේ අධ්‍යාපනය ලබන දුප්පත් දරුවන්ට මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙමින් ඔවුන්ගේ අනාගතය ආලෝකමත් කිරීමටයි. එය ඉතාම විනිවිද බවකින් සිදු වෙන අතර අරමුදල් සම්පාදනය ඇමරිකාවේ සිටින ශ්‍රි ලාංකිකයන්ගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ලබා දෙනවා.

2003 වසරේ ආරම්භ කරන ලද මෙම පහන්සිල ව්‍යාපෘතිය යටතේ දැනට ශ්‍රි ලාංකික දරුවන් 350 ක් පමණ ව්‍යාපෘතිය යටතේ ආධාර ලබනවා.

2020 වසරේ සමවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය මගින් දියත් කළ “පාසල හා ප්‍රජාව ” වැඩසටහන වෙනුවෙනුත් පහන්සිල ආයතනය ගුරුදෙණිය විදුහලේ පුස්තකාලය ප්‍රතිසංවිධානය වෙනුවෙන් රුපියල් 75,000.00 ක මුදලක් ලබා දෙන ලදී. අදාල මුදල තුළ පුස්තකාලයේ භෞතික පරිසරය ප්‍රතිසංවිධානය කිරීම සැලසුම් කරන ලදී.

  • භෞතික පරිසරය ප්‍රතිසංවිධානය
  • දැනට අඩුපාඩුවක්ව තිබුන පුස්තකල මේස, පුටු ලබා ගැනීම
  • බැහැර දෙන පුස්තකාල පොත් විදිමත් පරිදි පොත් තුණ්ඩු, දින ලේබල් අලවා ක්‍රසවත් කිරීම.
  • පුවත්පත් කියැවීම වෙනුවෙන් පුවරුවක් ලබා දීම.
  • පුස්තකාල පොත් වර්ණ කේත යොදා වර්ග කිරීම
  • ළමා අංශය ප්‍රතිසංවිධානය කිරීම
  • පුස්තකාල සාමාජිකත්වය ලියාපදිංචි කිරීම
  • වර්ණකේත යෙදීම

පාසල් සිසුන්ට පුස්තකාලයේ ගත කරන සීමිත කාලයකදී අදාල විෂය හෝ වෙනත් පොත් සොයා ගැනීමට පහසු වෙන සේ අදාල විෂයන් වෙනුවෙන් වර්ණ කේත යෙදීම නිසා අදාල පොත ඉතාම ඉක්මනින් ලබා ගැනීමේ පහසුව ලැබී තිබේ. විෂය අනුව වර්ණ යෙදීම නිසා වැරදීමකින් හෝ පොතක් වෙනත් රාක්කයක ස්ථානගතව තිබුනොත් එය ඉතාම ඉක්මනින් හඳාුනා ගැනීමේ පහසුව ලැබී තිබේ. ඒ නිසා විදුහලේ සිසුන්ට තමන්ට අවශ්‍ය විෂය පොත් පහසුවෙන් සහ ඉක්මනින් සොයා ගැනීමේ පහසුව දැන් ලැබී තිබේ.

ළමා අංශය අලුත් වෙලා..

කියවීම පුරුදු කළ යුත්තේ බාලවයසේ පටන් වුනත් පුංචි දරුවන් එක් තැනක රඳවා තබා ගැනීම පහසු කාර්යක් නොවේ. පුස්තකාල කාල පරිච්ඡේදයට පුස්තකාලයට පැමිණියත් සම්ප්‍රදායානුකුල මේසයක් පුටුවක් මත රැඳී සිටිනවාට වඩා අලුත් පරිසරයක් නිර්මාණය කළ විට දරුවන් පොත පත කියැවීමට නැඹුරු කර ගැනීම පහසු බැව් මෙම ගුරු සිසුන් විසින් තේරුම් ගත් කරුණක්. ඒ නිසා ඔවුන් ළමා අංශය වෙනුවෙන් බස් රථයක ආකෘතියක් නිර්මාණය කරන ලදී. ඒ අනුව නිර්මාණය කළ බස් රථයක ආකෘතිය දරුවන්ගේ සිත් ඇද ගන්නා සුලු අන්දමින් නිර්මාණය කර ගැනීමට ඔවුන් සමත් විය. ඒ නිසා පෙර පරිදි මේස පුටු වෙනුවට බස් රථයට නැගීමට ඇති ආසාව නිසා පොත් පත් සමග දරුවන් බසයට ගොඩ නගින්නට දැන් සූදානම්..

පුන්‍යා චාන්දනී ද සිල්වා

පුවත්පතක නම පළ කර ගැනීමේ සිහිනයක් කුඩා කාලයේ පටන්ම පැවැතුණි. වෘත්තියෙන් පුස්තකාලයාධිපති ලෙසින් වෘත්තිමය ජීවිතය ඊට තවත් උපකාරී විය. පොත් පත් අතරේ සිටින විට කියවන ලියන උනන්දුව තව තවත් වැඩි වීය. මේ පරිසරය නිසාම විවිධ පුවත්පත් සඟරා සහ වෙබ් පිටු වෙත විහේෂාංග ලේඛිකාවක ලෙසින් කටයුතු කිරීමට ලැබීම සැබෑම වාසනාවක් සේ සලකමි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.