බිම්බෝම්බ ඉවකර සොයාගන්නා අප්‍රිකාවේ වීර මීයෝ

මීයෝ කියන්නෙ අපිට පේන්න බැරි සත්තු ජාතියක් නේද? කිසිම දෙයක් තියාගන්න නැහැ කාලා දානවා. අනික ඔය සත්තුන්ගෙන් මොන මොන ලෙඩ හැදෙනවද? නමුත් අපි ඒ දන්න කියන මීයො වගේ නෙවෙයි. මේ ලිපියෙන් කියන්නෙ ‘වීර මීයෝ‘ කට්ටියක් ගැනයි.
බෝම්බ ඉව කරන මෙම වීර මීයන් විසින් ලොව පුරා මිනිසුන් දහස් ගණනකගේ ජීවිත බේරාගෙන තිබෙනවා. APOPO, කියන්නෙ බෙල්ජියමේ තියෙන රාජ්‍ය නොවන සංවිධානයක් (NGO). ඒ ආයතනයෙන් තමයි යෝධ අප්‍රිකානු මීයන් බිම් බෝම්බ සෙවීම සඳහා පුහුණු කරවනු ලබන්නේ. හිතන්න මේ කාරණය සුළුපටු නැහැ. ඒ වගේම එය සැබෑ කරගන්න පුළුවන් සිතුවිල්ලක්. ඉතින් ඔවුන් 1997 ඉඳන් වැඩ පටන් ගත්තා. දැන් ඒ ආයතනයේ පුහුණුව ලබපු මීයන්ට පුළුවන් මිනිත්තු 20 කදී වර්ග මීටර් 200ක වපසරියක් පරීක්ෂා කර බලන්නට. ඒක හරියට පැය 25ක් ගත කරමින් මිනිස් බිම්බෝම්බ සොයන්නෙකු වැඩ කරනවා වගේ.
මේ රාජකාරියේදී කිසිම වීර මියෙක් මරණයට පත් වන්නේ නැහැ. සාමාන්‍ය බිම් බෝම්බයකට කිලෝග්‍රෑම් 5 ක පමණ බරක් අවශ්‍ය වෙනවා එය පුපුරා යන්න. නමුත් මෙහි සිටින බරැතිම පිිරිමි මීයාගේ බර වෙන්නෙ කිලෝග්‍රෑම් 1.5 යි. ඉතින් ඒවා පුපුරන්න හැකිවන්නෙ නැහැ. මීට අමතරව සඳහන් කළ යුත්තේ, මීයන්ගෙ සමේ පිළිකා තත්ත්වයන් ඇතිවිය හැකි බැවින්, සුර්ය කිරණ වලට ඔරොත්තු දීම සඳහා ප්‍රතිකාර සපයනවා.
මේ මීයන් වයසට ගියාම, එහෙමත් නැත්නම් වැඩ කරන්න අමාරු තත්ත්වයක නම් ඉන්නෙ එයාලට විශ්‍රාම යන්නත් පුළුවනි. නිකන්ම නෙවෙයි. හොඳ කෑම බීම සමඟ සාමාන්‍ය සැහැල්ලු ජීවිතයක් ගත කරන්න පුළුවනි.
වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න : apopo.org | Facebook | Instagram | Twitter
2013 වාර්තා අනුව දිනකට බිම්බෝම්බ අනතුරු 9ක් පමණ සිදු වෙනවා
මෙම වීර මීයන් අප්‍රිකාවේ බිම් බෝම්බ සෙවීමට උපකාර කරනවා.
එයාල කවදාවත් තමන්ගෙ රාජකාරි සිදු කරන වෙලාවෙදි බිම් බෝම්බයකට අහුවෙලා මිය ගිහින් නැහැ.

සාමාන්‍ය බිම්බෝම්බයක් පුපුරන්න කිලෝ්ග්රෑම් 5ක් විතර බරක් ඕනෙ. නමුත් මේ මීයන් උපරිම බර කිලෝ 1.5ක් විතර වෙන්නෙ.
මෙයාලා කම්මැලි නැහැ. මිනිස්සුන්ට වඩා මහන්සි වෙලා රාජකාරිය අකුරටම ඉටු කරනවා.
මිනිත්තු 20 කදී වර්ග මීටර් 200ක් පරීක්ෂා කරල බලනවා.
