ADA LOVELACE: ඉලක්කම් ඉන්ද්‍රජාලිකාව හෙවත් ලොව පළමු පරිගණක ක්‍රමලේඛිකාව
පරිගණකය හා තොරතුරු තාක්ෂණය ගැන කතා කරද්දි අපට අමතක කරන්නම බැරි චරිතයක් තමයි Ada Lovelace නමැති කාන්තාව. ඇය තමයි ලෝකයේ පළමු පරිගණක වැඩසටහන් ක්‍රමලේඛිකාව යන විරුදාවලිය ලබන්නේ. ඇය විසින් තමයි පළමුවෙන්ම පැරණි ගණක යන්ත්‍රයක් සඳහා ක්‍රමලේඛයක් සකස් කළේ. ඇත්තටම, කවුරු හරි පළවෙනියා වෙන්න ඕනෙ තමයි. ඒත් ඇඩා කියන්නෙ කාන්තාවක්. ඒ වගේම ඇය ජීවත් වුණේ 1840 ගණන්වලයි. ඇය ගොඩක් ගණිතයට අති දක්ෂ තැනැත්තියක් බව නම් විශ්වාසයි.
Ada Byron හට ක්‍රේම්බ්‍රිජ් හි ගණිතඥයෙකු වූ මහාචාර්ය Charles Babbage මුණ ගැහෙන විටගොඩක් තරුණ වයසේ හිටියේ. චාල්ස් බැබේජ් තමයි පරිගණකයේ පියා ලෙසින් හඳුන්වන්නේ. ඔහු විසින් Difference Engine නමැති යන්ත්‍රය සොයාගනු ලැබුවා. එමඟින් ගණිත වගු ස්වයංක්‍රීයව සහ වැරදි සිදුවීම් ඉතා අවම මට්ටමෙන් යුතුව නිර්මාණය කරගත හැකි වූවා. නමුත් එවකට බැබේජ් හට පැවති මූල්‍ය ගැටළු නිසා ඔහු නිර්මාණය කරන්නට අදහස් කළ යන්ත්‍රය නොවෙයි නිර්මාණය වුණේ. ඒ නිසා 1834 දී ඔහු විසින් Analytical Engine නමින් යන්ත්‍රයක් නිපදවූවා. එය තමයි පළමු සාමාන්‍ය පරිගණකය කියා සළකන්නේ. එය විසින් punch card නම් ක්‍රමයකින් ආදාන සහ ප්‍රතිදාන ලබාගැනීම සිදු කලා. මේ යන්ත්රයටත් මූල්‍ය ගැටලු පැවති නිසා නිර්මාණය වූයේ නැහැ. (බැබේජ්ගේ Difference Engine එක අවසානයේදී 1985 දී නිර්මාණය වූ අතර එය සාර්ථකව ක්‍රියාත්මක විය.)
දක්ෂ තරුණ කාන්තාවක් ගැන බැබේජ් ගේ හිත ගියේ මේ කාලයේදීයි. එයාලා අවුරුද්දක් විතර ආශ්‍රය කළා. ඒ අතරේ ගණිතය සහ පරිගණක ගැන සාකච්ඡා කිරීමේ ප්රතඵලයක් වශයෙන් තමයි Analytical Engine නම් යන්ත්‍රය නිර්මාණය වුණේ. 1842 දී බැබේජ් විසින් මේ යන්ත්‍රය යොදාගෙන ටියුරින් විශ්වවිද්‍යාලයේදී දේශනයක් කළා. එතකොට ඇඩා ට වයස අවුරුදු 20 අග භාගයේ හිටියේ. ඇයට කේත ඉංග්‍රීසි බසට පරිවර්තනය කිරීම සඳහා හැකියාවක් තිබුණා. ඒ නිසා ඇය තමන්ගේම සටහන් දේශනයේදී සකස් කරගත්තා. ඒ සටහන් 1843 දී මුද්‍රණයෙන් පළ වුණා.
ඇඩා ගේ සටහන් ඉතාම පැහැදිලි වුණා විතරක් නොවෙයි, පහසුවෙන් කියවා අවබෝධ කරගත හැකි වූවා. ඒ වගේම ඇය Analytical Engine එක ගැන සහ බැබේජ්ව ඉතා හොඳින් තේරුම් ගත්තා. වැඩිදුරටත් ඇය තේරුම් ගත්තා පරිගණක විසින් සිදු කරන කාර්යයන් පිළිබඳව. ඇය විසින් Bernoulli අංක ගණනය කළ හැකි වැඩසටහනක් සඳහා දත්ත ආදාන ලබා දීම පිළිබඳව යෝජනා ලබා දුන්නා. එය වර්තමානයේදී පළමු පරිගණක වැඩසටහන ලෙසින් හඳුන්වනු ලබනවා.
බැබේජ් ගොඩක් ඇඩා කෙරෙහි කැමැත්තක් දැක්වූවා. ඔහු ඇයව හැඳින්වූයේ “ඉලක්කම් ඉන්ද්‍රජාලිකාව“ (“The Enchantress of Numbers.”) විදිහටයි.
මේ වගේ තරුණ කාන්තාවක් 19 වෙනි සියවසේදී ලෝකයට තමන්ගෙ හැකියාවන් පෙන්නන්න අවස්ථාවක් ලබා ගත්තෙ කොහොමද? ගණිත බුද්ධිය පමණක් ඒ සඳහා ඉවහල් වූයේ නැහැ. ඇයගේ දක්ෂතාවයන් ජානගතව පැමිණි දෙයක් විය හැකියි. ඇය ප්‍රසිද්ධ කවියෙකු වූ Lord Byron ගේ සහ ඔහුගේ පළමු බිරිඳ වූ Anne Isabella Noel Byron ගේ දියණියක්. මේ දෙපළම හොඳ අධ්‍යාපනයක් ලැබූ අය සහ රදල පන්තියේ අය වුණා. නමුත් ඇඩා ඉපදී ටික දවසකින් ඒ විවාහය බිඳී ගියා.
Byron මැතිණිය, සාහිත්‍යය, විද්‍යාව, දර්ශනය සහ කාන්තාවකට අසාමාන්‍ය වූ ගණිතය පිළිබඳව ඉගෙන ගත්තා. මේ නිසා ඇඩා විසින් තම පියාගේ අඩි පාරේ ගමන් නොකළ බව පැහැදිලියි. කලාව සහ සාහිත්‍යය වෙනුවට ඇය ගණිතය සහ විද්‍යාවට ඇලුම් කළා. ඇඩා 1835 දී 8 වෙනි බාරොන් රජු වූ විළියම් රජු සමඟ විවාහ වුණා. එයාලට දරුවන් තිදෙනෙක් සිටියා. ඇයගේ ස්වාමි පුරුෂයා Lovelace හි අර්ල් වරයා වශයෙන් උසස් වීමක් ලැබූ නිසා Lovelace යන නම ඇයට ලැබුණා. මේ නිසා ඇයගේ පෙළපත් නාම වශයෙන් Lovelace යන්න ඉතිහාස පොත් පත් වල සටහන් වූවා.
ඇඩා වයස අවුරුදු 36 දී පිළිකාවක් නිසා 1852 වසරේදී මිය ගියා. නමුත් වසර 150 කටත් වඩා ගත වූ අද දවසේත් විද්‍යාව සහ ඉංජිනේරු තාක්ෂණය වෙනුවෙන් ඇගෙන් සිදුවූ සේවය සිහි කිරීම සඳහා ඔක්තෝබර් 13 වැනි දින ඇඩා දිනය (Ada Lovelace Day) සමරනු ලබනවා. මෙය පළමුවෙන්ම සමරන ලැබූයේ 2009 වර්ෂයේ දී ය.