අපි ගැන

ආයුබෝවන්! ඔන්ලයින් ඩිජිටල් ළමා අධ්‍යාපනික සඟරාවට ඔබ සාදරයෙන් පිළිගනිමු.

දැනුම ගවේෂණය කරන්නෙකු හට පොත පත මෙන් ම වත්මන් ඩිජිටල් ලෝකය තුළ අන්තර්ජාලය ද අතිශය ප්‍රයෝජනවත් උපකරණයක් බව අප සැම දන්නා කරුණකි. බොහෝ පිරිසක් අන්තර්ජාලය භාවිතය අකටයුත්තක් සේ සළකන නමුත්, නිසි පරිදි භාවිතා කරන්නෙකු හට මහඟු ඵල ප්‍රයෝජන ලබා ගත හැකිය.

නමුත්, ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ භාෂාමය අර්බුධයයි. එනම් අන්තර්ජාලය පරිහරණටයේ දී සිංහල අන්තර්ගතයන් අවම වීමයි. මෙම කරුණ ද සිහි තබා ගනිමින් අධ්‍යාපනය ලබන දරු දැරියන් හට දැනුම සහ විනෝදය ලබා ගත හැකි පරිදි සිංහල අන්තර්ගතයන් සහිත වෙබ් අඩවියක් මෙලෙස නිර්මාණය කෙරිණි. ඒ අනුව අපගේ මූලික අරමුණ වනුයේ, අනාගත පරපුර ඩිජිටල් තාක්ෂණය භාවිතා කිරීමේදී ඔවුන්ගේ දැනුම වර්ධනය කිරීම සහ ප්‍රයෝජනවත් කාර්යයක නිරත කරවීමයි.

අන්තර්ජාලය තුළින් ම මුණගැසුණු සහ ලේඛන කලාව තම විනෝදාංශය කරගත් මිතුරු මිතුරියන් සමූහයක් විසින් ස්වේච්ඡාවෙන් මෙම වෙබ් අඩවියේ අන්තර්ගතයන් සංවර්ධනය කිරීම සිදු කරනු ලබයි. ඔබටත් අප සමඟ එක් වීමට අවශ්‍ය නම්, ආරාධිත ලේඛක පිටුව ඔස්සේ සම්බන්ධ වන ලෙස ආරාධනා කර සිටිමු.

අපේ කණ්ඩායම

ජී. ලක්මිණ ජයමාල්

ප්‍රධාන පරිපාලක, ප්‍රධාන කර්තෘ

නිමේෂ් කේ. අමරසිංහ

වෙබ් අඩවි සංවර්ධක